BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
විදේශ

යුරෝපීය ජාතීන් ග්‍රීන්ලන්තයට අතිරේක හමුදා යවයි

T

The Leader Desk

January 16, 2026 • 7:16 AM

යුරෝපීය ජාතීන් ග්‍රීන්ලන්තයට අතිරේක හමුදා යවයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජර්මනිය, ප්‍රංශය ඇතුළු නේටෝ සාමාජික රටවල් වහාම ග්‍රීන්ලන්තය වෙත තම හමුදා යවා තිබේ.
  • මේ වනවිටත් ජර්මනිය සෙබළුන් 13 දෙනෙකු ද, ප්‍රංශය සෙබළුන් 15 දෙනෙකු ද ඊයේ ග්‍රීන්ලන්තය වෙත යවා ඇත.
  • මීට අමතරව ස්වීඩනය, නෝර්වේ, නෙදර්ලන්තය සහ කැනඩාව ද මෙයට ප්‍රතිචාර දක්වා ඇති බව වාර්තා වේ.
  •   අමෙරිකාව, කැනඩාව සහ යුරෝපීය රටවල්වලින් සමන්විතව සාමාජික රටවල් 32ක් නේටෝ ආරක්ෂක සන්ධානයේ කොටස්කරුවන්වේ.
අකුරු ප්‍රමාණය (Font Size):


ග්‍රීන්ලන්තයේ ආරක්ෂාව භාර ඩෙන්මාර්කය මේ වනවිට අමෙරිකාවට එරෙහිව සන්නද්ධ වෙමින් සිටින බව විදෙස් වාර්තාවල දැක්වේ.

මේ වනවිටත් ජර්මනිය සෙබළුන් 13 දෙනෙකු ද, ප්‍රංශය සෙබළුන් 15 දෙනෙකු ද ඊයේ ග්‍රීන්ලන්තය වෙත යවා ඇත. මීට අමතරව ස්වීඩනය, නෝර්වේ, නෙදර්ලන්තය සහ කැනඩාව ද මෙයට ප්‍රතිචාර දක්වා ඇති බව වාර්තා වේ.

 

අමෙරිකාව, කැනඩාව සහ යුරෝපීය රටවල්වලින් සමන්විතව සාමාජික රටවල් 32ක් නේටෝ ආරක්ෂක සන්ධානයේ කොටස්කරුවන්වේ. නේටෝවේ 5 වන වගන්තියට අනුව, සාමාජික රටකට එල්ල වන ප්‍රහාරයක් සියලුම සාමාජිකයින්ට එල්ල වූ ප්‍රහාරයක් ලෙස සලකන අතර, ඒ සඳහා සහායක රටවල සහයෝගය අනිවාර්යයි.

කලාපීය ආරක්ෂාව ශක්තිමත් කරන ලෙස ඩෙන්මාර්කය කළ ඉල්ලීමකට අනුව ජර්මානු ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රතිචාර දක්වන බව වාර්තාවල දැක්වේ. එහිදී ජර්මනිය හමුදා නිරීක්ෂණ කටයුතු සිදු කිරීමට නියමිතය.

 



මේ අතර, ස්වීඩන් අගමැති උල්ෆ් ක්‍රිස්ටර්සන් පවසා ඇත්තේ ස්වීඩන් සන්නද්ධ හමුදා බදාදා දින ග්‍රීන්ලන්තයට පැමිණෙන බවයි. ඔවුන් මිත්‍ර රටවල් කිහිපයකින් සමන්විත කණ්ඩායමක කොටසක් වන අතර, ඩෙන්මාර්කයේ ඔපරේෂන් ආක්ටික් එන්ඩියුරන්ස් අභ්‍යාසය යටතේ ඉදිරි කටයුතු සඳහා සූදානම් වනු ඇත. එංගලන්තය සහ නෝර්වේ රටවල් ‘ආක්ටික් සෙන්ට්‍රි’ නේටෝ මෙහෙයුමට සහය දක්වන බව වාර්තා වේ.

මෙම හමුදා සහයෝගීතාවය හරහා රුසියානු තර්ජනවලට මුහුණ දීමටත්, ග්‍රීන්ලන්තය ආරක්ෂා කිරීමට යුරෝපය කැපවී සිටින බවට අමෙරිකාවට සහතිකයක් ලබා දීමටත් බලාපොරොත්තු වේ.

චීනය හෝ රුසියාව ග්‍රීන්ලන්තය අත්පත් කර ගැනීමට පෙර, ජාතික ආරක්ෂක අරමුණු වෙනුවෙන් අමෙරිකාව එය ලබා ගත යුතු බව ට්‍රම්ප් අවධාරණය කර ඇත. තම රට ගොඩනඟන ගෝල්ඩන් ඩෝම් ආරක්ෂක පද්ධතිය සඳහා ග්‍රීන්ලන්තය අත්‍යවශ්‍ය බව ට්‍රම්ප් පවසා තිබේ.

 

denmark fm

ඩෙන්මාර්ක සහ ග්‍රීන්ලන්ත නිලධාරීන්, ඇමරිකානු උප ජනාධිපති ජේ.ඩී. වෑන්ස් සහ රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ හමුවීමෙන් පසු පවසා ඇත්තේ, ඇමරිකානු ස්ථාවරය වෙනස් කිරීමට තමන්ට නොහැකි වූ බවයි. "ජනාධිපතිවරයාට ග්‍රීන්ලන්තය යටත් කර ගැනීමේ දැඩි වුවමනාවක් ඇති බව පැහැදිලියි," යැයි ඩෙන්මාර්ක විදේශ අමාත්‍ය ලාර්ස් ලොක්කේ රස්මුසන් පවසයි.

ට්‍රම්ප්ගේ පක්ෂයේම සාමාජිකයන් පවා ග්‍රීන්ලන්තය අත්පත් කර ගැනීමට විරුද්ධත්වය පළකර තිබේ.

නෙබ්‍රස්කා ප්‍රාන්තයේ 62 හැවිරිදි රිපබ්ලිකන් නියෝජිත ඩොන් බේකන් පවසා ඇත්තේ, ජනාධිපතිවරයා ග්‍රීන්ලන්තය අත්පත් කර ගැනීමට හමුදා බලය භාවිතා කළහොත් ඔහුට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට තමා කටයුතු කරන බවයි.

| hirunews

මුලාශ්‍ර :

European military personnel arrive in Greenland as Trump says US needs island

European troops arrive in Greenland as talks with US hit wall over future

European nations send additional troops to Greenland as US annexation threats escalate

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...