BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
විදේශ

'රාජ්‍ය තාන්ත්‍රික විසඳුමකට එහා යන තවත් සැලසුම් අප සතුයි' - ධවල මන්දිර මාධ්‍ය ලේකම්

T

The Leader Desk

February 6, 2026 • 12:23 PM

'රාජ්‍ය තාන්ත්‍රික විසඳුමකට එහා යන තවත් සැලසුම් අප සතුයි' - ධවල මන්දිර මාධ්‍ය ලේකම්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඉරාන - එක්සත් ජනපද සාකච්ඡා ඇරඹේ. ඕමානය මැදහත් පාර්ශවය සේ කටයුතු කරනමුත් සාකච්ඡා සාර්ථකත්වය තවමත් අවිනිශ්චිත ය.
  • ඒ හේතුවෙන් සහ සාකච්ඡා න්‍යාය පත්‍රයට අන්‍ය කරුණු ඇතුළත් කිරීමට එක්සත් ජනපදය කටයුතු කිරීමෙන්, ද්වී පාර්ශ්වීය කතා බහ රාජ්‍ය තාන්ත්‍රික මට්ටමෙන් ගිලිහී පුළුල් මැද පෙරදිග ගැටුමක් තෙක් වර්ධනය වීමට බොහෝ සෙයින් ඉඩ තිබේ.
  •   දෙපිරිස මූලිකව රැස් වූවද, නිල කතා බහ මෙතෙක් ප්‍රමාදව පවතින බව ඉරාන රාජ්‍ය නිලධරයකු උපුටා දක්වන රොයිටර්ස් පුවත් සේවය පවසයි.
  • ද්වී පාර්ශ්වීය සාකච්ඡා වෙත සිදු කෙරෙන කිනම් ආකාරයේ හෝ එක්සත් ජනපද මධ්‍යම අණ මධ්‍යස්ථාන නියෝජිත සහභාගිත්වයක් වේ නම්, එම සාකච්ඡා කඩාකප්පල් වන බව ඉරානය අවධාරණය කර සිටී.
අකුරු ප්‍රමාණය (Font Size):


ටෙහෙරානයේ න්‍යෂ්ටික වැඩපිළිවෙළ තියුණු අභියෝගයට ලක් කෙරේ. ඒ හේතුවෙන් සහ සාකච්ඡා න්‍යාය පත්‍රයට අන්‍ය කරුණු ඇතුළත් කිරීමට එක්සත් ජනපදය කටයුතු කිරීමෙන්, ද්වී පාර්ශ්වීය කතා බහ රාජ්‍ය තාන්ත්‍රික මට්ටමෙන් ගිලිහී පුළුල් මැද පෙරදිග ගැටුමක් තෙක් වර්ධනය වීමට බොහෝ සෙයින් ඉඩ තිබේ.  

දෙපිරිස මූලිකව රැස් වූවද, නිල කතා බහ මෙතෙක් ප්‍රමාදව පවතින බව ඉරාන රාජ්‍ය නිලධරයකු උපුටා දක්වන රොයිටර්ස් පුවත් සේවය පවසයි.

 

iran oman

ඉරාන ඉල්ලීම් ඕමානය මගින් එක්සත් ජනපද  පාර්ශවය වෙත දන්වා  යවා තිබේ. ඉහළ පෙළ එක්සත් ජනපද නියෝජිතයා සහ ඉරාන විදේශ අමත්‍යවරයා අතර හමුවකින් අනතුරුව වක්‍ර සාකච්ඡා ආරම්භ කිරීමට නියමිත ය.

ද්වී පාර්ශ්වීය සාකච්ඡා වෙත සිදු කෙරෙන කිනම් ආකාරයේ හෝ එක්සත් ජනපද මධ්‍යම අණ මධ්‍යස්ථාන නියෝජිත සහභාගිත්වයක් වේ නම්, එම සාකච්ඡා කඩාකප්පල් වන බව ඉරානය අවධාරණය කර සිටී.  

iran oman 2
සාකච්ඡා, ඉරාන විදේශ අමාත්‍ය, අබ්බාස් අරඛ්චි සහ එක්සත් ජනපද මැද පෙරදිග විශේෂ නියෝජිත, ස්ටීව් විට්කොෆ් ගේ සහභාගිත්වයෙන් සිදු කළ යුතු බව, ඉරාන රජය අවධාරණය කරයි. එක්සත් ජනපද ජනපති ඩොනල්ඩ් ට්‍ර්ම්ප් ගේ බෑණා වන ජෙරාඩ් කුෂ්නර් ද සාකච්ඡා සඳහා සහභාගී වීමට නියමිත ය.

සාකච්ඡා අසාර්ථක වුවහොත් "බොහෝ නරක දේ" සිදු විය හැකි බව, ජනපති ට්‍රම්ප් විසින් අනතුරු අඟවා තිබේ.

" මේ සාකච්ඡා අතරතුර අප ඉරානයට එක් දෙයක් සිහි කැඳවීමට කැමතියි. එනම්, ලෝක ඉතිහාසයේ අති බලසම්පන්නම හමුදාවේ අණ ප්‍රධානී ලෙස කටයුතු කරන එක්සත් ජනපද ජනාධිපතිවරයා සතුව, ගැටළුව සම්බන්ධයෙන් රාජ්‍ය තාන්ත්‍රික පියවරට ඔබ්බෙහි තවත් විසඳුම් රැසක් ඇති බවයි," ධවල මන්දිර මාධ්‍ය ලේකම්, කැරොලයින් ලීවිට් ඊයේ (5) කියා සිටියාය.  


(සටහන |Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)

මුලාශ්‍රය :

Iran, US hold pivotal talks in Oman as confrontation looms

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...