දහස් ගණනක් මගී ජනතාව සහ කාර්යාල සේවකයෝ ඉන් මහත් අපහසුතාවට පත් වූහ. විදුලිය ඇණහිටීමට හේතුව ගින්නක් බව වාර්තා වේ.
නැගෙනහිර ජපාන දුම්රිය සේවයට අයත් යමනෝතේ සහ කෙහින් - තොහොකු මාර්ගයේ සියළු දුම්රිය සේවා එසේ අවහිර විය. දුම්රිය යළි ක්‍රියාත්මක කෙරෙන කාලසටහන් පිලිබඳ නිවේදන ප්‍රමාදව පවතී.

තමාචි දුම්රිය ස්ථානය අසල එරට වේලාවෙන් අද උදෑසන 8ට පමණ දුම්රිය මාර්ගයේ ගින්නක් වාර්තා වීමත් සමග එම තත්ත්වය උද්ගත විය. ගින්න හට ගෙන ඇත්තේ දුම්රිය මාර්ගයට යාබදව පිහිටි විදුලි ට්‍රාන්ස්ෆෝර්මරයක ය. මිනිත්තු 30ක පමණ කාලයකින්, එය මුළුමනින්ම පාලනය කළ බව බලධාරීහු පැවසූහ.

දුම්රිය සේවා අක්‍රීය වීමත් සමග දුම්රිය මගීන් මුදා ගැනීමට කටයුතු කෙරිණි. ගිනි නිවන හමුදා සහ දුම්රිය කාර්ය මණ්ඩල සහායයෙන් ඔවුන් දුම්රියෙන් බැස, එම මාර්ග ඔස්සේ ආරක්‍ෂිත ස්ථාන කරා ගමන් කරනු දක්නට ලැබිණි.
යමනෝතේ දුම්රිය මාර්ගය ෂින්ජුකු දුම්රිය ස්ථානය ඔස්සේ දිව යන්නේය. ෂින්ජුකු දුම්රිය ස්ථානයේ දෛනික මගී ධාරිතාව මිලියන 3.5කි. කෙහින් - තොහොකු මාර්ගයද, තෝකියෝ සහ යොකොහාමා යන ප්‍රධාන දුම්රිය ස්ථාන කේන්ද්‍ර කොට ක්‍රියාත්මක ය.

(සටහන |Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
1/16/2026
(harshaprs@yahoo.com)
මුලාශ්‍රය :
Power outage halts Tokyo commuter train lines, disrupting thousands




