BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
විදේශ

ගඩාෆිගේ පුත්‍රයා මරා දමලා

T

The Leader Desk

February 4, 2026 • 4:42 AM

ගඩාෆිගේ පුත්‍රයා මරා දමලා

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ලිබියානු නායක කර්නල් මුවම්මාර් ගඩාෆිගේ පුතු සායිෆ් අල් ඉස්ලාම් ඝාතනයට ලක්වුණු බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
  • කෙසේ නමුත් ඔහු කිසිදු තනතුරක් හෙබවූයේ නැත.
  • සායිෆ් අල් ඉස්ලාම් මියගිය බව ඔහුගේ නීතීඥ අබ්දුල්ලා ඔතාමාන් දැනුම් දුන්නේ සමාජ මාධ්‍ය ඔස්සේය.
  • ලිබියානු මාධ්‍ය වාර්තා කර ඇත්තේ, මුහුණු ආවරණය කරගත් සන්නද්ධ පුද්ගලයන් සිවු දෙනකු, සායිෆ් අල් ඉස්ලාම්ගේ සින්ටානා නුවර නිවසට කඩා වැදී ඔහුට වෙඩි තැබූ බවය.
අකුරු ප්‍රමාණය (Font Size):


කර්නල් මුවම්මාර් ගඩාෆි ලිබියාව පාලනය කරද්දී, 2000 වසරේ සිට 2011 තෙක් කාලයේ ඔහුගේ දෙවැනියා ලෙස කටයුතු කළේ සායිෆ් අල් ඉස්ලාම්ය. කෙසේ නමුත් ඔහු කිසිදු තනතුරක් හෙබවූයේ නැත.

සායිෆ් අල් ඉස්ලාම් මියගිය බව ඔහුගේ නීතීඥ අබ්දුල්ලා ඔතාමාන් දැනුම් දුන්නේ සමාජ මාධ්‍ය ඔස්සේය. ලිබියානු මාධ්‍ය වාර්තා කර ඇත්තේ, මුහුණු ආවරණය කරගත් සන්නද්ධ පුද්ගලයන් සිවු දෙනකු, සායිෆ් අල් ඉස්ලාම්ගේ සින්ටානා නුවර නිවසට කඩා වැදී ඔහුට වෙඩි තැබූ බවය.

Gadafis son

 

මියයනවිට සායිෆ් අල් ඉස්ලාම්ගේ වයස අවුරුදු 53 ක් බව පැවැසෙයි. පසුගිය කාලය පුරාවට දේශපාලන වශයෙන් අස්ථාවර වූ ලිබියාවේ කැපී පෙනෙන දේශපාලඥයකු ලෙස ද සායිෆ් අල් ඉස්ලාම් ගඩාෆි කටයුතු කළ බව ද පැවැසෙයි.

බටහිර සහාය ලැබූ ජනතා කැරැල්ලකින් ගඩාෆිගේ පාලනය අවසන් වූයේ 2011 වසරේදීය. සැඟවී සිටි කර්නල් ගඩාෆි අමු අමුවේ ඝාතනය කෙරුණි. එම ලිබියානු විපක්ෂය විසින් මෙහෙයවනු ලැබූ එම කැරැල්ලට සහාය දුන්නේ ඇමෙරිකාව සහ ප්‍රංශයයි.

දශක ගණනක ගඩාෆි පාලනය අවසන් වීමෙන් පසු ලිබියාව දේහපාලනික වශයෙන් සහ ආර්ථික වශයෙන් අස්ථාවර විය.

 

Gadafis son 1
ගඩාෆි පාලනය අවසන් වෙද්දී, රටින් පලා යෑමට උත්සාහ ගත් සායිෆ් අල් ඉස්ලාම් අත්අඩංගුවට ගැණුනි. කෙසේ නමුත් 2017 වසරේ දී ඔහු පොදු සමාවයක් යටතේ නිදහස ලැබීය.

| lankadeepa

මුලාශ්‍ර :

How Saif al-Islam Gaddafi, Son Of Ex-Libyan Dictator Muammar Gaddafi, Was Killed

Who was Saif al-Islam Gaddafi, the man once seen as Libya’s next leader?

Saif al-Islam Gaddafi, son of ex-Libyan leader, reportedly shot dead

Saif al-Islam Gaddafi, son of former leader, killed in Libya

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ගඩාෆිගේ පුත්‍රයා මරා දමලා | The Leader