BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
විදේශ

ඉතියෝපියාව සහ එරිත්‍රියාව අතර ගැටුමක සළකුණු

T

The Leader Desk

January 16, 2026 • 4:16 AM

ඉතියෝපියාව සහ එරිත්‍රියාව අතර ගැටුමක සළකුණු

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එරිත්‍රියාවෙන් එවන ලද ජීව උණ්ඩ වට දහස් ගණනක් අත්අඩංගුවට ගත් බව ඉතියෝපියා පොලිසිය පවසයි. ඒවා, ඉතියෝපියාවේ අම්හරා කලාපයේ කැරළිකරුවන් වෙත ඒවා ඇතැයි ද පොලිසිය චෝදනා කරයි.
  • 2018 සිට දෙරට අතර සාම ගිවිසුමක් ක්‍රියාත්මක වෙමින් පැවති අතර එය සීතල යුද්ධයකට ද මග පෑදීය.
  • එරිත්‍රියාවෙන් ඒවා තිබූ ජීව උණ්ඩ වට 56,000ක් අත්අඩංගුවට ගත්  බව, ඉතියෝපියානු පොලිසිය  බදාදා (14) නිවේදනය කළේය.
  • එම කලාපයේ ක්‍රියාත්මක ෆානෝ කැරළිකරුවන් 2023 සිට අභ්‍යන්තර කැරැල්ළක නිරතව සිටිති.
අකුරු ප්‍රමාණය (Font Size):


එම චෝදනා ප්‍රතික්ෂේප කරන එරිත්‍රියාව එය, නව ගැටුමක සමාරම්භය සනිටුහන් කිරීම පිණිස ගොතන ලද්දක් බව කියයි.

ඉතියෝපියානු ෆෙඩරල් පොලිසිය මගින් සිදු කරන ලද මෙම වැටලීමත්  සමග, දෙරට අතර විරසකය වර්ධනය වෙමින් පවතී. ඉතියෝපියාව සහ එරිත්‍රියාව දිගු කාලීන පස-මිතුරෝ  වෙති. 2018 සිට දෙරට අතර සාම ගිවිසුමක් ක්‍රියාත්මක වෙමින් පැවති අතර එය සීතල යුද්ධයකට ද මග පෑදීය.

එරිත්‍රියාවෙන් ඒවා තිබූ ජීව උණ්ඩ වට 56,000ක් අත්අඩංගුවට ගත්  බව, ඉතියෝපියානු පොලිසිය  බදාදා (14) නිවේදනය කළේය. මෙම සතියේ අම්හරා කලාපයේදී සැකකරුවන් දෙදෙනකු ද අත්අඩංගුවට ගැනිණි. එම කලාපයේ ක්‍රියාත්මක ෆානෝ කැරළිකරුවන් 2023 සිට අභ්‍යන්තර කැරැල්ළක නිරතව සිටිති. අත්අඩංගුවට පත් කැරළිකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමේදී, එම ජීව උණ්ඩ තොගය එරිත්‍රියා රජය විසින් එවන ලද බවට තොරතුරු අනාවරණය වී තිබේ.


එරිත්‍රියාවට ප්‍රහාර එල්ල කිරීමේ චේතනාවෙන් එම චෝදනා ගොනු  කර ඇතැයි රජය පවසයි.

මෙම සතියේ රාජ්‍ය මාධ්‍ය හා සම්මුඛ සාකච්ඡාවකට එක්වූ එරිත්‍රියා ජනපති ඉසයියස් අෆ්වර්කී (Isaias Afwerki ), ඉතියෝපියාව සිය රටට එරෙහිව යුද ප්‍රකාශ කර ඇතැයි කියා සිටියේය. මේ මොහොතේ එවැන්නක් අනවශ්‍ය බවත්, එහෙත්, අභියෝගයේදී ජාතිය ආරක්ෂා කරන අන්දම දන්නා බවත් ඔහු කියා සිටියේය.

ඉසයියස් අෆ්වර්කී
1998 ඇරඹි දෙරට අතර දේශසීමා ගැටුම පස් වසරක් පැවතියේය. ගැටුම ජයගත් එරිත්‍රියාව, ඉතියෝපියාවෙන් නිදහස ලැබීය. අනතුරුව 2020-22 ඉතියෝපියානු සිවිල් යුද්ධයේදී, එරිත්‍රියානු හමුදා, ඉතියෝපියානු හමුදාවේ සහායට  එක්වූහ.


(සටහන |Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
1/16/2026
(harshaprs@yahoo.com)

මුලාශ්‍රය :

Ethiopia accuses Eritrea of arming rebels in escalating war of words

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...