BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
විදේශ

මහාරාෂ්ට්‍ර නියෝජ්‍ය මහ ඇමති ගුවන් අනතුරකින් ජිවිතක්ෂයට

T

The Leader Desk

January 28, 2026 • 6:26 AM

මහාරාෂ්ට්‍ර නියෝජ්‍ය මහ ඇමති ගුවන් අනතුරකින් ජිවිතක්ෂයට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඉන්දියාවේ ධනවත්ම ප්‍රාන්තය වන මහාරාෂ්ට්‍රයේ නියෝජ්‍ය මහ ඇමති, අජිට් පවර් අතුළු සිව් දෙනෙක් අද (28) ගුවන් යානා අනතුරකින් ජීවිතක්ෂයට පත් වූහ.
  •   යානය තුළ ඔහුගේ කාර්ය මණ්ඩලයේ දෙදෙනෙක් සහ ගුවන් කාර්ය මණ්ඩලයේ දෙදෙනෙක් වූ බව, එරට සිවිල් ගුවන් සේවා අධ්‍යක්ෂ ජෙනරාල් කාර්යාලය පැවසීය.
  • අනතුරින් කිසිවකුත් දිවි ගලවා නැත.
  • මුම්බායි සිට ගුවන් ගත වූ එම යානය නියෝජ්‍ය මහාමාත්‍යවරයාගේ ගම් පියස වන බරමතී ආසන්නයේ හදිසි ගොඩබැස්වීමකට සූදානම් වන අවස්ථාවේ එම අනතුර සිදුව ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):


ඔවුන් රැගත් කුලී ගුවන් යානය ගිනි ගෙන විනාශ වූ බව වාර්තා වේ.

පවර්, එරට ඉහළ පෙළ දේශපාලන පවුල් පසුබිමකින් පවත එන්නෙකි. ඔහු මැතිවරණ ව්‍යාපාරය පිණිස, ගුවන් මගින් සිය ගම් පියස බලා පියාසර කරමින් සිටියදී එම අනතුර සිදු විය.

 

යානය තුළ ඔහුගේ කාර්ය මණ්ඩලයේ දෙදෙනෙක් සහ ගුවන් කාර්ය මණ්ඩලයේ දෙදෙනෙක් වූ බව, එරට සිවිල් ගුවන් සේවා අධ්‍යක්ෂ ජෙනරාල් කාර්යාලය පැවසීය. අනතුරින් කිසිවකුත් දිවි ගලවා නැත.

නියෝජ්‍ය මහාමාත්‍යවරයා, අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ගේ ප්‍රබල ආධාරකරුවෙක් ද වේ.

 

abe567u
ගුවන් යානය විවෘත බිම් ප්‍රදේශයකට කඩා වැටී ගිනි ගෙන දැවෙනයුර දැක්වෙන රූප රාමු මාධ්‍යයේ විකාශය කෙරිණි.

මුම්බායි සිට ගුවන් ගත වූ එම යානය නියෝජ්‍ය මහාමාත්‍යවරයාගේ ගම් පියස වන බරමතී ආසන්නයේ හදිසි ගොඩබැස්වීමකට සූදානම් වන අවස්ථාවේ එම අනතුර සිදුව ඇත.  

(සටහන |Reuters ඇසුරින්; හර්ෂ  උදයකාන්ත පීරිස්)

මුලාශ්‍රය :

Air charter crash in India's Maharashtra kills key state leader

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

මහාරාෂ්ට්‍ර නියෝජ්‍ය මහ ඇමති ගුවන් අනතුරකින් ජිවිතක්ෂයට | The Leader