BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
විදේශ

පෘතුගාලයේ සහ ස්පාඥ්ඥයේ ජල විපත්

T

The Leader Desk

February 5, 2026 • 2:27 PM

පෘතුගාලයේ සහ ස්පාඥ්ඥයේ ජල විපත්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පෘතුගාලයේ ජල ගැල්මට හසු වූ මෝටර් රථයක් තුළ සිරවී පුද්ගලයකු ජීවිතක්ෂයට පත් විය.
  • අයහපත් කාලගුණ විපතින් පුද්ගල මරණ කිහිපයක් ද වාර්තා වේ.
  • ඉකුත් සතියේ පෘතුගාලයට පතිත වූ ක්‍රිස්ටීන් සුළි කුණාටුවෙන් සිදු වූ හානි පුර්ණයට යුරෝ බිලියන 4ක් වැයවෙතැයි ඇස්තමේන්තු කොට තිබේ.
  • කලාපයට බලපා ඇති අධිකතර අයහපත් කාලගුණයෙන් ගංගා 14ක් සහ වේලි 10ක් මේ වන විටත්, අතිශය අවදානම් පිටාර මට්ටමේ පවතී.
අකුරු ප්‍රමාණය (Font Size):

ස්පාඥ්ඥයේ පිටාර ගැලූ ගංගාවක ගසා යමින් සිටි සිය සුරතල් සුනඛයා බේරා ගැනීමට තැත් කළ දැරියක ද මරුමුවට පත්වූවාය.

අයිබියරියන් අර්ධද්වීපය ලියනාර්ඩෝ  සුළි කුණාටුවට හසුව පවතී. කලාපයෙන් ධාරාණිපාත සැඩ සුළං වාර්තා වේ.

පෘතුගාලය සහ ස්පාඥ්ඥය මෙම වසරේ ශීත සෘතු සුළි කුණාටු හයකට පමණ බඳුන් විය. ලියනාර්ඩෝ සුළි කුණාටුව එහි නවතම ස්වභාවික ආපදා තත්ත්වය ය. නිවාස රැසක වහලය මුළුමනින්ම විනාශ වූ අතර නගර රැසක් ජල ගැල්මට හසුව පවතී. අයහපත් කාලගුණ විපතින් පුද්ගල මරණ කිහිපයක් ද වාර්තා වේ.

ඉකුත් සතියේ පෘතුගාලයට පතිත වූ ක්‍රිස්ටීන් සුළි කුණාටුවෙන් සිදු වූ හානි පුර්ණයට යුරෝ බිලියන 4ක් වැයවෙතැයි ඇස්තමේන්තු කොට තිබේ.

කලාපයට බලපා ඇති අධිකතර අයහපත් කාලගුණයෙන් ගංගා 14ක් සහ වේලි 10ක් මේ වන විටත්, අතිශය අවදානම් පිටාර මට්ටමේ පවතී.

"කුණාටු දුම්රියෙන්" කලාපය වෙත එන මීළඟ සුළි කුණාටුව "මාර්තා" ය. ඇය මෙම සති අන්තයේ එහි "කඩා පාත්වීමට" නියමිතය.  


(සටහන |Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)

මුලාශ්‍රය :

One man dead, a woman missing, as Storm Leonardo hits Spain and Portugal


 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...