BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
විදේශ

හොං කොං මාධ්‍ය කුවේර ජිමී ලායි රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණවලට වරදකරු කෙරේ

T

The Leader Desk

February 6, 2026 • 11:00 AM

හොං කොං මාධ්‍ය කුවේර ජිමී ලායි රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණවලට වරදකරු කෙරේ  

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • රාජ්‍යවිරෝධී කුමන්ත්‍රණ කිහිපයක් සම්බන්ධයෙන් වරදකරු වූ හොං කොං මාධ්‍ය කුවේරයකු වන ජිමී ලායි ට එරෙහි දඬුවම් ලබන 09 දා ක්‍රියාත්මක කරන බව අද (6), නිවේදනය කෙරිණි.
  • එක්සත් ජනපදය සහ බ්‍රිතාන්‍යය ඇතුළු ජාත්‍යන්තරය නඩු තීන්දුව සම්බන්ධයෙන් අප්‍රසාදය පල කර සිටිති.
  • 78 වන වියෙහි පසුවන ලායි, මේ වන විට වසා දමා ඇති, ඇපල් ඩේලි  (Apple Daily) පුවත්පතේ නිර්මාතෘවරයා ය.
  • විදෙස් බලවේග සමග හවුල් ව කුමන්ත්‍රණ කිරීම සහ රාජ්‍ය විරෝධී පළකිරීම්වලට අදාළ  චෝදනා දෙකක් සම්බන්ධයෙන් චීන නීති පද්ධතිය යටතේ  ඔහු වරදකරු බව ඉකුත් දෙසැම්බරයේ, අධිකරණය විසින් තීරණය කෙරිණි.
අකුරු ප්‍රමාණය (Font Size):

ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ඔහුට එරෙහි චෝදනා පිලිබඳ නාගරික අධිකරණයක දී විභාග වූ නඩුව දෙස් විදෙස් පාර්ශ්ව රැසක අවධානයට ලක් විය. එක්සත් ජනපදය සහ බ්‍රිතාන්‍යය ඇතුළු ජාත්‍යන්තරය නඩු තීන්දුව සම්බන්ධයෙන් අප්‍රසාදය පල කර සිටිති.

78 වන වියෙහි පසුවන ලායි, මේ වන විට වසා දමා ඇති, ඇපල් ඩේලි  (Apple Daily) පුවත්පතේ නිර්මාතෘවරයා ය. විදෙස් බලවේග සමග හවුල් ව කුමන්ත්‍රණ කිරීම සහ රාජ්‍ය විරෝධී පළකිරීම්වලට අදාළ  චෝදනා දෙකක් සම්බන්ධයෙන් චීන නීති පද්ධතිය යටතේ  ඔහු වරදකරු බව ඉකුත් දෙසැම්බරයේ, අධිකරණය විසින් තීරණය කෙරිණි.

Jim 260206

 

එම චෝදනා සම්බන්ධයෙන් තමා නිවැරදිකරු බව, ලායි අධිකරණය ඉදිරියේ ප්‍රකාශ කළ ද, ඔහුට ජීවිතාන්තය  තෙක් සිර දඬුවම් හිමි  වෙතැයි අපේක්ෂා කෙරේ.

හිටපු විධායක නිලධාරීන් සය දෙනකු හා තවත් අය සමග  එක්ව 2019 අප්‍රේල්  - 2021 ජුනි අතර කාලය තුළ රාජ්‍ය විරෝධී පළකිරීම් සිදු කිරීමට සිය පුවත්පත වේදිකාවක්  කිරීම සම්බන්ධයෙන් ඔහුට එරෙහි චෝදනා එල්ල විය. 2020 ජුලි සහ 2021 ජුනි අතර කාලවකවානුවේ එක්සත් ජනපදය ඇතුළු තවත් විදෙස් බලවේග හා එක්ව කුමන්ත්‍රණ කිරීමේ චෝදනා ද ඊට ඇතුළත් ය. විදෙස් බලවේග සමග එක්ව හොං කොං ආර්ථිකයට සහ චීනයට එරෙහි සම්බාධක පැනවීමට කුමන්ත්‍රණ කිරීම සම්බන්ධයෙන් ද ඔහු චෝදනාවට ලක් විය.

jimmy lai

 

නාගරික අධිකරණයක 2023 දෙසැම්බර ඇරඹි ඔහුට එරෙහි නඩු විභාගය දින 156ක් සිදු කෙරිණි. 2019 හොං කොං හි දියත් කෙරුණු ප්‍රජාතාන්ත්‍රික ජන අරගලයෙන් පසුව චීන රජය  එහි  සුවිශේෂී ජාතික ආරක්ෂක නීතියක් ක්‍රියාත්මක කළේය.

දේශපාලන කරුණු මත වරදකරු කළ ලායි වහා නිදහස් කරන ලෙස එක්සත් ජනපදය සහ බ්‍රිතාන්‍යය ප්‍රමුඛ ජාත්‍යන්තරය ඉල්ලා සිටියද, ඔහුට එරෙහි නඩු විභාගය සාධාරණ සහ අපක්ෂපාතීව සිදු කෙරුණු බව චීන සහ හොං කොං රජයන් කියා සිටිති.

(සටහන |Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)

මුලාශ්‍රය :

Hong Kong media tycoon Jimmy Lai to be sentenced on February 9

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

හොං කොං මාධ්‍ය කුවේර ජිමී ලායි රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණවලට වරදකරු කෙරේ | The Leader