BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
විදේශ

චීන-රුසියා ජනපතිවරුන් අතර විශේෂ සාකච්ඡාවක්

T

The Leader Desk

February 5, 2026 • 6:02 AM

චීන-රුසියා ජනපතිවරුන් අතර විශේෂ සාකච්ඡාවක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • චීන ජනාධිපති ෂී ජින්පිං ඊයේ(4) පස්වරුවේ බෙයිජිංහි මහජන මහා ශාලාවේ සිට රුසියානු ජනාධිපති ව්ලැදිමිර් පුටින් සමග වීඩියෝ සංවාදයක් පවත්වා තිබෙනවා.
  •   නව වසර දෙස බලා සිටිමින් රුසියානු-චීන සබඳතාව කෙරෙහි තම රට පූර්ණ විශ්වාසයකින් සිටින බව රුසියානු ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කළා.
  • රාජ්‍ය නායක දෙපළ පොදු ජාත්‍යන්තර සහ කලාපීය උණුසුම් ප්‍රශ්න පිළිබඳව අදහස් හුවමාරු කර ගත් බවයි වාර්තා වන්නේ.
අකුරු ප්‍රමාණය (Font Size):


මෙම වසර චීනයේ පස් අවුරුදු සැලැස්මේ ආරම්භක වසර බවත් වඩාත් සක්‍රිය විවෘතභාවයක් හරහා රුසියාව ඇතුළු ලෝකයේ විවිධ රටවල් සමග සංවර්ධනයේ නව අවස්ථා බෙදා ගැනීමට චීනය කැමැත්තෙන් සිටින බවත් ෂී ජින්පිං එම අවස්ථාවේදී සඳහන් කළා.

2026 වසරේ ආරම්භයේ සිට ජාත්‍යන්තර තත්ත්වය වඩ වඩාත් කැළඹිලි සහිත වී ඇති අතර වගකිවයුතු ප්‍රධාන රටවල් හා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ ස්ථාවර සාමාජිකයන් ලෙස, චීනය සහ රුසියාව ජාත්‍යන්තර සාධාරණත්වය සහ යුක්තිය ප්‍රවර්ධනය කරමින් ගෝලීය උපායමාර්ගික ස්ථාවරත්වය පවත්වා ගැනීමට එක්ව ක්‍රියා කළ යුතු බව ෂී ජින්පිං ජනාධිපතිවරයා එහිදී පෙන්වා දී තිබෙනවා.

 

නව වසර දෙස බලා සිටිමින් රුසියානු-චීන සබඳතාව කෙරෙහි තම රට පූර්ණ විශ්වාසයකින් සිටින බව රුසියානු ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කළා. සංකීර්ණ හා අස්ථාවර ජාත්‍යන්තර තත්ත්වය හමුවේ, ජාත්‍යන්තර කටයුතුවලට ධනාත්මක ශක්තියක් එකතු කිරීම සඳහා, එක්සත් ජාතීන්ගේ සංවිධානය, ෂැංහයි සහයෝගිතා සංවිධානය සහ බ්‍රික්ස් ඇතුළු බහුපාර්ශ්වික වේදිකාවල චීනය සමග උපායමාර්ගික සහයෝගීතාව අඛණ්ඩව ශක්තිමත් කිරීමට රුසියාව කැමැත්තෙන් සිටිනවා. රාජ්‍ය නායක දෙපළ පොදු ජාත්‍යන්තර සහ කලාපීය උණුසුම් ප්‍රශ්න පිළිබඳව අදහස් හුවමාරු කර ගත් බවයි වාර්තා වන්නේ.

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...