BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
විදේශ

එක්සත් ජනපද ඒබ්‍රහම් ලින්කන් යුද නෞකාව මැද පෙරදිගට ඇතුළු වේ

T

The Leader Desk

January 27, 2026 • 9:25 AM

එක්සත් ජනපද ඒබ්‍රහම් ලින්කන් යුද නෞකාව මැද පෙරදිගට ඇතුළු වේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ප්‍රහාරක යානා රැගෙන යන එක්සත් ජනපද යුද නෞකාවක් සහ පරිවාර සන්නද්ධ යාත්‍රා බලඇණියක් මැද පෙරදිග කලාපයට ඇතුළු වේ.
  • ඒබ්‍රහම් ලින්කන් (USS Abraham Lincoln) යුද නෞකාව සහ මිසයිල නාශක නෞකා රැසක් අනුයුක්ත කර ඇත.
  •     1988 පෙබරවාරි 13 දා මුල්වරට දියත් කෙරුණු යූ.එස්.එස්.
  • නෞකාව, ප්‍රහාරක යානා සහ හෙලිකොප්ටර 90කට ආසන්න සංඛ්‍යාවක් සහ දහස් සංඛ්‍යාත කාර්ය මණ්ඩලයක් රැගෙන යාමේ ධාරිතාවයෙන් ද යුක්ත වේ.
අකුරු ප්‍රමාණය (Font Size):


එක්සත් ජනපද රාජ්‍ය නිලධාරීහු ඊයේ (26) ඒ බැව් සනාථ කළහ.

කලාපයේ රැඳී සිටින එම හමුදාවන්හි ආරක්ෂාව තහවුරු කිරීම පිණිස සහ හදිසි අවස්ථාවෙක ඉරානයට පහරදීම සඳහා ට්‍රම්ප් රජය විසින් එම නෞකා පිටත් කර  තිබේ. ඒ අනුව, එක්සත් ජනපද සන්නද්ධ මධ්‍යම  අණ මූලය  යටතේ පවතින මැද පෙරදිග කලාපයට, ප්‍රහාරක යානා   රැගෙන යාත්‍රා කෙරෙන  යූ.එස්.එස්. ඒබ්‍රහම් ලින්කන් (USS Abraham Lincoln) යුද නෞකාව සහ මිසයිල නාශක නෞකා රැසක් අනුයුක්ත කර ඇත.  

 

1988 පෙබරවාරි 13 දා මුල්වරට දියත් කෙරුණු යූ.එස්.එස්. ඒබ්‍රහම් ලින්කන් නෞකාව න්‍යෂ්ටික ශක්තියෙන් බල ගැන්වේ. එය, එක්සත් ජනපද නාවුක හමුදාව  සතු, එම වර්ගයට අයත්, පස්වන ප්‍රහාරක යානා ප්‍රවාහන නෞකාවය. නෞකාව, ප්‍රහාරක යානා සහ හෙලිකොප්ටර 90කට ආසන්න සංඛ්‍යාවක් සහ දහස් සංඛ්‍යාත කාර්ය මණ්ඩලයක් රැගෙන යාමේ ධාරිතාවයෙන් ද යුක්ත වේ.

ඉරානය බලා යුද නෞකා ඇණියක් පිටත් කර හැර ඇත්තේ වුව, එය "සක්‍රීය" කිරීමට අවශ්‍ය නොවනු ඇතැයි අපේක්ෂා කරන බව, ජනපති ට්‍රම්ප් ඉකුත් බ්‍රහස්පතින්දා (22) පැවසීය.

මෙම මස මුල, ආසියා-පැසිෆික් කලාපයේ සිට එම නෞකා දියත් කෙරිණි.

 

irannq834y

ඉරානය තුළ මේ වන විටත් රාජ්‍ය විරෝධී මහජන උද්ඝෝෂණ ඇවිල පවතී. අරගලකරුවන් ඝාතනය වහා නතර නොකෙරේ නම්, ඉරානයට දැඩි ප්‍රහාර එල්ල කරන බවට ට්‍රම්ප් අනතුරු ඇඟවීය. එම අනතුරු ඇඟවීමත් සමග ඉරානය තුළ, මහජන විරෝධතා ද කෙමෙන් හීන විය. ඉරාන රජය විසින් පුද්ගල ඝාතන නවතා ඇති බවට සහ අත්අඩංගුවට පත්වූවන්ට මරණ දඬුවම් පැනවීමේ සූදානමක් නැති බවට තමන් වෙත සැළ කර ඇතැයි, ඔහු කියා සිටියේය.

යුද නෞකා බලගණයට අමතරව, මැද පෙරදිග කලාපයට, එක්සත් ජනපද ප්‍රහාරක යානා සහ ගුවන් ආරක්ෂක පද්ධති ද මුදා හැර තිබේ. එහි යුධ අභ්‍යාස පැවැත්වීමට නියමිත බව ද සති අන්තයේ නිවේදනය කෙරිණි.

නව තර්ජනය හමුවේ එල්ල වන කිසියම් හෝ ප්‍රහාරයක් පූර්‍ණ යුධ ප්‍රකාශ කිරීමක් සේ සලකා ප්‍රති ප්‍රහාර එල්ල කරන බව, ඉරානය ද අවධාරණය කර සිටී.

 



ඉරානයට එරෙහි කිනම් ආකාරයේ හෝ සතුරු ප්‍රහාරයක් වෙනුවෙන් සිය ගුවන්, සමුද්‍රීය හෝ දේශ  සීමා කලාප භාවිතා කිරීමට කිසි සේත් ඉඩ ප්‍රස්තා නැතැයි, එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඊයේ (26) පැවසීය.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ, අබු ඩාබි අගනුවරට දකුණින් එක්සත් ජනපද අල් ඩෆ්‍රා ගුවන් හමුදා කඳවුර ස්ථාපිතව  තිබේ. එය ඉරානයට එරෙහි එක්සත් ජනපද ප්‍රහාරයකදී තීරණාත්මක යුද කේන්ද්‍රයකි.

(සටහන |Reuters  ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)

මුලාශ්‍රය :

US aircraft carrier enters Middle East region, officials say

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...