BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
විදේශ

විදේශිකයින්ට ජපානයෙන් නව පැකේජයක්; නීති තද වෙයි

T

The Leader Desk

January 23, 2026 • 3:05 PM

විදේශිකයින්ට ජපානයෙන් නව පැකේජයක්; නීති තද වෙයි 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජපන් රජය, විදෙස් ජාතිකයින් උදෙසා මූලික ප්‍රතිපත්ති මාලාවක් සම්පාදනය කරයි.
  • අද (23) පැවති කැබිනට් හමුවක දී ඒ පිලිබඳ කෙටුම්පත් සාකච්ඡා කෙරිණි.
  • විදෙස් ඉල්ලුම්කරුවන්, එම අධ්‍යයන ක්‍රියාවලියට අනුගත වීමේ සහ අදාළ කරුණු  වටහා ගැනීමේ ප්‍රාමාණික බව අනුව පුරවැසි භාවය පිලිබඳ නිර්දේශ නිකුත් කෙරේ.
  • ඒ අනුව, ගෙවීම් පැහැර හරින විදේශිකයින්ගෙන්  එම මුදල් අය  කරගැනීම පිණිස, ආගමන අධිකාරිය හා එක්ව විශේෂ වැඩපිළිවෙළක් දියත් කෙරෙනු ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):
එරට  පුරවැසි භාවය ලබා ගැනීම  පිණිස දැඩි කොන්දේසි  සහ රට තුළ අධික සංචාරක තදබදය  සීමා කිරීම උදෙසා පියවර ඊට ඇතුළත් ය.

අද (23) පැවති කැබිනට් හමුවක දී ඒ පිලිබඳ කෙටුම්පත් සාකච්ඡා කෙරිණි. ජපන් ජාතිකයින් ට සහ එරටට පැමිණෙන විදේශිකයින් ට  ආරක්ෂාකාරී පරිසරයක් නිර්මාණය කිරීම සහ එරට නීති රෙගුලාසි අනුව එක්ව කටයුතු කිරීමට මග සැලසීම එහි අරමුණයි.

නව ප්‍රතිපත්ති යටතේ, ජපාන පුරවැසි භාවය ඉල්ලීම  දැඩි කොන්දේසිවලට යටත් කෙරේ. එරට වෙසෙන විදේශිකයින්ට ජපන් බස සහ නෛතික රෙගුලාසි උගැන්වීමේ නව වැඩසටහනක් ද ආරම්භ කෙරේ. විදෙස් ඉල්ලුම්කරුවන්, එම අධ්‍යයන ක්‍රියාවලියට අනුගත වීමේ සහ අදාළ කරුණු  වටහා ගැනීමේ ප්‍රාමාණික බව අනුව පුරවැසි භාවය පිලිබඳ නිර්දේශ නිකුත් කෙරේ.  

ජපානයේදී වෛද්‍යාධාර බිල්පත් පියවීමට අපොහොසත් වන විදේශිකයින්  දැඩි නීති රීතින්ට යටත් කෙරේ. ඒ අනුව, ගෙවීම් පැහැර හරින විදේශිකයින්ගෙන්  එම මුදල් අය  කරගැනීම පිණිස, ආගමන අධිකාරිය හා එක්ව විශේෂ වැඩපිළිවෙළක් දියත් කෙරෙනු ඇත.  විදේශිකයින් විසින්  නොගෙවන ලද වෛද්‍ය බිල්පත් සම්බන්ධයෙන්, අදාළ වෛද්‍ය මධ්‍යස්ථාන හා කඩිනම් තොරතුරු හුවමාරුවට එමගින් ඉඩ සැලසේ.

පොදු නිවාස සංකීරණයන්හි    රැඳී සිටින නව විදෙස් නෙවාසිකයින් සම්බන්ධයෙන් සුවිශේෂී නිරීක්ෂණ ක්‍රියාවලියක් ද ආරම්භ කෙරේ.  ප්‍රධාන සංචාරක ආකර්ෂණ මධ්‍යස්ථාන වෙතින් පරිබාහිර වෙනත් ගමනාන්ත වෙත විදෙස් සංචාරකයින් යොමු කිරීම මගින් සංචාරක තදබදය අවම කිරීමට  පියවර ගැනේ.

ජපාන පුරවැසිභාවය හිමි විදෙස් ජාතිකයින් උදෙසා ප්‍රධාන නගර පාදක නව මහල් නිවෙස් සංකීරණ ඉදි කෙරෙන අතර කෙටිකාලීන ගෙවීම් පදනම මත පමණක් ඒවා ලබා දීමට කටයුතු කෙරේ.  අඥාත හිමිකාරිත්වයක් සහිත එරටට අයත් දුරස්ථ දිවයින් ජාතිකකරණය ට පියවර ගැනේ.

ජාත්‍යන්තර තත්ත්වයන් සැලකිල්ලට ගැනීමෙන් අනතුරුව එකී සංසන්දනාත්මක තත්ත්වයන් මත විදෙස් ජාතිකයින්  විසින් ජපානයේ  දේපළ මිලදී ගැනීමට අදාළ කොන්දේසි හඳුන්වාදීමට ද නියමිතය.

මේ සම්බන්ධයෙන් ජපානය මෙතෙක් මුහුණ පා ඇති අභියෝග පිලිබඳ අවධානය යොමු කොට නව ප්‍රතිපත්ති මාලාව ක්‍රියාත්මක බව, විදෙස්  ජාතිකයින් සම්බන්ධ ප්‍රතිපත්ති පිලිබඳ අමාත්‍ය, ඔනොදා කිමී මාධ්‍යවේදීන් හමුවේ පැවසීය. ඒ පිලිබඳ සියළු යාවත්කාලීන කිරීම් නොවලහා ජනතාව ඉදිරියේ තබන බවද ඇය කියා සිටියාය.  අදාළ අනෙකුත් අමාත්‍යංශ හා සම්බන්ධීකරණය කරමින් සිය අමාත්‍යංශ කාර්යාලය, නව  වැඩපිළිවෙල සම්බන්ධ නියමු මධ්‍යස්ථානය සේ ක්‍රියා කරන බව ඇය කීය.

(සටහන |NHK WORLD ඇසුරින්; හර්ෂ  උදයකාන්ත පීරිස්)
1/23/2026
(harshaprs@yahoo.com)

මුලාශ්‍රය :
Japanese govt. draws up basic policies on foreign nationals


 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...