BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
විදේශ

'ප්‍රති ප්‍රහාරයකදී මැද පෙරදිග එක්සත් ජනපද හමුදා කඳවුරු විනාශ කරනවා' - ඉරානය

T

The Leader Desk

February 8, 2026 • 10:32 AM

'ප්‍රති ප්‍රහාරයකදී මැද පෙරදිග එක්සත් ජනපද හමුදා කඳවුරු විනාශ කරනවා' - ඉරානය

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එක්සත් ජනපද පහර දීමක් සිදුවුවහොත්, මැද පෙරදිග එක්සත් ජනපද හමුදා කඳවුරු වෙත ප්‍රති ප්‍රහාර එල්ල කරන බවට ඉරානය අනතුරු අඟවයි.
  • කටාර් හි අල් ජසීරා රූපවාහිනී සේවය සමග පැවති සම්මුඛ සාකච්ඡාවකදී ඉරාන විදේශ අමාත්‍ය, අබ්බාස් අරඛ්චි ඊයේ (7) ඒ බැව් සඳහන්  කළේය.
  • දෙපාර්ශ්වය අතර සිකුරාදා (6) සාකච්ඡා ධනාත්මක බවත්, අඛණ්ඩ කතා බහේ යෙදීමට සූදානම් බවත් ඊට පෙර ඉරානය විසින් කියා තිබිණි.
  • ඉරාන - එක්සත් ජනපද මීළඟ වටයේ සාකච්ඡා සඳහා තවමත් දින නියම කර නැත.
අකුරු ප්‍රමාණය (Font Size):


එහෙත්, එය එක්සත් ජනපද හමුදා කඳවුරු පිහිටි රටවලට එරෙහි ප්‍රහාරයක් බව වරදවා වටහා නොගතයුතු බව ද, ඉරාන විදේශ අමාත්‍යංශය අවධාරණය කරයි.

IR893494
කටාර් හි අල් ජසීරා රූපවාහිනී සේවය සමග පැවති සම්මුඛ සාකච්ඡාවකදී ඉරාන විදේශ අමාත්‍ය, අබ්බාස් අරඛ්චි ඊයේ (7) ඒ බැව් සඳහන්  කළේය.

දෙපාර්ශ්වය අතර සිකුරාදා (6) සාකච්ඡා ධනාත්මක බවත්, අඛණ්ඩ කතා බහේ යෙදීමට සූදානම් බවත් ඊට පෙර ඉරානය විසින් කියා තිබිණි.

ඉරාන - එක්සත් ජනපද මීළඟ වටයේ සාකච්ඡා සඳහා තවමත් දින නියම කර නැත. එහෙත්, එන සතියේ මුල එම සාකච්ඡා සිදු විය හැකි බව ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කර තිබිණි.

සිය න්‍යෂ්ටික ඉන්දන නිෂ්පාදන ක්‍රියාවලිය න්‍යෂ්ටික අවි නිෂ්පාදනය කෙරෙහි කිසිවිටෙකත් යොමුව නැතැයි, ඉරානය කියයි.  

(සටහන |Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)

මුලාශ්‍රය :

If US attacks, Iran says it will strike US bases in the region

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...