චීනයේ මෙවර, චන්ද්‍ර නව අවුරුදු උදාව පෙබරවාරි 17 දාට යෙදී තිබේ. චීන රාශි චක්‍රයේ අශ්වයාගේ වසර එදිනෙන් ආරම්භ වේ.
නව වසර උදාවේ ලන්තෑරුම් උළෙල එරට ආකර්ශනීය සාම්ප්‍රදායික උළෙලකි. වාසනාව සහ නිවැරදි මාර්ගෝපදේශනය සංකේතවත් කරමින් එය පැවැත්වේ.

ආරම්භක රාත්‍රියේ, අතින් නිමවන ලද සත්ව රුව, පුරාවෘත චරිත මෙන්ම අතීත චීනයේ දර්ශන රැගත් විවිධ මාදිලියේ 200කට අධික දැල්වූ ලන්තෑරුම් සංඛ්‍යාවක් අහසට මුදා හැරිණි. එය නැරඹීමට විශාල ජනකායක් රැස් ව සිටියහ.
අත්කම් ශිල්පීන් 1200කට අධික පිරිසකගේ සහභාගිත්වයෙන් එම ලන්තෑරුම් නිෂ්පාදනයට සති කිහිපයක් ගත වී යැයි, උළෙලේ සංවිධායකයෝ පැවසූහ. මීටර 210ක දිගින් යුත් එක් ලන්තෑරුමක 'ඉන්ද්‍රජාලික චීනය' (Magical China) යනුවෙන් සඳහන් ව තිබිණි. එය කුන්පෙඟ් නම් මනෝකල්පිත පක්ෂි-මත්ස්‍ය දෙමුහුන් රුවකින් යුත් නිර්මාණයකි.
සියලු ආකාරයේ ලන්තෑරුම්, පිදුරු, මිරිස් සහ ඉවත ලූ ඖශධ බෝතල් වැනි විවිධ ද්‍රව්‍ය යොදා නිර්මාණය කර තිබිණි.
(සටහන |Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
1/24/2026
(harshaprs@yahoo.com)
මුලාශ්‍රය :
Chinese lantern festival lights up for Lunar New Year




