BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
විදේශ

ඊශ්‍රායලය යළි පහර දීමේ සූදානමක

T

The Leader Desk

January 28, 2026 • 4:41 AM

ඊශ්‍රායලය යළි පහර දීමේ සූදානමක

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පලස්තීන ජනයා දකුණු ගාසා තීරයේ විශාල කඳවුරකට ගාල් කිරීමට ඊශ්‍රායලය සැරසේ.
  • නව කඳවුර මුහුණු හැඳිනීමේ තාක්ෂණය වැනි නවීන අවේක්ෂණ පද්ධතීන්ගෙන් සමන්විතව ඉදි කිරීමට යෝජිත බව ද වාර්තා වේ.
  • ඊට ඇතුළුවීම  සහ ඉන් පිටවීම ඊශ්‍රායල කාර්ය මණ්ඩල විසින් නිරීක්ෂණය කෙරෙනු ඇත.
  • ගාසා තීරය සහ ඊජිප්තුව හරහා වැටී ඇති රෆා දේශ සීමා කොරිඩෝව සීමිත කාලසීමාවකට යළි විවෘත කිරීමට ඊශ්‍රායලය සූදානමින් සිටී.
අකුරු ප්‍රමාණය (Font Size):

 

ඒ පිණිස එහි බිම් කඩක් දැනටමත් එළි පෙහෙළි කර ඇතැයි, එම හමුදා උපදේශකයෙක් වන විශ්‍රාමික ජෙනරාල්වරයකු උපුටා දක්වමින් රොයිටර්ස් පුවත් සේවය පවසයි. නව කඳවුර මුහුණු හැඳිනීමේ තාක්ෂණය වැනි නවීන අවේක්ෂණ පද්ධතීන්ගෙන් සමන්විතව ඉදි කිරීමට යෝජිත බව ද වාර්තා වේ. විශ්‍රාමික ඊශ්‍රායල හමුදා නිලධාරියකු වන බ්‍රිගේඩියර් - ජෙනරාල් අමීර් අවිව් විසින් මෙම තතු අනාවරණය කර තිබේ.

 

jer2 309

රෆා කලාපයේ හමාස් සංවිධානය විසින් ඉදි කළ උමං පද්ධති පැවති භූමියක, එම බාධක ඉවත් කර කඳවුරු භූමිය ඉදි කෙරේ. ඊට ඇතුළුවීම  සහ ඉන් පිටවීම ඊශ්‍රායල කාර්ය මණ්ඩල විසින් නිරීක්ෂණය කෙරෙනු ඇත.

අවිව්, ඊශ්‍රායල ආරක්ෂක සංසදයේ නිර්මාතෘවරයා ද වේ. එම සංසදය දහස් සංඛ්‍යාත ඊශ්‍රායල භට සාමාජිකත්වයකින් සමන්විත ය. ගාසා තීරය අතහැර ඊජිප්තුවට සංක්‍රමණය වීමේ සූදානමින් පසුවන පලස්තීනුවන් මෙන්ම තව දුරටත් නිජ බිම රැඳී සිටීමට අපේක්ෂා කරන පලස්තීනුවන්ට ද නව කඳවුරේ ලැගුම් හිමි වේ.

rafah
ගාසා තීරය සහ ඊජිප්තුව හරහා වැටී ඇති රෆා දේශ සීමා කොරිඩෝව සීමිත කාලසීමාවකට යළි විවෘත කිරීමට ඊශ්‍රායලය සූදානමින් සිටී. ඒ ඔස්සේ, පලස්තීනුවන් බලහත්කාරයෙන් ඊජිප්තුව වෙත පිටමං කිරීමට සැලසුම් කෙරෙන බවට වන චෝදනා ඊශ්‍රායලය ප්‍රතික්ෂේප කරයි. 2025 ඔක්තෝබරයේ සිට  ඇරඹි සටන් විරාමයෙන් පසුව රෆා කලාපය මුළුමනින්ම ඊශ්‍රායල හමුදා පාලනයට නතුව පවතී. එහි කිසිදු ගාසා වාසියකු නැතැයි, අවිව් කියා සිටී.

ගාසා ජනගහනය ගාල් කිරීමට රෆා හි කඳවුරක් ඉදි කරන ලෙස හමුදාවන්ට නියෝග කළ බව, ඉකුත් ජුලි මස ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය, ඉශ්‍රයෙල් කැට්ස් කියා සිටියේය.

හමාස් සංවිධානය අවි අත් නොහරින්නේ නම්, ඊට එරෙහි නව ඊශ්‍රායල හමුදා ක්‍රියාන්විතයක් දියත් කිරීමේ සූදානමක් පවතින බව ද අවිව් පැවසීය. එවන් මොහොතක ගාසා තීරයෙන් පලා එන පලස්තීනුවන් ගාල් කිරීම පිණිස ද නව කඳවුර භාවිතා කෙරෙනු ඇත.

2026 01 27T101757Z 1 LYNXMPEM0Q0MW RTROPTP 4 ISRAEL PALESTINIANS GAZA

 

"සියලු සැලසුම් සකස් කර අවසන්. ප්‍රහාර පිණිස කැබිනට් අනුමැතියෙන් රාජ්‍ය නියෝග ලැබෙන තෙක් ඊශ්‍රායල හමුදා සන්නද්ධ සූදානමේ," අවිව් කීය.  

(සටහන |Reuters  ඇසුරින්; හර්ෂ  උදයකාන්ත පීරිස්)

මුලාශ්‍රය :

Israel plans large camp for Palestinians in southern Gaza, retired general says

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...