BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
විදේශ

එක්සත් ජනපද - ඉරාන සාකච්ඡා හෙට

T

The Leader Desk

February 5, 2026 • 8:22 AM

එක්සත් ජනපද - ඉරාන සාකච්ඡා හෙට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එක්සත් ජනපදය සහ ඉරානය අතර සාකච්ඡා හෙට (6) පැවැත්වේ.
  •   අයතොල්ලා අලි ඛමෙනි එම සාකච්ඡා අන්තර්ගතය ට  ටෙහෙරානයේ මිසයිල වැඩසටහන ඇතුළත් විය යුතු බවට වන එක්සත් ජනපද යෝජනාවට ඉරානය විරෝධතාව පළ කර සිටී.
  • දෙරට අතර සාකච්ඡා ඉරාන න්‍යෂ්ටික වැඩපිළිවෙළ පිලිබඳ පමණක් බව එරට අවධාරණය කරයි.
  • ඉරානයේ උත්තරීතර නායක අයතොල්ලා අලි ඛමෙනිට පසුතැවිලි වීමට සිදු වේ දැයි, බදාදා (4)  මාධ්‍යවේදීන් නැගූ පැනයකට පිළිතුරු දුන් එක්සත් ජනපද ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්, "අනිවාර්යයෙන් ම " යි, කියා සිටියේය.
අකුරු ප්‍රමාණය (Font Size):


ඕමානයේදී එම සාකච්ඡා පැවැත්වීමට දෙරටේ එකඟතාව පල වී තිබේ.

 

ayrytr65අයතොල්ලා අලි ඛමෙනි

එම සාකච්ඡා අන්තර්ගතය ට  ටෙහෙරානයේ මිසයිල වැඩසටහන ඇතුළත් විය යුතු බවට වන එක්සත් ජනපද යෝජනාවට ඉරානය විරෝධතාව පළ කර සිටී. දෙරට අතර සාකච්ඡා ඉරාන න්‍යෂ්ටික වැඩපිළිවෙළ පිලිබඳ පමණක් බව එරට අවධාරණය කරයි.

මැද පෙරදිග කලාපයේ එක්සත් ජනපද හමුදා බල ඇණි තවදුරටත් ශක්තිමත් කෙරෙමින් පවතී.

ඉරානයේ උත්තරීතර නායක අයතොල්ලා අලි ඛමෙනිට පසුතැවිලි වීමට සිදු වේ දැයි, බදාදා (4)  මාධ්‍යවේදීන් නැගූ පැනයකට පිළිතුරු දුන් එක්සත් ජනපද ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්, "අනිවාර්යයෙන් ම " යි, කියා සිටියේය.

 

ඉරානයේ බැලස්ටික් මිසයිල වැඩසටහන සහ මැද පෙරදිග වෙනත් සන්නද්ධ කණ්ඩායම් වෙත ඉරාන සහාය ලබා දීම සම්බන්ධයෙන් ද නියත වශයෙන් සාකච්ඡාවන්ට බඳුන් කරන බව, එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ පැවසීය.

න්‍යෂ්ටික ගැටලුව පිලිබඳ එක්සත් ජනපදය හා සාකච්ඡා කිරීමට ලද ඇරයුම සාදරයෙන් පිළිගත්තද, ඊට අන්‍ය කරුණු ඇතුළත් කිරීම මගින් හරවත් කතාබහ කඩාකප්පල් වීම නොවැලැක්විය හැකි කරුණක් බව ඉරාන රජය අවධාරණය කරයි.

(සටහන |Reuters ඇසුරින්; හර්ෂ  උදයකාන්ත පීරිස්)

මුලාශ්‍රය :

US and Iran agree to Friday talks in Oman but still at odds over agenda

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...