BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
විදේශ

ඉරානයේ ඉරණම ජනපති ට්‍රම්ප් අතේ?

T

The Leader Desk

January 30, 2026 • 10:24 AM

ඉරානයේ ඉරණම ජනපති ට්‍රම්ප් අතේ?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඉරානය සමග සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන බව එක්සත් ජනපද ජනපති, ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ (29) පැවසීය.
  • ට්‍රම්ප් ජනපතිවරයාගේ ඕනෑම තීරණයකට අනුව වහා ක්‍රියාත්මක වීම පිණිස  එම පියවර ගත්  බව, පෙන්ටගන ප්‍රධානී පීට් හෙග්සෙත් පැවසීය.
  • ඒවා මේ වේලාවේ ඉරානය බලා යාත්‍රා කරනවා.
  • ජනපති ට්‍රම්ප් මේ මොහොතේ සුදුසුම විකල්පය විමර්ශනය කරමින් සිටින බව එම කාර්යාලය කියා සිටියේය.
අකුරු ප්‍රමාණය (Font Size):


මේ අතර පෙන්ටගනය, මැද පෙරදිග කලාපය වෙත තවත් යුද නෞකාවක් පිටත් කළේය. ට්‍රම්ප් ජනපතිවරයාගේ ඕනෑම තීරණයකට අනුව වහා ක්‍රියාත්මක වීම පිණිස  එම පියවර ගත්  බව, පෙන්ටගන ප්‍රධානී පීට් හෙග්සෙත් පැවසීය.

ජනපතිවරයා මාධ්‍යවේදීන් ඇමතුවද එම සාකච්ඡා සඳහා වොෂින්ටනයෙන් සහභාගී වන්නේ කවුරුන්දැයි තවමත් අනාවරණය කර නැත.

 

"මම තාමත් ඒ ගැන හිතමින් ඉන්නේ. අපට මහ විශාල, ඒ වගේම බල සම්පන්න නැව් තියෙනවා. ඒවා මේ වේලාවේ ඉරානය බලා යාත්‍රා කරනවා. ඒවා පාවිච්චි කරන්න බැරි වුණොත් හොඳයි.!'' ඔහු කීවේය.

ජනපති ට්‍රම්ප් මේ මොහොතේ සුදුසුම විකල්පය විමර්ශනය කරමින් සිටින බව එම කාර්යාලය කියා සිටියේය.  

"ඉරානය තවදුරටත් න්‍යෂ්ටික ශක්තීන් මත රඳා නොසිටිය යුතුයි. මේ  ජනාධිපතිවරයා විසින් යුද දෙපාර්තමේන්තුව වෙත නිකුත් කෙරෙන ඕනෑම නියෝගයක් ක්‍රියාත්මක කිරීමට අප සූදානම්," හෙග්සෙත් පැවසීය.

(සටහන |Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)

මුලාශ්‍රය :

Trump says he plans to talk to Iran while Pentagon prepares for possible action

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...