පලස්තීන භූමිය සහ ඊජිප්තු දේශසීමාවේ එය පිහිටා තිබේ. මෙවර, එම කොරිඩෝව විවෘත කිරීමත් සමග වැඩි පලස්තීනුවන් පිරිසක් ඒ හරහා ගාසා තීරයෙන් පිටමං කිරීම ඊශ්‍රායලයේ අරමුණයි. පලස්තීනුවන්ට ඒ ඔස්සේ යළි ගාසා තීරයට පිවිසීම අතිශය සීමා කෙරේ.
පසුගිය ඔක්තෝබරයේ ගාසා සටන් විරාමය ඇරඹි මුල් අදියරේම එය යළි විවෘත කිරීමට නියමිතව තිබණි. සටන් විරාමය එහි දෙවන අදියරට පිවිසි බව මෙම මස මුල, එක්සත් ජනපදය දැනුම් දුන්නේය. ඒ සමග ඊශ්‍රායල හමුදා ගාසා තීරයෙන් තව දුරටත් ඉවත් විය යුතුය. ගාසා පරිපාලනය ක්‍රමිකව හමාස් සංවිධානය විසින් සියතට ගනිමින් පවතී.

2024 වසරේ සිට රෆා කොරිඩෝවේ ගාසා පාර්ශ්වය පවත්නේ ඊශ්‍රායල හමුදා යටතේ ය. නව විවෘත කිරීමත් සමග ඊජිප්තුවේ සිට ඒ ඔස්සේ, ගාසා තීරයට පැමිණීමට නියමිත පලස්තීන ජනකාය ඊශ්‍රායලය විසින් සීමා කෙරෙන්නේ කෙසේදැයි මෙතෙක් අනාවරණය කර නැත. ඒ අනුව, පිටවීමට සාපේක්ෂව යලි ගාසා තීරය වෙත ඇතුළු වීමට අවසර හිමි පලස්තීනුවන් සංඛ්‍යාව පිලිබඳ මෙතෙක් නිශ්චිත සඳහනක් නොමැත.
ඊශ්‍රායලය, පලස්තීනුවන්ට ගාසා තීරයෙන් සංක්‍රමණය වන ලෙස බල කර සිටින්නේය. එම හමුදා විසින් ඒ පිලිබඳව නිරන්තරයෙන් පලස්තීනුවන් උනන්දු කෙරේ. හමුදා බලය භාවිතා කර එසේ කිරීමට යන බවට චෝදනා ඊශ්‍රායල හමුදා ප්‍රතික්ෂේප කරති. පලස්තීනුවන් ගාසා තීරයෙන් පිටුවහල් කිරීමේ කුමන වෑයමක් වුව අතිශය සංවේදී ක්‍රියාවකි. රෆා කොරිඩෝව ඔස්සේ පිටවන පලතීස්න ජනයා හට ආපසු ගාසා තීරයට ඇතුළු වීමට අවසර හිමි නොවේදැයි යන්න මේ වන විටත් දැඩි කනස්සල්ලට කරුණක්ව තිබේ.

රෆා කොරිඩෝව වෙත රාමල්ලා සිට ක්‍රියාත්මක පලස්තීන අධිකාරියේ කාර්ය මණ්ඩලයක සහාය ද හිමි ය. එය පෙර පරිදි යුරෝපීය සංගමය විසින් අධීක්ෂණය කෙරේ.
කෙසේ වුව, එය විවෘත කෙරෙන දිනය නිශ්චිතව පවත්නේ ඊශ්‍රායලය අතය. ඊශ්‍රායලයේ අනුමැතියෙන් තොරව පලස්තීනුවන් ට ඉන් පිටවීමට සහ යළි ඇතුළු වීමට කිසිසේත් අවසර නැත.
ගාසා සටන් විරාමය පිලිබඳ ජනපති ට්‍රම්ප්ගේ තිරසර සැලැස්ම ක්‍රියාත්මක කරන්නේ ඊශ්‍රායලය නොව වොෂින්ටනය විසින් යැයි, එක්සත් ජනපද රාජ්‍ය නිලධාරියකු උපුටා දක්වන රොයිටර්ස් පුවත් සේවය සඳහන් කරයි.
(සටහන |Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
1/24/2026
(harshaprs@yahoo.com)
මුලාශ්‍රය :
Exclusive: Israel aims to ensure more Palestinians are let out of Gaza than back in




