BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
විදේශ

චීන-බ්‍රිතාන්‍ය සබඳතා අලුත් කළ දෙරට නායකයන්ගේ තීරණාත්මක හමුව

T

The Leader Desk

January 29, 2026 • 7:54 AM

චීන-බ්‍රිතාන්‍ය සබඳතා අලුත් කළ දෙරට නායකයන්ගේ තීරණාත්මක හමුව

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • චීන ජනාධිපති ෂී ජින්පිං චීනයේ නිල සංචාරයක නිරත බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය Keir Starmer හමු වුණා.
  • සාමකාමී සංවර්ධන මාවතේ සැමවිටම නියැළී සිටින චීනය, සැලසුම් සහගත ලෙස කිසිදු විටෙක යුද්ධයක් දියත් නොකරන අතර, සෙසු රටක භූමිය කිසිසේත් ම අත්පත් කර ගෙන ද නොමැති බව චීන ජනාධිපතිවරයා එහිදී පවසා තිබෙනවා.
  • චීනය කොපමණ සංවර්ධනයක් අත් කර ගත්ත ද එය සෙසු රටවලට තර්ජනයක් නොවනු ඇති බව ඔහු සඳහන් කළා.
  •     අධ්‍යාපනය, වෛද්‍ය සේවා, මූල්‍ය කටයුතු ඇතුළු ක්ෂ්‍රේයන්හි අන්‍යෝන්‍ය ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා එම සහයෝගීතා පුළුල් කිරීමට එහිදී එකඟ වී තිබෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

ඒ අද(29) පෙරවරුවේ බෙයිජිං හි මහජන මහා ශාලාවේදීය. වසර අටකට පසු බ්‍රිතාන්‍ය අගමැතිවරයෙකු චීනයේ සිදු කරන ප්‍රථම සංචාරය මෙය වීම විශේෂත්වයක්.

 

china uk

වර්තමාන කැළඹිලි සහගත ලෝකය හමුවේ, එක්සත් ජාතීන්ගේ ආරක්ෂ මණ්ඩලයේ නිත්‍ය සාමාජික රටවල් හා ලෝකයේ ප්‍රධාන ආර්ථිකයන් ලෙස චීනය හා බ්‍රිතාන්‍යය, ලෝක සාමය හා ස්ථාවරත්වය ආරක්ෂා කිරීමේදීත් දෙරටේ ආර්ථිකය හා ජීවනෝපාය ප්‍රවර්ධනය කිරීමේදීත් සංවාද හා සහයෝගීතාව තහවුරු කළ යුතු බව ෂී ජින්පිං එහිදී පෙන්වා දුන්නා.

සාමකාමී සංවර්ධන මාවතේ සැමවිටම නියැළී සිටින චීනය, සැලසුම් සහගත ලෙස කිසිදු විටෙක යුද්ධයක් දියත් නොකරන අතර, සෙසු රටක භූමිය කිසිසේත් ම අත්පත් කර ගෙන ද නොමැති බව චීන ජනාධිපතිවරයා එහිදී පවසා තිබෙනවා. චීනය කොපමණ සංවර්ධනයක් අත් කර ගත්ත ද එය සෙසු රටවලට තර්ජනයක් නොවනු ඇති බව ඔහු සඳහන් කළා.

 

 
අධ්‍යාපනය, වෛද්‍ය සේවා, මූල්‍ය කටයුතු ඇතුළු ක්ෂ්‍රේයන්හි අන්‍යෝන්‍ය ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා එම සහයෝගීතා පුළුල් කිරීමට එහිදී එකඟ වී තිබෙනවා. කෘත්‍රිම බුද්ධිය, ජෛව විද්‍යාව, නව බලශක්ති හා අඩු කාබන් තාක්ෂණයන්ට අදාළ අංශයන්හි ඒකාබද්ධ පර්යේෂණ හා කර්මාන්ත පරිවර්තනීය ලෙස ක්‍රියාවට නැංවීම පිළිබඳවත් එහිදී සාකච්ඡා කර ඇති බවයි වාර්තා වන්නේ.
 
බ්‍රිතාන්‍යය ජාතිකයින්ට වීසා රහිතව චීනයට ඇතුළු වීමේ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට චීනය අවධානය යොමු කරමින් සිටින බව ද ෂී ජින් පිං  එහිදී කියාසිටියා. එමෙන්ම, බහුපාර්ශ්වවාදය හා නිදහස් වෙළඳාම වෙත සහාය ලබා දෙන දෙරට, ප්‍රායෝගික බහුපාර්ශ්වවාදය අනුගමනය කළ යුතු බව පැවසූ චීන ජනාධිපතිවරයා, වඩාත් සාධාරණ ගෝලීය පාලන පද්ධතියක් ගොඩනැංවීම තහවුරු කළ යුතු බව ද සඳහන් කර තිබෙනවා.
 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...