BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
විදේශ

තර්ජනවලට බයේ සාකච්ඡා කරන්නෙ නෑ' - ඉරාන විදෙස් ඇමති

T

The Leader Desk

January 28, 2026 • 10:15 AM

තර්ජනවලට බයේ සාකච්ඡා කරන්නෙ නෑ' - ඉරාන විදෙස් ඇමති

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඊශ්‍රායල ඔත්තුකරුවකුට අද (28) ඉරානයේදී මරණ දඬුවම ක්‍රියාත්මක කෙරිණි.
  •   හමිඩ්‍රෙසා, 2025 අප්‍රේල් 29 දා ඉරාන බලධාරීන් විසින් අත්අඩංගුවට ගැනිණි.
  • ඔහු ඊශ්‍රායලයේ මොසාඩ් ඔත්තු සේවයට සම්බන්ධ අයකු බව ඉරානය චෝදනා කළේය.
  • නෛතික ක්‍රියාවලියක් ඔස්සේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඔහුට එරෙහි චෝදනා සැකයෙන් තොරව සනාථ කළ බව රාජ්‍ය මාධ්‍ය කියා සිටී.
අකුරු ප්‍රමාණය (Font Size):

එසේ එල්ලා මරණ ලද්දේ හමිඩ්‍රෙසා සබෙත් එස්මහිලීපූර් නම් ඔත්තු කරුවකු බව ඉරාන අධිකරණ මාධ්‍ය වන මීසාන් පැවසීය.

ඊශ්‍රායලය හා දශක ගණනක සෙවනැළි යුද්ධයෙක පැටලී සිටින ඉරානය මීට පෙරද එම චෝදනා මත පුද්ගලයින් රැසකට මරණ දඬුවම ක්‍රියාත්මක කළේය.

 

ir565676

හමිඩ්‍රෙසා, 2025 අප්‍රේල් 29 දා ඉරාන බලධාරීන් විසින් අත්අඩංගුවට ගැනිණි. ඔහු ඊශ්‍රායලයේ මොසාඩ් ඔත්තු සේවයට සම්බන්ධ අයකු බව ඉරානය චෝදනා කළේය. නෛතික ක්‍රියාවලියක් ඔස්සේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඔහුට එරෙහි චෝදනා සැකයෙන් තොරව සනාථ කළ බව රාජ්‍ය මාධ්‍ය කියා සිටී.

මේ අතර, එක්සත් ජනපදය හා සාකච්ඡා ඉල්ලා මෑතකදී එරට විශේෂ නියෝජිත ස්ටීව් විට්කොෆ් සමග කතා බහ කළ බවට පළ වන පුවත් සාවද්‍ය බව, ඉරාන විදේශ අමාත්‍ය, අබ්බාස් අරඛ්චි පවසයි.

එක්සත් ජනපද ගුවන් - නාවුක බල ඇණියක් මැද පෙරදිග කලාපය වෙත පිටත් කර ඇති මොහොතේ, ටෙහෙරානය වහා වොෂින්ටනය සමග සාකච්ඡා කරනු ඇතැයි  අපේක්ෂා කරන බව, ජනපති ට්‍රම්ප් ඊයේ (27) පැවසීය.

 

ir5656u67868

"මා හා විට්කොෆ් අතර මෑතක කිසිදු කතා බහක් සිදුව නැහැ. ඒ වගේම, අපේ පාර්ශ්වයෙන් සාකච්ඡා සඳහා කිසිදු ඉල්ලීමක් ද සිදු කර නැහැ," යි අරඛ්චි  පැවසීය. එහෙත් මැදහත් කරුවන් රැසක් මේ මොහොතේ උපදේශන පිණිස ටෙහෙරානය හා සම්බන්ධ ව සිටින බව ද ඔහු සඳහන් කළේය.

"අපේ ස්ථාවරය පැහැදිලියි. තර්ජන වලට බයේ නං අපි සාකච්ඡා මේසෙට වාඩි  වෙන්නේ නෑ. ඔය කියන සාකච්ඡා සිද්ධ වෙන්නෙ, දැන් කරන පිස්සු විකාර නතර කරලා, අනවශ්‍ය ඉල්ලීම් ඉවත් කරගත් දාට පමණයි," ඔහු අවධාරණය කළේය.

ජාත්‍යන්තර නීතිය යටතේ, යුදකාමී පසුබිමින් තොර ඕනෑම ක්‍රියාවලියක් සාදරයෙන් පිළිගන්නා බව, ඉරාන ජනපති, මසූද් පෙසෙෂ්කියාන් ඊයේ සෞදි ඔටුන්න හිමි මොහම්මෙද් බින් සල්මන් කුමරු සමග දුරකථන සංවාදයකදී කියා සිටියේය.

(සටහන |Reuters ඇසුරින්; හර්ෂ  උදයකාන්ත පීරිස්)

මුලාශ්‍රය :

Iran executes man accused of spying for Israel

Iran says it did not request negotiations with US

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...