BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
විදේශ

හමාස් භාරයේ වූ අවසන් දේහයත් ඊශ්‍රායලය අතට

T

The Leader Desk

January 27, 2026 • 7:56 AM

හමාස් භාරයේ වූ අවසන් දේහයත් ඊශ්‍රායලය අතට  

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • හමාස් අත්අඩංගුවට පත් අවසන් ප්‍රාණ ඇපකරු දේහය ද සිය භාරයට ගත් බව, ඊශ්‍රායල හමුදා ඊයේ (26) පැවසූහ.
  •   දින 840කට අධික කාලයක් ගාසා තීරයේ ත්‍රස්ත භාරයේ පැවති ඊශ්‍රායල පොලිස් නිලධාරී රැන් ග්විලී ගේ දේහය මූලික පරීක්ෂණහිදී හඳුනා ගත් බවත්, අවසන් කටයුතු පිණිස එය ඥාතීන් වෙත භාර දීමට නියමිත බවත්, ඊශ්‍රායල හමුදා පැවසූහ.
  •   2023 ඔක්තෝබර 7 දා, ඊශ්‍රායලයේ කිබුට්ස් වෙත පලස්තීන ප්‍රහාරය එල්ල වන අවස්ථාවේ ඔහු හදිසි අනතුරකින් තුවාළ ලබා රාජකාරියෙන් බැහැරව ප්‍රතිකාර ගනිමින් පසු විය.
  • එම දේහය ඊශ්‍රායල හමුදා අතට පත් කිරීමත්  සමග හමාස් සංවිධානය විසින් ගාසා සටන් විරාමයේ මුල් අදියර මූලික කොන්දේසියක් වූ ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම සපුරා අවසන් වේ.
අකුරු ප්‍රමාණය (Font Size):


ඒ සමග පලස්තීන භූමියේ ඉකුත් ඔක්තෝබරයේ සිට ක්‍රියාත්මක සටන් විරාමයේ පළමු අදියර මූලික කොන්දේසියක් නිම වේ.  

දින 840කට අධික කාලයක් ගාසා තීරයේ ත්‍රස්ත භාරයේ පැවති ඊශ්‍රායල පොලිස් නිලධාරී රැන් ග්විලී ගේ දේහය මූලික පරීක්ෂණහිදී හඳුනා ගත් බවත්, අවසන් කටයුතු පිණිස එය ඥාතීන් වෙත භාර දීමට නියමිත බවත්, ඊශ්‍රායල හමුදා පැවසූහ.

 

2023 ඔක්තෝබර 7 දා, ඊශ්‍රායලයේ කිබුට්ස් වෙත පලස්තීන ප්‍රහාරය එල්ල වන අවස්ථාවේ ඔහු හදිසි අනතුරකින් තුවාළ ලබා රාජකාරියෙන් බැහැරව ප්‍රතිකාර ගනිමින් පසු විය. එදින ත්‍රස්තයින් හා සිදු කළ වෙඩි හුවමාරුවක දී ඔහු ජීවිතක්ෂයට පත් වූ අතර, ත්‍රස්තවාදීහු මළ සිරුර රැගෙන පලා  ගියහ.

එම දේහය ඊශ්‍රායල හමුදා අතට පත් කිරීමත්  සමග හමාස් සංවිධානය විසින් ගාසා සටන් විරාමයේ මුල් අදියර මූලික කොන්දේසියක් වූ ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම සපුරා අවසන් වේ.

 

rafah
ඒ අනුව, ගාසා තීරය ලොවට විවර කෙරෙන ප්‍රධානතම සැපයුම් මාවත වන, එම තීරය සහ ඊජිප්තුව අතර රෆා කොරිඩෝව සීමිත කාලයකට පමණක් විවෘත කෙරෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

රෆා කොරිඩෝව මේ වන විට ඊශ්‍රායල හමුදා විසින් වසා  දමා තිබේ.

(සටහන |Reuters  ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)

මුලාශ්‍රය :

Israel recovers last hostage body from Gaza, paving way for crossing to open

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...