BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
විදේශ

සිඩ්නි වරායේ මෝර ප්‍රහාරයකින් ළමයෙකුගේ තත්ත්වය බරපතලයි

T

The Leader Desk

January 19, 2026 • 5:26 PM

සිඩ්නි වරායේ මෝර ප්‍රහාරයකින් ළමයෙකුගේ තත්ත්වය බරපතලයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඕස්ට්‍රේලියාවේ සිඩ්නි වරායේ ඊයේ (18) සිදුවූ මෝර මත්ස්‍ය ප්‍රහාරයකින් වයස අවුරුදු 12 ක පිරිමි දරුවකු බරපතල තුවාළ ලබා තිබේ.
  • දිය රළ අතර මෝර ප්‍රහාරයට ලක්වෙමින් සිටි ඔහු, මිතුරන් සහ හදිසි සේවා  විසින් මහත් පරිශ්‍රමයක් දාරා මුදා රැගෙනවිත් ඇත.
  • ඔහුගේ දෙපා දරුණු ලෙස මෝරා ගේ  සපා කෑමට ලක් ව ඇත.
  • ඔහුගේ තත්ත්වය බරපතල බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.
අකුරු ප්‍රමාණය (Font Size):


පවතින අධික වර්ෂාව මෝරුන්ට නිරන්තරයෙන් වරාය ජල තටාකයට පිවිසීමට හිතකර පරිසරයක් නිර්මාණය කර ඇත.

ඊයේ මධ්‍යහ්නයේ සිය මිතුරන් සමග සිඩ්නි වෙරළට  ඔබ්බෙන් ගල් පර අතර ක්‍රීඩා කරමින් සිටි දරුවකු මෙසේ මෝර මත්ස්‍යයකු විසින් බරපතල සපා කෑමට ලක්කර    තිබේ. දිය රළ අතර මෝර ප්‍රහාරයට ලක්වෙමින් සිටි ඔහු, මිතුරන් සහ හදිසි සේවා  විසින් මහත් පරිශ්‍රමයක් දාරා මුදා රැගෙනවිත් ඇත. ඔහුගේ දෙපා දරුණු ලෙස මෝරා ගේ  සපා කෑමට ලක් ව ඇත. ඔහුගේ තත්ත්වය බරපතල බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

අධික වර්ෂා පතනය හේතුවෙන් වරාය ජල තටාකය ද වැසි දියෙන් පිරී පවතී. එම කිවුල් ජලයට මෝර මත්ස්‍යයෝ ඉතා ප්‍රිය කරති.

ඕස්ට්‍රේලියාවේ වාර්ෂිකව පුද්ගලයින් 20 දෙනකු පමණ මෝර ප්‍රහාරයන්ට ගොදුරු වේ. ඉන් බරපතල සිද්ධි සාමාන්‍යය 3 කි. 

(සටහන |Reuters ඇසුරින්; හර්ෂ  උදයකාන්ත පීරිස්)

1/18/2026
(harshaprs@yahoo.com)

මුලාශ්‍රය :

Australian boy in critical condition after Sydney Harbour shark attack

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...