BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
විදේශ

අළුයට ගිනි සමග ඉරාන - එක්සත් ජනපද සාකච්ඡා අදයි

T

The Leader Desk

February 6, 2026 • 6:49 AM

අළුයට ගිනි සමග ඉරාන - එක්සත් ජනපද සාකච්ඡා අදයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඉරානය සහ එක්සත් ජනපදය අතර තීරණාත්මක 'සිකුරාදා සාකච්ඡා' අද (6) ඕමානයේ, මස්කට් නුවර දී පැවැත්වේ.
  • ඉරානයේ බැලස්ටික් මිසයිල වැඩසටහන, කලාපයේ සන්නද්ධ කැරළි හා ත්‍රස්ත සංවිධාන වෙත සහාය ලබා දීම සහ එරට අභ්‍යන්තර ජන අරගලය හා සමූලඝාතන සම්බන්ධයෙන් ද එහිදී ඉරානයෙන් ප්‍රශ්න කෙරෙන බවට වූ එක්සත් ජනපද යෝජනා ටෙහෙරානය තරයේ ප්‍රතික්ෂේප කර සිටී.
  • අර්බුදය, රාජ්‍ය තාන්ත්‍රිකව විසඳා ගැනීම දෙපසේම මූලික අවශ්‍යතාව සේ පෙනුන ද, සාකච්ඡා න්‍යාය පත්‍රයේ මෙතෙක් නොවිසඳුණු ගැටළු හේතුවෙන් තවමත් ඇත්තේ අවිනිශ්චිත තත්ත්වයකි.
  • මස්කට් සාකච්ඡා අන්තර්ගතය සිය න්‍යෂ්ටික වැඩපිළිවෙළ සම්බන්ධයෙන් බවත්, එම සාකච්ඡා ඉරාන විදේශ අමාත්‍ය, අබ්බාස් අරඛ්චි සහ එක්සත් ජනපද මැද පෙරදිග විශේෂ නියෝජිත, ස්ටීව් විට්කොෆ් ගේ සහභාගිත්වයෙන් සිදු කළ යුතු බවත් ටෙහෙරානය විසින් දන්වා තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):


ටෙහෙරානයේ න්‍යෂ්ටික වැඩපිළිවෙළ එහි ප්‍රධාන මාතෘකාවයි.

කෙසේ වෙතත්, සාකච්ඡා න්‍යාය පත්‍රය පිලිබඳ තවදුරටත් ගැටළු පවතී. ඉරානයේ බැලස්ටික් මිසයිල වැඩසටහන, කලාපයේ සන්නද්ධ කැරළි හා ත්‍රස්ත සංවිධාන වෙත සහාය ලබා දීම සහ එරට අභ්‍යන්තර ජන අරගලය හා සමූලඝාතන සම්බන්ධයෙන් ද එහිදී ඉරානයෙන් ප්‍රශ්න කෙරෙන බවට වූ එක්සත් ජනපද යෝජනා ටෙහෙරානය තරයේ ප්‍රතික්ෂේප කර සිටී.

u656thfghfghfghfg

 

සාකච්ඡා අන්තර්ගතය ඉරාන න්‍යෂ්ටික වැඩපිළිවෙළ පිලිබඳ පමණකැයි එරට අවධාරණය කරයි.

අර්බුදය, රාජ්‍ය තාන්ත්‍රිකව විසඳා ගැනීම දෙපසේම මූලික අවශ්‍යතාව සේ පෙනුන ද, සාකච්ඡා න්‍යාය පත්‍රයේ මෙතෙක් නොවිසඳුණු ගැටළු හේතුවෙන් තවමත් ඇත්තේ අවිනිශ්චිත තත්ත්වයකි.

මස්කට් සාකච්ඡා අන්තර්ගතය සිය න්‍යෂ්ටික වැඩපිළිවෙළ සම්බන්ධයෙන් බවත්, එම සාකච්ඡා ඉරාන විදේශ අමාත්‍ය, අබ්බාස් අරඛ්චි සහ එක්සත් ජනපද මැද පෙරදිග විශේෂ නියෝජිත, ස්ටීව් විට්කොෆ් ගේ සහභාගිත්වයෙන් සිදු කළ යුතු බවත් ටෙහෙරානය විසින් දන්වා තිබේ. රාජ්‍ය අධිකාරීත්වයෙන් යුත් එම සාකච්ඡාහිදී අන්‍යොන්‍ය වශයෙන් සාධාරණ, පිළිගතහැකි සහ ගෞරවාන්විත විසඳුමක් වෙත පිවිසීම අපේක්ෂාව බව ද එහි සඳහන්ය.

iranno8ryt9yfiudhjk

 

"මෙම ක්‍රියාවලියේ දී එක්සත් ජනපද පාර්ශ්වය ද, තත්ත්වයේ බරපතල බව හැඳින යථාර්ථවාදීව, වගකීමෙන් ඊට සහභාගී වනු ඇතැයි අප උදක්ම විශ්වාස කරනවා," යි ඉරාන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක, එස්මයිල් බඝෙයි ඊයේ (5) පැවසීය.

සාකච්ඡා අභිමුව වුව, ඉරානය තවමත් එක්සත් ජනපද ප්‍රහාරයක් පිලිබඳ ඉමහත් සැකයේ පසුවේ.

(සටහන |Reuters ඇසුරින්; හර්ෂ  උදයකාන්ත පීරිස්)

මුලාශ්‍රය :

Iran, US to negotiate in Oman amid deep rifts and mounting war fears

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...