BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
විදේශ

ඊශ්‍රායලයෙන් සිරියා-ලෙබනන දේශ සීමාවට ගුවන් ප්‍රහාර

T

The Leader Desk

January 22, 2026 • 11:52 AM

ඊශ්‍රායලයෙන් සිරියා-ලෙබනන දේශ සීමාවට ගුවන් ප්‍රහාර

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සිරියා-ලෙබනන දේශසීමාවේ, හුවමාරු හතරක් වෙත ඊශ්‍රායල හමුදා ඊයේ (21) පහර දුන්හ.
  • ඊශ්‍රායලය සහ ලෙබනනය අතර එක්සත් ජනපද සහායයෙන් 2024 සිට සටන් විරාමයක් ක්‍රියාත්මක වේ.
  •   හිස්බුල්ලා සංවිධානය නිරායුධ කරන ලෙස එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය විසින් ලෙබනන රජයට දැඩි බලපෑම් එල්ල වේ.
  • එය සාර්ථක නොවන තැන, කුමන මොහතක හෝ  හිස්බුල්ලා ත්‍රස්තයින් ඉලක්ක කර ඊශ්‍රායල ප්‍රහාර ඇරඹිය හැකි බවට ලෙබනන නායකයෝ බිය පළකරති.
අකුරු ප්‍රමාණය (Font Size):

එම කපොලු හරහා ඉරාන සහාය හිමි හිස්බුල්ලා ත්‍රස්තයින් අවි ජාවාරමේ නිරත බව එම හමුදා පවසති.

ඊශ්‍රායලය සහ ලෙබනනය අතර එක්සත් ජනපද සහායයෙන් 2024 සිට සටන් විරාමයක් ක්‍රියාත්මක වේ. එම සටන් විරාමය ඇරඹීමත් සමග ඊශ්‍රායලය සහ හිස්බුල්ලා සංවිධානය අතර වසරක පමණ ගැටුම් නිම විය. ඊශ්‍රායල ප්‍රහාර හමුවේ හිස්බුල්ලා සංවිධානය මහත් සේ අඩපණ වූයේය.

leby689y8yf

 

හිස්බුල්ලා සංවිධානය නිරායුධ කරන ලෙස එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය විසින් ලෙබනන රජයට දැඩි බලපෑම් එල්ල වේ. එය සාර්ථක නොවන තැන, කුමන මොහතක හෝ  හිස්බුල්ලා ත්‍රස්තයින් ඉලක්ක කර ඊශ්‍රායල ප්‍රහාර ඇරඹිය හැකි බවට ලෙබනන නායකයෝ බිය පළකරති.

මේ අතර දකුණු ලෙබනනයට අයත් ඛෙන්නරිත් ගම්මානය වෙත එල්ල කළ තවත් ඊශ්‍රායල ප්‍රහාරයක් හමුවේ 19දෙනෙක් තුවාළ ලදහ. දකුණු ලෙබනනයේ ස්ථාන කිහිපයක පිහිටි ගොඩනැගිලිවල වෙසෙන නේවාසිකයින් වෙත ඊයේ ඊශ්‍රායල හමුදා විසින් අනතුරු ඇඟවීම් නිකුත් කිරීමෙන් අනතුරුව ඒ වෙත ප්‍රහාර එල්ල කෙරිණි. එම පරිශ්‍රයන් හි හිස්බුල්ලා ත්‍රස්තයින් ගැවසෙන බවට ලද තොරතුරු අනුව පහර දුන් බව ඊශ්‍රායල හමුදා පැවසූහ.

ඊශ්‍රායල හමුදා නැවතත්, ලෙබනන ජනාවාස වෙත ගුවන් ප්‍රහාර එල්ල කිරීම අරඹා ඇතැයි, ලෙබනන ජනපති ජෝසෆ් අවුන් එක්ස් (X) මත සටහනක් තබමින් කියා සිටියේය.

(සටහන |Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
1/22/2026
(harshaprs@yahoo.com)

මුලාශ්‍රය :

Israel strikes four Syria-Lebanon border crossings

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ඊශ්‍රායලයෙන් සිරියා-ලෙබනන දේශ සීමාවට ගුවන් ප්‍රහාර | The Leader