BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
විදේශ

එක්සත් ජනපද තර්ජන ගැන ඉරාන - සෞදි නායකයෝ දුරකථන සංවාදයක

T

The Leader Desk

January 28, 2026 • 7:31 AM

එක්සත් ජනපද තර්ජන ගැන ඉරාන - සෞදි නායකයෝ දුරකථන සංවාදයක

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එක්සත් ජනපද ගුවන් - නාවුක බල ඇණියක් රැගත් ඒබ්‍රහම් ලින්කන් යුද නෞකාව මැද පෙරදිග කලාපයට පිවිසීමෙන් අනතුරුව ඊයේ (27), ඉරාන ජනපති මසූද් පෙසෙෂ්කියාන් සහ සෞදි ඔටුන්න හිමි කුමරු මොහම්මෙද් බින් සල්මන් අතර දුරකථන සංවාදයක් සිදුව තිබේ.
  • ඉරාන රජයට එරෙහි අරගලකරුවන් මර්දනයට විරෝධය පා එරටට ප්‍රහාර එල්ල කිරීමේ සූදානමක් පවතින බව එක්සත් ජනපද රජය පසු ගිය සති කිහිපයේම කියා සිටියේය.
  • එම තර්ජනය කලාපීය ආරක්ෂාවට බාධාවක් බව එහිදී අවධාරණය කර තිබේ.
  • ආර්ථික  සහ බාහිර බලපෑම් හේතුවෙන් පසු ගිය කාලසීමාවේ ඉරානය බෙහෙවින් අස්ථාවර අඩියකට ඇද වැටුණු බව ජනපති කාර්යාලය  විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
අකුරු ප්‍රමාණය (Font Size):

ඊශ්‍රායල හෝ එක්සත් ජනපද ප්‍රහාරයක් පිලිබඳ ඉරානය දැඩි විමසිල්ලෙන් පසු වේ.

ඉරාන රජයට එරෙහි අරගලකරුවන් මර්දනයට විරෝධය පා එරටට ප්‍රහාර එල්ල කිරීමේ සූදානමක් පවතින බව එක්සත් ජනපද රජය පසු ගිය සති කිහිපයේම කියා සිටියේය. ජන අරගලයෙන් මේ වන විටත්, දහස් සංඛ්‍යාත ඉරාන වැසියන් පිරිසක් මරු වැළඳ සිටිති.

ඉරාන ජනපති මසූද් පෙසෙෂ්කියාන්

පෙසෙෂ්කියාන් සහ සල්මන් අතර දුරකථන සංවාදය, එක්සත් ජනපද 'තර්ජනය' පිළිබඳව ය. එම තර්ජනය කලාපීය ආරක්ෂාවට බාධාවක් බව එහිදී අවධාරණය කර තිබේ. කිසිවකුට ජය හිමි නොවන එවන් ගැටුමකදී සිදු වන්නේ, කලාපය අස්ථාවර වීම පමණකැයි, ඉරාන ජනපතිවරයාගේ අදහස ය.

ආර්ථික  සහ බාහිර බලපෑම් හේතුවෙන් පසු ගිය කාලසීමාවේ ඉරානය බෙහෙවින් අස්ථාවර අඩියකට ඇද වැටුණු බව ජනපති කාර්යාලය  විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

නායක දෙපළ අතර දුරකථන සංවාදයේදී, කලාපීය ස්ථාවරත්වය, ආරක්ෂාව සහ සංවර්ධනය පිලිබඳ සෞදි කුමරු පැහැදිලි සහතිකයක් ලබා දුන් බව ද එම නිවේදනයේ වැඩි දුරටත් දැක්වේ.

ඉරානයට එරෙහි කිනම් ආකාරයේ හෝ සතුරු ප්‍රහාරයක් වෙනුවෙන් සිය ගුවන්, සමුද්‍රීය හෝ දේශ  සීමා කලාප භාවිතා කිරීමට කිසි සේත් ඉඩ ප්‍රස්තා නැතැයි, එක්සත් අරාබි එමීර් රාජ්‍යය පසුගිය දා පැවසීය.

princeසෞදි ඔටුන්න හිමි කුමරු මොහම්මෙද් බින් සල්මන්
කෙසේ වුව, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ, අබු ඩාබි අගනුවරට දකුණින් එක්සත් ජනපද අල් ඩෆ්‍රා ගුවන් හමුදා කඳවුර ස්ථාන ගත කර  තිබේ. එය ඉරානයට එරෙහි එක්සත් ජනපද ප්‍රහාරයකදී තීරණාත්මක යුද කේන්ද්‍රයකි.

ඉරානයේ ස්වෛරීභාවය සහ කලාපීය ඒකාග්‍රතාව පිළිගැනීම සම්බන්ධයෙන් ඉරාන ජනපති විසින් සෞදි ඔටුන්න හිමි කුමරාට සිය හෘදයංගම ස්තුතිය පිරිනමා තිබේ.  

(සටහන |Al Jazeera ඇසුරින්; හර්ෂ  උදයකාන්ත පීරිස්)

මුලාශ්‍රය :

Iran’s President Pezeshkian warns of regional instability amid US threats

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

එක්සත් ජනපද තර්ජන ගැන ඉරාන - සෞදි නායකයෝ දුරකථන සංවාදයක | The Leader