BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
විදේශ

දින දෙකක් තුළ බංගලාදේශයේ දෙවැනි හින්දු ජාතිකයාත් ඝාතනය වේ

T

The Leader Desk

January 18, 2026 • 4:00 AM

දින දෙකක් තුළ බංගලාදේශයේ දෙවැනි හින්දු ජාතිකයාත් ඝාතනය වේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • බංග්ලාදේශයේ ගාසිපූර් (Gazipur) දිස්ත්‍රික්කයේදී සිය වෙළඳසැලේ සේවය කළ නව යොවුන් සේවකයෙකු බේරා ගැනීමට
  • ඉන්දීය මාධ්‍ය අනුව ඊයේ (17) දිනයේ මෙසේ ඝාතනය කර ඇත්තේ ‘බයිෂාකි ස්වීට්මීට් ඇන්ඩ් හොටෙල්’ (Baishakhi Sweetmeat and Hotel) ආයතනයේ හිමිකරු වන ලිටන් චන්ද්‍ර ගෝෂ් (Liton Chandra Ghosh) හෙවත් කාලි නැමැති අයෙකි.
  • පසුව එම ආරවුල ගුටි බැට හුවමාරුවක් දක්වා දුරදිග ගොස් ඇත.
  • ඒ මොහොතේම මසුම් මියාගේ දෙමාපියන් වන මොහොමඩ් ස්වපාන් මියා (55) සහ මජේදා ඛාතුන් (45) එම ස්ථානයට පැමිණ පහරදීමට සම්බන්ධ වී ඇති බව වාර්තා වේ.
අකුරු ප්‍රමාණය (Font Size):

උත්සාහ කළ 55 හැවිරිදි හින්දු ජාතිකයෙකුට පහර දී මරා දමා ඇති බව එරට පොලිසිය පවසයි.

ඉන්දීය මාධ්‍ය අනුව ඊයේ (17) දිනයේ මෙසේ ඝාතනය කර ඇත්තේ ‘බයිෂාකි ස්වීට්මීට් ඇන්ඩ් හොටෙල්’ (Baishakhi Sweetmeat and Hotel) ආයතනයේ හිමිකරු වන ලිටන් චන්ද්‍ර ගෝෂ් (Liton Chandra Ghosh) හෙවත් කාලි නැමැති අයෙකි.

සුළු ආරවුලක් මරණයකින් කෙළවර වෙයි

පොලිසිය සහ ඇසින් දුටුවන් පවසන පරිදි, සිද්ධිය ආරම්භ වී ඇත්තේ පෙරවරු 11 ට පමණ 28 හැවිරිදි මසුම් මියා නැමැත්තෙකු පැණිරස කෑම අලෙවිසැලට පැමිණ එහි සිටි 17 හැවිරිදි අනන්ත දාස් නැමැති සේවකයා සමඟ සුළු කරුණක් සම්බන්ධයෙන් බහින්බස් වීමත් සමඟය. පසුව එම ආරවුල ගුටි බැට හුවමාරුවක් දක්වා දුරදිග ගොස් ඇත.

ඒ මොහොතේම මසුම් මියාගේ දෙමාපියන් වන මොහොමඩ් ස්වපාන් මියා (55) සහ මජේදා ඛාතුන් (45) එම ස්ථානයට පැමිණ පහරදීමට සම්බන්ධ වී ඇති බව වාර්තා වේ.

මැදිහත් වූ හිමිකරුට එල්ල වූ ප්‍රහාරය

තත්ත්වය පාලනය කිරීමට සහ සිය සේවකයා ආරක්ෂා කිරීමට ලිටන් ගෝෂ් ඉදිරිපත් වූ අවස්ථාවේදී ඔහුටද ප්‍රහාරය එල්ල වී ඇත. පොලිසිය සඳහන් කළේ ඔහුට උදලු පහරක් එල්ල වී ඇති අතර, එම බරපතල තුවාල හේතුවෙන් ඔහු එම ස්ථානයේදීම මියගොස් ඇති බවයි.

ප්‍රදේශවාසීන් එක්ව සැකකරුවන් තිදෙනා (මසුම් මියා සහ ඔහුගේ දෙමාපියන්) අල්ලා පොලිසියට භාර දී ඇත. කාලිගන්ජ් පොලිස් ස්ථානයේ නිලධාරී මොහොමඩ් සාකීර් හොසේන් තහවුරු කළේ මේ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගනිමින් පවතින බවයි.

දින දෙකක් තුළ සිදුවූ දෙවන ඝාතනය

මෙම සිද්ධියත් සමඟ ප්‍රදේශයේ දැඩි නොසන්සුන්කාරී තත්ත්වයක් හටගෙන ඇත්තේ පෙරදින එනම් සිකුරාදා ද තවත් හින්දු ජාතිකයෙකු ඝාතනයට ලක්වීම හේතුවෙනි.

ඉන්ධන පිරවුම්හලක සේවය කළ 30 හැවිරිදි රිපන් සහා නැමැත්තා, ඉන්ධන ලබාගෙන මුදල් නොගෙවා පලායාමට උත්සාහ කළ වාහනයක් නැවැත්වීමට උත්සාහ කිරීමේදී එම වාහනයට යටකර මරා දමා තිබුණි.

සුළුතර හින්දු ප්‍රජාවට එල්ල වන ප්‍රහාර ගැන කනස්සල්ල

බංග්ලාදේශයේ සුළුතර හින්දු ප්‍රජාව ඉලක්ක කරගනිමින් එල්ල වන ප්‍රහාර මාලාවක අලුත්ම සිදුවීම මෙයයි. එරට ජන සංගණන දත්ත වලට අනුව මිලියන 13.13 ක හින්දු ජනතාවක් වසන අතර එය මුළු ජනගහනයෙන් 7.95% කි.

බංග්ලාදේශ හින්දු බෞද්ධ ක්‍රිස්තියානි සමගි කවුන්සිලය පවසන්නේ, මහා මැතිවරණය ආසන්නවත්ම සුළුතර ඡන්දදායකයින් බිය ගැන්වීමේ අරමුණින් මෙවැනි වාර්ගික ප්‍රචණ්ඩ ක්‍රියා ඉහළ ගොස් ඇති බවයි.

මෑත කාලීන ප්‍රචණ්ඩත්වය

බංග්ලාදේශයේ මෑතකාලීන දේශපාලන පෙරළිය සහ ෂීක් හසීනා රජය ඉල්ලා අස්වීමෙන් පසු ඇති වූ අස්ථාවරත්වය තුළ, හින්දු භක්තිකයන්ගේ නිවාස, ව්‍යාපාරික ස්ථාන සහ දේවස්ථාන ඉලක්ක කරගනිමින් ප්‍රහාර මාලාවක් දියත් විය. මෙම ප්‍රචණ්ඩත්වය හුදු ආගමික ගැටුමකට එහා ගිය, දේශපාලන අරමුණු සහිත ක්‍රියාවක් බවට චෝදනා එල්ල වේ. විශේෂයෙන්ම මැතිවරණ සමයන්හිදී සහ දේශපාලන බල අරගල පවතින අවස්ථාවලදී සුළුතර හින්දු ප්‍රජාව බිය ගැන්වීම හරහා දේශපාලන වාසි ලබා ගැනීමට ඇතැම් අන්තවාදී කණ්ඩායම් උත්සාහ කරන බව මානව හිමිකම් සංවිධාන පෙන්වා දෙයි.

මෙම ගැටුම්වලින් මිය ගිය හින්දු භක්තියන් සම්බන්දව නිශ්චිත වාර්තා නැත එහෙත් බංගලාදේශ හින්දු බෞද්ධ ක්‍රිස්තියානි සමග හවුලට අනුව ගැටුම් පැවති අවස්ථාවලදී හින්දු භක්තිකයින් 15ක ට ආසන්න සංඛ්‍යාවක් ඝාතනය කර තිබේ.  වැඩිම වාර්තා වන්නේ ඝාතන නොව දේපලවලට සිදුකළ හානිය. දිස්ත්‍රික්ක 52ක දේපල හානි 200කට අධික ප්‍රමාණයක් වාර්තා වී ඇති බව මානව හිමිකම් සංවිධාන වාර්තා කර ඇත.

ලිටන් ගෝෂ් සහ රිපන් සහා වැනි පුද්ගලයන්ගේ ඝාතන සිදුවන්නේ මෙම සමස්ත ප්‍රචණ්ඩකාරී පසුබිම තුළ වන අතර, මේවා එක් එක් ප්‍රාදේශීය ආරවුල් ලෙස හුවා දැක්වුවද ඒවායේ මූලික පදනම පවතින දේශපාලන අස්ථාවරත්වය බව විචාරකයෝ පවසති.

බංග්ලාදේශයේ පවතින තත්ත්වය මත ඇතැම් මරණ වාර්තා නොවන බැවින් හෝ දේශපාලන හේතූන් මත සංඛ්‍යාලේඛන වෙනස් විය හැකි බැවින්, ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන මේ පිළිබඳව දිගින් දිගටම විමර්ශන පවත්වමින් සිටී.

මෙම තත්ත්වය ඉන්දියාවේ දැඩි අවධානයට හා කනස්සල්ලට හේතු වී තිබේ. ඉන්දීය රජය අවධාරණය කරන්නේ තම අසල්වැසි රටේ සුළුතර ප්‍රජාවගේ ආරක්ෂාව තහවුරු කිරීම බංග්ලාදේශ අන්තර්කාලීන රජයේ මූලික වගකීමක් බවයි. මෙම ප්‍රහාර සම්බන්ධයෙන් ඉන්දියාවේ පවතින මහජන මතය සහ දේශපාලන පීඩනය හේතුවෙන්, දෙරට අතර පවතින ද්විපාර්ශ්වික සබඳතා, ආරක්ෂක සහයෝගීතාව සහ වෙළඳ ගිවිසුම් පවා යම් පසුබෑමකට ලක්වීමේ අවදානමක් මතු වී තිබේ.

මේ වනවිට ක්‍රීඩාව හරහා ඒ  තත්ත්වය සන්නිවේදනය වෙමින් ඇත. බංගලාදේශ ක්‍රීඩකයින්ට ඉන්දියාවේ ක්‍රීඩා කිරීමට නොහැකි විරෝධයක් මතු වී ඇත. බංගලාදේශ ක්‍රිකට් කණ්ඩායම ඉන්දියාවේ සංචාරය ප්‍රතික්ෂේප කර තිබේ.  ලෝක කුසලාන තරගාවලියේ බංගලාදේශ විරෝධය හේතුවෙන් ඒ සම්බන්ධව සාකච්ඡා කිරීමට ගිය  ජාත්‍යාන්තර ක්‍රිකට් කවුන්සිලයේ ඉන්දීය ජාතිකයෙකුට වීසා ලබා දීම බංගලාදේශය ප්‍රතික්ෂේප කර තිබේ.

 බංග්ලාදේශයේ හින්දු සුළුතරයට එරෙහිව සිදුවන මනුෂ්‍ය ඝාතන සහ හිරිහැර පාලනය කිරීමට එරට නීතිය ක්‍රියාත්මක කරන ආයතන අපොහොසත් වුවහොත්, එය ඉන්දියාව සහ බංග්ලාදේශය අතර පවතින විශ්වාසය පළුදු වීමටත්, කලාපීය වශයෙන් ඉන්දියාවේ මැදිහත්වීම වැඩි වීමටත් හේතු විය හැක. එබැවින් මෙම ගැටලුව විසඳීම දෙරටේම දේශපාලන ස්ථාවරත්වයට සහ සහජීවනයට අතිශය තීරණාත්මක වනු ඇත.

| lankasara

සබැඳි පුවතක් :

19න් පහළ ලෝක කුසලානය: ඉන්දියා සහ බංග්ලාදේශ නායකයින් අතට අත දීම ප්‍රතික්ෂේප කරති


මුලාශ්‍ර :

Hindu Man Killed With Shovel While Trying To Save Employee In Bangladesh
Hindu businessman beaten to death in Bangladesh
Second Hindu man killed in Bangladesh with a shovel while protecting teen; shop dispute turns fatal


 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...