BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
විදේශ

ඉරානයේ අවිනිශ්චිත බව තුරන් වී නෑ

T

The Leader Desk

February 3, 2026 • 4:20 AM

ඉරානයේ අවිනිශ්චිත බව තුරන් වී නෑ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඉරානය වෙත එක්සත් ජනපද ප්‍රහාරයක් එල්ල වුවහොත්, මහජන කැළඹීම් යලි උද්ගත විය හැකි බවට එරට නායකත්වය අනතුරු අඟවයි.
  • එහිදී, බහුතර ඉරාන ජනතාව, ආරක්ෂක හමුදා හා ගැටෙනු ඇතැයි ද අනතුරු අඟවා තිබේ.
  • විදෙස් ප්‍රහාරයක් සමග උද්ගත විය හැකි එවැනි තත්ත්වයක් දරා සිටීමට රජය අපොහොසත් වනු ඇතැයි ද ඉරාන බලධාරීන් විසින් දන්වා තිබේ.
  • ඉස්ලාමීය  රාජ්‍යය බිඳ දැමීමට සතුරන් මාන බලමින් ඇතැයි ද, එවන් තත්ත්වයකදී පෙර නොවිඳි භීෂණයකට මුහුණ දීමට සිදුවනු ඇතැයි ද, උසස් ඉරාන නිලධාරෙයකු රොයිටර්ස් පුවත් සේවයට පැවසීය.
අකුරු ප්‍රමාණය (Font Size):


රාජ්‍ය මර්ධනය හමුවේ නොසැලුණු, රජයට එරෙහි මහජන විරෝධතා මේ වන විට යම් තාක් යටපත්ව පැවතියද, විදෙස් ප්‍රහාර හමුවේ ජනතාව මරණ බිය නොතකා යළි වීදි බසිනු ඇතැයි, ඉහළ පෙළ සාකච්ඡා කිහිපයකදීම ඉරාන උත්තරීතර නායක අයතොල්ලා අලි ඛමෙනි වෙත දන්වා තිබේ.

එහිදී, බහුතර ඉරාන ජනතාව, ආරක්ෂක හමුදා හා ගැටෙනු ඇතැයි ද අනතුරු අඟවා තිබේ. විදෙස් ප්‍රහාරයක් සමග උද්ගත විය හැකි එවැනි තත්ත්වයක් දරා සිටීමට රජය අපොහොසත් වනු ඇතැයි ද ඉරාන බලධාරීන් විසින් දන්වා තිබේ.

iran protest

ඉස්ලාමීය  රාජ්‍යය බිඳ දැමීමට සතුරන් මාන බලමින් ඇතැයි ද, එවන් තත්ත්වයකදී පෙර නොවිඳි භීෂණයකට මුහුණ දීමට සිදුවනු ඇතැයි ද, උසස් ඉරාන නිලධාරෙයකු රොයිටර්ස් පුවත් සේවයට පැවසීය. විදෙස් ප්‍රහාරයක් සමග ඇතිවිය  හැකි මහජන උද්ඝෝෂණ හමුවේ, පාලන තන්ත්‍රය බිඳ වැටෙනු ඇතැයි, ඔහු කියා සිටියේය.

විරෝධතාකරුවන් "උසි" ගැන්වීම පිණිස, ඉරාන නායකියින් සහ හමුදා ඉලක්ක කර ප්‍රහාර දියත් කිරීමට එක්සත් ජනපද නායක ඩොනල්ඩ් ට්‍රම්ප් සැලසුම් සකස් කරමින් ඇතැයි, විදෙස් ආරංචි මාර්ග කියයි. දැඩි මතධාරී සහ මූලධර්මවාදී ඉරාන පාලන තන්ත්‍රය මුළුමනින්ම බිඳ දැමීමට ගුවන් ප්‍රහාර පමණක් ප්‍රමාණවත් නොවන බව ඊශ්‍රායල සහ අන්‍ය අරාබි රටවල ද මතයයි.

(සටහන |Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)

මුලාශ්‍රය :

Exclusive: Iran fears US strike may reignite protests, imperil rule, sources say

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...