BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
විදේශ

රෆා කොරිඩෝව ඇරේ

T

The Leader Desk

February 2, 2026 • 3:06 PM

රෆා කොරිඩෝව ඇරේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඊශ්‍රායලය අද (02) ඊජිප්තු දේශ සීමාවේ රෆා කොරිඩෝව යළි විවෘත කළේය.
  • ගාසා තීරයේ මිලියන 2කට ආසන්න සමස්ත ජනගහනයට බාහිර ලොව සමග භූමිය මතින් සම්බන්ධ වීමට ඇති එකම මාවත එය වේ.
  • එය යළි විවෘත කිරීම ඉකුත් ඔක්තෝබරයේ  ඇරඹි ගාසා සටන් විරාමයේ මුල් අදියර තවත් කොන්දේසියක් සපුරාලීමකි.
  • එය යළි විවෘත වූ අද දින, ඒ ඔස්සේ පලස්තීනුවන් 50 දෙනකු යළි ගාසා තීරයට ඇතුළු වීමට නියමිතව තිබිණි.
අකුරු ප්‍රමාණය (Font Size):


සීමිත පලස්තීනුවන් පිරිසකට පමණක් ඒ ඔස්සේ පාගමනින් පිටවීමට සහ ඇතුළු වීමට  අවසර හිමි වේ. ඒ අනුව, අද එය විවෘත කිරීමත් සමග පලස්තීන ජාතිකයින් අතලොස්සකට ගාසා තීරයෙන් පිටවීමට සහ  යුද්ධය නිසාවෙන් ගාසා තීරයෙන් පලා ගිය සුළුතරයකට යළි ඒ වෙත පිවිසීමට අවසර හිමි විය.

රෆා කොරිඩෝව ඊශ්‍රායල පාලනය යටතේ පවතී. කලක් අඩ මිලියන අඩකට ආසන්න ජනගහනයකින් යුක්ත වූ එම ප්‍රදේශය ඊශ්‍රායලය  විසින් මුළුමනින් විනාශ කර ජන ශුන්‍ය කෙරිණි. ගාසා තීරයේ මිලියන 2කට ආසන්න සමස්ත ජනගහනයට බාහිර ලොව සමග භූමිය මතින් සම්බන්ධ වීමට ඇති එකම මාවත එය වේ.

ගාසා යුද්ධය පැවති  කාලය මුළුල්ලේම පාහේ එය වසා තැබීමට ඊශ්‍රායල හමුදා පියවර ගත්හ. එය යළි විවෘත කිරීම ඉකුත් ඔක්තෝබරයේ  ඇරඹි ගාසා සටන් විරාමයේ මුල් අදියර තවත් කොන්දේසියක් සපුරාලීමකි.

එය යළි විවෘත වූ අද දින, ඒ ඔස්සේ පලස්තීනුවන් 50 දෙනකු යළි ගාසා තීරයට ඇතුළු වීමට නියමිතව තිබිණි. එවැනිම සංඛ්‍යාවකට ඉන් පිටවීමට ද අවසර හිමි විය. ඒ සියල්ලෝ දැඩි ඊශ්‍රායල ආරක්ෂක පරීක්ෂාකිරීම් වලට භාජනය වේ.

 ගාසා යුද්ධය ඇරඹි මුල් මාස කිහිපය තුළ 100,000කට අධික පලස්තීන ජනකායක් රෆා කොරිඩෝව ඔස්සේ පලා ගියහ.


(සටහන |Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)

මුලාශ්‍රය :

Slow movement at Gaza border after Israel reopens Rafah crossing

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...