BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
විදේශ

'න්‍යෂ්ටික අවි හරණයට වහා සාකච්ඡාවට නාවොත් පහර දෙනවා' - ජනපති ට්‍රම්ප්

T

The Leader Desk

January 29, 2026 • 6:20 AM

'න්‍යෂ්ටික අවි හරණයට වහා සාකච්ඡාවට නාවොත් පහර දෙනවා' - ජනපති ට්‍රම්ප්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • වහා සාකච්ඡා මේසයට එන්නැයි එක්සත් ජනපද ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ (28), ඉරාන රජයට දන්වා සිටියේය. නොඑසේව, මීළඟ ප්‍රහාරය අතිශය දරුණු වනු ඇතැයි, ඔහු අනතුරු ඇඟවීය.
  • ප්‍රතිචාර වශයෙන්, යම් ප්‍රහාරයක් එල්ල කළහොත් අනිවාර්ය ප්‍රති-ප්‍රහාර එල්ල කරන බව,  ඉරානය තර්ජනය කර සිටී.
  • එක්සත් ජනපද ප්‍රහාරයකට සහාය දෙන ඊශ්‍රායලය සහ අන්‍ය කඳවුරු වෙත ද නියතව පහර දෙන බව, ඔවුහු කියා සිටිති.
  • ඇත්තම කතාව ඔන්න ඕකයි!" සමාජ මාධ්‍යයේ සටහනක් තබමින් ට්‍රම්ප් පැවසීය.
අකුරු ප්‍රමාණය (Font Size):


ඉරානය සමග න්‍යෂ්ටික අවි ගිවිසුමකට පිවිසීම ඔහුගේ අපේක්ෂාවය.

ප්‍රතිචාර වශයෙන්, යම් ප්‍රහාරයක් එල්ල කළහොත් අනිවාර්ය ප්‍රති-ප්‍රහාර එල්ල කරන බව,  ඉරානය තර්ජනය කර සිටී. එක්සත් ජනපද ප්‍රහාරයකට සහාය දෙන ඊශ්‍රායලය සහ අන්‍ය කඳවුරු වෙත ද නියතව පහර දෙන බව, ඔවුහු කියා සිටිති.

"මං හිතනවා ඉරානය සාකච්ඡා කරන්න එයි කියල. සාධාරණ, පෑහෙන ගනුදෙනුවකට ඔවුන් ඒවි. ඒ කියන්නෙ, න්‍යෂ්ටික අවි බැහැ. ඒක හැමෝටම හොඳයිනෙ. වෙලාව යනවා හරි වේගෙන්... ඇත්තම කතාව ඔන්න ඕකයි!" සමාජ මාධ්‍යයේ සටහනක් තබමින් ට්‍රම්ප් පැවසීය.

trump 11
අනතුරු ඇඟවීම් නොතකා හැරීමෙන් පසුගිය ජුනි මස ඉරානයට අත්විඳීමට සිදුවූ දැවැන්ත ගුවන් ප්‍රහාරය පිළිබඳවද ඔහු සැළ කර සිටියේය.

"මතකයිනෙ.. ඊළඟ එක ඊට වඩා අති දරුණුයි. ඒක වෙන්න තියන්න එපා," ඔහු වැඩි දුරටත් සඳහන් කළේය. මැද පෙරදිග සාගර කලාපයේ එක්සත් ජනපද බල ඇණිය ඉරානය බලා යාත්‍රා කරමින් ඇතැයි ද ඔහු පැවසීය.

මේ අතර, ඉරානයට එරෙහි ඕනෑම ප්‍රහාරයක ට සූදානමින් පසුවන බව උත්තරීතර නායක අයතොල්ලා අලි ඛමෙනි ගේ උපදේශකයකු වන අලි ෂම්ඛානි එක්ස් (X) පණිවුඩයකින් දන්වා සිටියේය. එක්සත් ජනපදයට එල්ල කෙරෙන එම ප්‍රති ප්‍රහාරයන්හි ප්‍රති විපාක ඊශ්‍රායලය ඇතුළු මිත්‍ර සන්ධානයට ද එක සේ අත්විඳීමට සිදු වන බව  ඔහු අනතුරු ඇඟවීය.

ඉරාන සන්නද්ධ හමුදා ඕනෑම මොහොතක "කොකා ගැස්වීමට"  සීරුවන් තබා ඇතැයි,  එරට විදේශ අමාත්‍ය, අබ්බාස් අරඛ්චි ද ඊයේ, එක්ස් (X)  සටහනක් මගින් කියා සිටියේය.  

 

abbasඅබ්බාස් අරඛ්චි

"ඒ වගේම, ඉරානය සැමවිටම සාමකාමී න්‍යෂ්ටික තාක්‍ෂණය පිණිස ඉරානය සතු අයිතිය  තහවුරු කෙරෙන,  එමෙන්ම, සමානාත්මතාවය මත, අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායී සාධාරණ න්‍යෂ්ටික ගනුදෙනුවකට ඉදිරිපත්වීමට සූදානම්. එහෙත්, බලහත්කාරයෙන්, තර්ජනවලින් සහ බිය ගැන්වීමෙන් එවැන්නක් සාක්ෂාත් කිරීමට කිසිවකුටත් නොහැකියි," ඔහු එක්ස් (X) මත සඳහන් කළේය.

ප්‍රහාරක යානා රැගෙන යන දැවැන්ත යූ. එස්. එස්. ඒබ්‍රහම් ලින්කන් යුද නෞකාව ඉරානය බලා යාත්‍රා කෙරෙමින් ඇතැයි, ජනපති ට්‍රම්ප් දන්වා සිටී. සහායක සන්නද්ධ යාත්‍රා මැද පෙරදිග කලාපයේ ස්ථාන ගත කර ඇති බවද ඔහු   පවසයි.

යුරෝපා සංගමයේ විදෙස් අමාත්‍යවරු අද (29)  බ්‍රසල්ස් හිදී රැස් වෙති. අරගල කරුවන් මර්ධනයට එරෙහිව ඉරානයට වැඩිදුර සම්බාධක පැනවීම පිළිබඳව එහිදී සාකච්ඡා කෙරේ.


(සටහන |Reuters ඇසුරින්; හර්ෂ  උදයකාන්ත පීරිස්)

මුලාශ්‍රය :

Trump warns Iran to make nuclear deal or next attack will be 'far worse'

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...