ධවල මන්දිරයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පවසා ඇත.
කෙසේ නමුත් නව තීරුබදු පනවනු ලබන්නේ කුමන රටවලටද යන්න හෝ එම එම රටවලට එරෙහිව අනුගමනය කරන බදු ප්‍රතිපත්තිය කුමක්ද යන්න හෙළිකර නොමැත.
ග්‍රීන්ලන්තය අත්පත් කරගැනීමේ ට්‍රම්ප්ගේ තීරණයට ඩෙන්මාර්කය සහ ග්‍රීන්ලන්තය ඇතුළු රටවල් රැසක් සිය විරුද්ධත්වය දැනටමත් ප්‍රකාශයට පත්කර තිබේ.
අමෙරිකාවේ ආරක්ෂාව සඳහා ග්‍රීන්ලන්තය අත්‍යවශ්‍ය බව ට්‍රම්ප් පැවසූ අතර, එය පහසු වුවත් අපහසු වුවත් කෙසේ හෝ අත්පත් කරගන්නා බව ට්‍රම්ප් අවස්ථා රැසකදී පවසා තිබුණි.
"ජාතික ආරක්ෂාව සඳහා අපට ග්‍රීන්ලන්තය අවශ්‍යයි. ග්‍රීන්ලන්තය සමග ඔවුන් එකග නොවන්නේ නම්, මට එම රටවල් මත තීරුබදු පැනවිය හැකියි" ට්‍රම්ප් ඊයේ පැවසීය.
ග්‍රීන්ලන්තය ජනාකීර්ණ නොවන නමුත් සම්පත් වලින් පොහොසත් භූමියකි.
උතුරු ඇමරිකාව සහ ආක්ටික් අතර පිහිටා ඇති ග්‍රීන්ලන්තය, මිසයිල ප්‍රහාරවලදී අමෙරිකාවට පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධති සඳහා සහ කලාපයේ යාත්‍රා නිරීක්ෂණය කිරීමට සුදුසු ස්ථානයක් ලෙස සැලකෙයි.
සබැඳි පුවත් :
යුරෝපීය ජාතීන් ග්‍රීන්ලන්තයට අතිරේක හමුදා යවයි
මුලාශ්‍ර :
Trump threatens new tariffs on countries opposed to Greenland takeover
US President Donald Trump Threatens Tariffs On Countries Opposing US Claim On Greenland
Trump threatens tariffs against those who oppose him taking Greenland




