BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
විදේශ

එක්සත් ජාතීන් හිඟමනට වැටෙයි !

T

The Leader Desk

February 1, 2026 • 7:40 AM

එක්සත් ජාතීන් හිඟමනට වැටෙයි !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එක්සත් ජාතීන්ගේ සංවිධානයට නුදුරේදීම විශාල මූල්‍ය අර්බුදයකට මුහුණ පෑමට සිදුවනු ඇතැයි එහි මහලේකම් අන්තෝනියෝ ගුටරෙස් ලිපියක් මගින් සාමාජික රටවලට දන්වා ඇත.
  • ඒ සමස්ත අරමුදල්වලින් සියයට 22ක් ලෙසිනි.
  • සාමාජිකයන් 193 දෙනකුගෙන් සමන්විත එක්සත් ජාතීන්ගේ සංවිධානයට ඒ සියලු රටවලින් යම් මූල්‍ය දායකත්වයක් හිමිවේ.
  • සියයට 20ක දායකත්වයක් ලබා දේ.
අකුරු ප්‍රමාණය (Font Size):


සාමාජික රටවල් විසින් ගෙවිය යුතු හිඟමුදල් නොගෙවීම සහ වියදම් නොකළ මුදල් ආපසු ලබා දීම සම්බන්ධයෙන් පවතින අයවැය නීති මෙම තත්ත්වයට බලපා ඇත.

 

usb45yw456

එක්සත් ජාතීන්ගේ සංවිධානයට වැඩිම දායකත්වය සැපයන්නේ එක්සත් ජනපදයෙනි. ඒ සමස්ත අරමුදල්වලින් සියයට 22ක් ලෙසිනි. සාමාජිකයන් 193 දෙනකුගෙන් සමන්විත එක්සත් ජාතීන්ගේ සංවිධානයට ඒ සියලු රටවලින් යම් මූල්‍ය දායකත්වයක් හිමිවේ. මේ වන විට චීනය. සියයට 20ක දායකත්වයක් ලබා දේ. එහෙත් 2025 වසර සඳහා වන ඔවුන්ගේ දායකත්ව මුදල් මේ වන තෙක් ලැබී නොමැත. 2025 වසර අවසන් වන විට එක්සත් ජාතීන්ගේ සාමාජික රටවල් විසින් ගෙවීමට ඇති සමස්ත හිඟ මුදල අමෙරිකානු ඩොලර් බිලියන 1.57කි.

ලෝක සාමය සහ ආරක්ෂාව වෙනුවෙන් 1945 වසරේ ආරම්භ කළ එක්සත් ජාතීන්ගේ සංවිධානය මෙතරම් දැඩි මූල්‍ය අර්බුදයකට මුහුණ පෑවේ ඉතිහාසයේ පළමු වරටය.

මූල්‍ය අර්බුදය විසඳාගත නොහැකි වුවහොත් එළඹෙන ජුලි මාසය වන විට සංවිධානය මගින් ක්‍රියාත්මක කරන බොහෝ වැඩසටහන්වලට දැඩි ලෙස බලපානු ඇතැයි ද මහලේකම් වරයා ප්‍රකාශ කර තිබේ.

( lankalokaya | ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...