ඒ, හේතුවෙන් පුද්ගලයන් කිහිපදෙනෙකු අතුරුදහන් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
නායයෑම සිදුවන අවස්ථාවේ කූඩාරම් සහ මෝටර් රථ (Campervans) තුළ සිටි පුද්ගලයන් පිරිසක් පස්වලට යටවී ඇති බවට සැක කෙරේ. බලධාරීන් පවසන්නේ අතුරුදහන් වූ සංඛ්‍යාව 10කට අඩු (Single digits) පිරිසක් බවයි. ඒ අතර කුඩා දැරියක ද සිටින බව වාර්තා වේ. නායයෑම සිදුවූ ස්ථානයට මුලින්ම පැමිණි සහන කණ්ඩායම්වලට පස්වලට යටවූවන්ගේ කෑගැසීම් ශබ්ද ඇසුණද, පසුව එම ශබ්ද නෑසී ගොස් ඇති බවයි වාර්තා සඳහන් කරයි.
දැනට නිලධාරීන් 40ක් පමණ විශේෂ උපකරණ සහ සුනඛයන් යොදාගෙන සෝදිසි මෙහෙයුම් සිදුකරන බවට සඳහන්වේ. උතුරු දූපතේ ප්‍රදේශ කිහිපයකට දැනටමත් හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ.
ඕක්ලන්ඩ් නුවරට උතුරින් පිහිටි වෝක්වර්ත් (Warkworth) ප්‍රදේශයේ ගංවතුරට හසුව ගසාගෙන ගිය පුද්ගලයෙකු සෙවීමේ මෙහෙයුම් ද ක්‍රියාත්මකයි.
මීට අමතරව පාපමෝවා (Papamoa) ප්‍රදේශයේ සිදුවූ තවත් නායයෑමකින් දෙදෙනෙකු අතුරුදහන් වී ඇත. දැඩි වර්ෂාව සහ ගංවතුර හේතුවෙන් උතුරු දූපතේ දහස් ගණනකට විදුලිය විසන්ධි වී ඇති අතර, මාර්ග රැසක් ජලයෙන් යටවීම නිසා නගර කිහිපයක් හුදකලා වී තිබෙන බවට වාර්තා වේ.
මෙය වසර 100කට වරක් සිදුවන ආකාරයේ දරුණු ස්වභාවික විපර්යාසයක් බවත්, මෙහි ප්‍රමුඛතාවය වන්නේ පස්වලට යටවී සිටින පිරිස බේරා ගැනීම බවත්, පොලිස් සහකාර කොමසාරිස්වරයා පවසා තිබේ.
මේ වන විට එම ප්‍රදේශයේ සිටි සංචාරකයන් ඉවත් කිරීමට පියවර ගෙන ඇති අතර, එළඹෙන සති අන්තයේ ද තවදුරටත් වර්ෂාව පවතිනු ඇතැයි කාලගුණ අංශ අනතුරු අඟවති.
| hirunews
මුලාශ්‍රය :
Two dead and several missing in New Zealand landslides
New Zealand rescuers seek landslide survivors as weather havoc kills two




