BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
විදේශ

ඕස්ට්‍රේලියාවේ ජාතික දින විරෝධතා

T

The Leader Desk

January 26, 2026 • 7:32 AM

ඕස්ට්‍රේලියාවේ ජාතික දින විරෝධතා

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අදට (26) යෙදී ඇති ඕස්ට්‍රේලියානු දිනය "ආක්‍රමණයේ දිනය" ලෙස නම් කර ආදිවාසී ඕස්ට්‍රේලියානුවන්ට සහාය පළ කරමින්, දහස් සංඛ්‍යාත පිරිසක් එරට මහජන විරෝධතා පිණිස එක්වූහ.
  •   බ්‍රිතාන්‍යයන් විසින් දණ්ඩ යටත් විජිතයක් ලෙස නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය ස්ථාපිත කිරීම අනුස්මරණය කෙරෙමින් එරට ජාතික දිනය සැමරේ.
  • එරට මිලියන 27ක සමස්ත ජනගහනයේ ආදිවාසී ප්‍රතිශතය 4%කි.
  • යුරෝපීය සංක්‍රමණිකයින්ගේ ආගමනයත් සමග ආදිවාසීන් සතු සංස්කෘතික පද්ධතියට වූ විනාශය සිහි කැඳවමින්, ජාතික දිනය "ආක්‍රමණයේ දිනය" ලෙස නම් කර තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):


තවත් පිරිස් සංක්‍රමණ විරෝධී උද්ඝෝෂණයන්හි නිරත වූහ.

 

as 1

බ්‍රිතාන්‍යයන් විසින් දණ්ඩ යටත් විජිතයක් ලෙස නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය ස්ථාපිත කිරීම අනුස්මරණය කෙරෙමින් එරට ජාතික දිනය සැමරේ. සිඩ්නි වරාය වෙත නැව් මගින් යටත් විජිතවාදීන් සහ වැරදිකරුවන් රැගෙන එනු ලැබිණි.

එරට මිලියන 27ක සමස්ත ජනගහනයේ ආදිවාසී ප්‍රතිශතය 4%කි. යුරෝපීය සංක්‍රමණිකයින්ගේ ආගමනයත් සමග ආදිවාසීන් සතු සංස්කෘතික පද්ධතියට වූ විනාශය සිහි කැඳවමින්, ජාතික දිනය "ආක්‍රමණයේ දිනය" ලෙස නම් කර තිබේ.

 

as 3
එරට වේලාවෙන් අද උදෑසන 10.00ට සිඩ්නි  හයිඩ් පාර්ක් වෙතින් පෙළපාලි පිටත් විය. ඉකුත් සතියේ, සවුත් වේල්ස් ප්‍රාන්තයේ ගම්මානයකදී තුවක්කුකරුවකුගේ වෙඩි ප්‍රහාරයකින් මිය ගිය අය කිරීමෙන් අනතුරුව පෙළපාලි ආරම්භ විය.

ආදිවාසීහු එහිදී ඉඩම් යළි අත්පත් කරගැනීම පිලිබඳ අදහස් දැක්වූහ.

පොලිස් අත්අඩංගුවේදී ඇබොර්ජීනියානුවන් මිය යෑම වර්ධනය වීම සම්බන්ධයෙන් ද එහිදී අදහස් දැක්විණි. ඔස්ට්‍රේලියාව එක්සත් රාජ්‍යයක් ව පැවතිය යුතු බව අවධාරණය කෙරිණි.

 

as 2

ඕස්ට්‍රේලියාවේ සෑම පුරවැසියන් දෙදෙනකුගෙන් ම එක් අයෙක් විදෙස් රටක උපත ලද්දෙකි. නොඑසේව, දෙමාපියන්ගෙන් අයකු විදේශයක උපත ලද්දෙකි. පසුගිය වසර කිහිපය තුළ එරට සංක්‍රමණික ආගමන වැඩිවීමක් දක්නට ලැබේ. ඒ හේතුවෙන් රට තුළ දේශපාලන අස්ථාවර භාවයක් පිලිබඳවද, කනස්සල්ල පළවී තිබේ. ජීවන වියදම ඉහළ යමින් ඇති අතර නිවාස ගැටළුව ද උග්‍රව පවතී.

සෑම වසරකම ජනවාරි 26 දා විරෝධතාකරුවෝ ඕස්ට්‍රේලියානු ආදිවාසීන්ට සිදුවන අකටයුතුකම් වලට විරෝධය පා උද්ඝෝෂණයේ නිරත වෙති. එරට ජාතික දිනය නොපවත්වන ලෙස හෝ එදිනට එම දිනය අත්හැර දමන ලෙස ඔවුහු රජයට බල කර සිටිති.

 



(සටහන |Reuters  ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
1/26/2026
(harshaprs@yahoo.com)

මුලාශ්‍රය :

Australia Day marked by 'Invasion Day' rallies, anti-immigration protests

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...