BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
විදේශ

දකුණු ලෙබනනයේ රූපවාහිනී මාධ්‍යවේදියකු ඊශ්‍රායල ප්‍රහාරයකින් ජිවිතක්ෂයට

T

The Leader Desk

January 27, 2026 • 2:33 PM

දකුණු ලෙබනනයේ රූපවාහිනී මාධ්‍යවේදියකු ඊශ්‍රායල ප්‍රහාරයකින් ජිවිතක්ෂයට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඊශ්‍රායල හමුදා විසින් ලෙබනනයේ එල්ල කළ ප්‍රහාරයකින් මාධ්‍යවේදියකු ජීවිතක්ෂයට පත් වී ඇතැයි, හිස්බුල්ලා සංවිධානය ඊයේ (26) කියා සිටියේය.
  •   ලෙබනන මාධ්‍යවේදීන් ද දැන්, ඊශ්‍රායල හමුදා ඉලක්ක වී ඇතැයි, හිස්බුල්ලා සංවිධානය චෝදනා කරයි.
  • අල්-ඩින් නැමැත්තා සන්නද්ධ හිස්බුල්ලා සාමාජිකයකු බවත්, ඔහු පසුගිය සමයේ දකුණු ලෙබනනයේ එම සාමාජිකයින්ට අවි පුහුණුව ලබා දුන් අයකු බවත් ඊශ්‍රායල හමුදා පවසති.
  • අඛණ්ඩ ඊශ්‍රායල ප්‍රහාර හමුවේ ඉරාන සහාය හිමි හිස්බුල්ලා සංවිධානය දැඩි පසුබැසීමකට ලක් විය.
අකුරු ප්‍රමාණය (Font Size):



එසේ මියගොස් ඇත්තේ, ලෙබනන හිස්බුල්ලා සන්නද්ධ සංවිධානයට අනුබද්ධ අල් - මනාර් රූපවාහිනී සේවයේ අලි නූර් අල්-ඩින් නම් රූපවාහිනී මාධ්‍යවේදියකු බව එම සංවිධානය පවසයි.  

ලෙබනන මාධ්‍යවේදීන් ද දැන්, ඊශ්‍රායල හමුදා ඉලක්ක වී ඇතැයි, හිස්බුල්ලා සංවිධානය චෝදනා කරයි.

අල්-ඩින් නැමැත්තා සන්නද්ධ හිස්බුල්ලා සාමාජිකයකු බවත්, ඔහු පසුගිය සමයේ දකුණු ලෙබනනයේ එම සාමාජිකයින්ට අවි පුහුණුව ලබා දුන් අයකු බවත් ඊශ්‍රායල හමුදා පවසති.

අඛණ්ඩ ඊශ්‍රායල ප්‍රහාර හමුවේ ඉරාන සහාය හිමි හිස්බුල්ලා සංවිධානය දැඩි පසුබැසීමකට ලක් විය. අනතුරුව, එක්සත් ජනපද මැදිහත්වීමෙන් ඊශ්‍රායලය සහ ලෙබනනය 2024 වසරේ සටන් විරාමයකට පිවිසියහ.

හිස්බුල්ලා ත්‍රස්තයින් නිරායුධ කරන ලෙස දන්වා ලෙබනනයට එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය වෙතින් දිගින් දිගටම බලපෑම් එල්ල වේ.

(සටහන |Reuters  ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)

මුලාශ්‍රය :

Hezbollah says Israeli strike killed Al-Manar TV presenter in southern Lebanon

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...