වසර 70කට පසු එරට, ඉතිහාසයේ අධිකතර වර්ෂා පතනයකට බඳුන්ව පවතී. පුද්ගල මරණ සංඛ්‍යාව තව දුරටත් ඉහළ යා හැකි බව බලධාරීහු පවසති.
ධාරාණිපාත වර්ෂා පතිතවීමත් සමග එරට නගර වීදි සියල්ල ජලයෙන් යට විය. මෝටර් රථ ජල ගැල්මට හසුව ගිලී ගිය අතර දෛනික කටයුතු මුළුමනින්ම අඩපණ විය. දැඩි ආපදා තත්ත්වය පිටු දැකීම පිණිස ආපදා සේවා ක්‍රියාත්මක කිරීමද අභියෝගාත්මකව පවතී.
ගංවතුර මට්ටම ඉහළ යාමත් සමග බොහෝ ප්‍රදේශ හා සබඳතා පුර්ණ බිඳ වැටීමට ලක්ව ඇත. පහත් බිම් ප්‍රදේශ ඒ අතර ප්‍රධාන වේ.
ටියුනිස් අගනුවර සියළු පාසල් වසා දැමීමට පියවර ගැනිණි. තවත් පෙදෙස් රැසක අධිකරණ හා අන් සියළු රාජකාරි කටයුතු ද තාවකාලිකව අත්හිටුවා තිබේ. පොදු සහ පුද්ගලික ප්‍රවාහන සේවා සියල්ලද ඇණහිට ඇත.
ඝන අපද්‍රව්‍ය සහ සුන්බුන් රැසක් නේවාසික වීදි ඔස්සේ ගංවතුරේ ගසා යමින් පැවතිණි. වෙරළාසන්න නාගරික කලාපයක් වන මෙන්සෙල් ටෙමයිම් ප්‍රදේශය මුහුදු ජලයෙන් යට විය.
ඇතැම් පෙදෙස් වෙත 1950 සිට ඉතිහාසයේ එරටින් වාර්තා වූ වැඩිම වර්ෂාපතනය ලද බව කාළගුණ විද්‍යාඥයෝ පැවසූහ.
(සටහන |Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
1/21/2026
(harshaprs@yahoo.com)
මුලාශ්‍රය :
At least four dead as floods sweep across Tunisia




