BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
විදේශ

ගාසා සටන් විරාමය තවමත් මුල් අදියරේ

T

The Leader Desk

January 21, 2026 • 8:34 AM

ගාසා සටන් විරාමය තවමත් මුල් අදියරේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • දකුණු ගාසා තීරයේ ජනතාව බහත්කාරයෙන් ඉවත් කෙරේ.
  • ඊශ්‍රායල හමුදා සිය පාලන කලාපය පුළුල් කිරීමේ ප්‍රයත්නයක නිරත බව හමාස් සංවිධානය චෝදනා කරයි.
  • ඛාන් යුනිස් හි නැගෙනහිරට වන්නට පිහිටි බානි සුහයිලා ප්‍රදේශයට ඊශ්‍රායල හමුදා සඳුදා (19) ගුවනින් ඉවත්වීමේ නියෝග හෙළූහ.
  • ඔබ ඉන් වහා ඉවත්විය යුතුයි," යනුවෙන් එහි සඳහන් විය.
අකුරු ප්‍රමාණය (Font Size):


ඊයේ (20) ඊශ්‍රායල හමුදා එහි පලස්තීන ජනතාවට වහා නිවෙස් අතැර පලා යන ලෙස දැනුම් දුන්නේය.

 

ga56

පසු ගිය ඔක්තෝබර මස  සටන් විරාමය ක්‍රියාත්මක කිරීමෙන් අනතුරුව සිදු කළ පළමු සමූහ ඉවත් කිරීම මෙය වේ. ඊශ්‍රායල හමුදා සිය පාලන කලාපය පුළුල් කිරීමේ ප්‍රයත්නයක නිරත බව හමාස් සංවිධානය චෝදනා කරයි.

ඛාන් යුනිස් හි නැගෙනහිරට වන්නට පිහිටි බානි සුහයිලා ප්‍රදේශයට ඊශ්‍රායල හමුදා සඳුදා (19) ගුවනින් ඉවත්වීමේ නියෝග හෙළූහ.

 

ga57
"හදිසි නිවේදනයයි. මෙම ප්‍රදේශය ඊශ්‍රායල හමුදා පාලනය යටතේ පවතී. ඔබ ඉන් වහා ඉවත්විය යුතුයි," යනුවෙන් එහි සඳහන් විය. අරාබි, හීබෘ සහ ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයෙන්ම එම නියෝග නිකුත් කර තිබිණි.

එම ප්‍රදේශයෙන් පලස්තීනුවන් බලහත්කාරයෙන් ඉවත් කෙරෙන බවට චෝදනා ඊශ්‍රායල හමුදා ප්‍රතික්ෂේප කරති. ගුවනින් දැන්වීම් හෙළූ බව සත්‍යය වුව, හමාස්  සංවිධානය සමග ක්‍රියාත්මක යුධ විරාම රේඛාව අතික්‍රමණය නොකරන ලෙස පලස්තීනුවන්ට අනතුරු ඇඟවීම පිණිස එසේ කළ බව එම හමුදා පැවසූහ.

ga58

 

ගාසා සටන් විරාමය එහි පළමු අදියරෙන් ඔබ්බට ගොස් නැතැයි රොයිටර්ස් පුවත් සේවය පවසයි.  

මිලියන 2කට අධික සමස්ත පලස්තීන ජනගහනය තවමත් ගාසා තීරයේ තුනෙන් එක් කොටසක "ගාල්" කර සිටිති. එම බහුතරය ද වෙසෙන්නේ තාවකාලික කූඩාරම් සහිත කඳවුරු සහ යුද්ධයෙන් විනාශව ශේෂ වූ ගොඩනැගිලි කොටස් තුළ ය. හමාස් නායකත්වයෙන් යුත් පරිපාලනයක් තුළ ජන ජීවිතය යළි ඇරඹී තිබේ.

ga59
(සටහන |Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)

1/21/2026
(harshaprs@yahoo.com)

මුලාශ්‍රය :

Israel orders Gaza families to move in first forced evacuation since ceasefire

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ගාසා සටන් විරාමය තවමත් මුල් අදියරේ | The Leader