BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
විදේශ

'කතා බහට එක් වන්නේ යුරේනියම් පෝෂණයට අයිතිය තහවුරු කෙරේ නම් පමණයි' - ඉරාන විදෙස් ඇමති

T

The Leader Desk

February 9, 2026 • 11:49 AM

'කතා බහට එක් වන්නේ යුරේනියම් පෝෂණයට අයිතිය තහවුරු කෙරේ නම් පමණයි' - ඉරාන විදෙස් ඇමති  

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඉරානයේ උත්තරීතර නායක අයතොල්ලා අලි ඛමෙනි ගේ උපදේශකයකු වන අලි ලරිජානි ඇතුළු විශේෂ නියෝජිත පිරිසක් හෙට (10) ඕමානය බලා පිටත් වෙති. ඔවුහු එරට සුල්තාන්වරයා හමුවීමට නියමිතය.
  • එහිදී විවිධ තලයේ ද්වී පාර්ශ්වීය කරුණුද සාකච්ඡා කෙරෙනු ඇත.
  • මේ අතර, යුරේනියම් පෝෂණයට ඉරානය සතු අයිතිය තහවුරු කිරීම ඉරාන - එක්සත් ජනපද සාකච්ඡා හි මූලික අංගයක් බව එරට විදේශ අමත්‍ය, අබ්බාස් අරඛ්චි ඊයේ (8) අවධාරණය කළේය.
  •   සිකුරාදා (6) දෙරට අතර වක්‍ර සාකච්ඡා ආරම්භ කෙරිණි.
අකුරු ප්‍රමාණය (Font Size):


කලාපීය සහ ජාත්‍යන්තර ප්‍රවණතා සාකච්ඡා කිරීම එම සංචාරයේ අරමුණයි. එහිදී විවිධ තලයේ ද්වී පාර්ශ්වීය කරුණුද සාකච්ඡා කෙරෙනු ඇත.

මේ අතර, යුරේනියම් පෝෂණයට ඉරානය සතු අයිතිය තහවුරු කිරීම ඉරාන - එක්සත් ජනපද සාකච්ඡා හි මූලික අංගයක් බව එරට විදේශ අමත්‍ය, අබ්බාස් අරඛ්චි ඊයේ (8) අවධාරණය කළේය.

 



සිකුරාදා (6) දෙරට අතර වක්‍ර සාකච්ඡා ආරම්භ කෙරිණි.

යුරේනියම් සංචිත පෝෂණ අයිතිය හරණයට කිසිසේත් එකඟ නොවන බව අරඛ්චි පැවසීය. "සාකච්ඡා, ඉරානය තුළ යුරේනියම් සංචිත පෝෂණය පිළිගන්නා තැනකට යා යුතුයි. එය විශ්වාසය තහවුරු වන සේ කළ යුත්තක්. යුරේනියම් පෝෂණය සාමකාමී කටයුතු උදෙසා පමණක් බව අප තරයේ කියා සිටිනවා," යි හෙතෙම කියා සිටියේය.

එකඟතා සපුරාලීමට අපොහොසත් වීමෙන්, පසුගිය වසරේ දෙරට අතර ඉරාන න්‍යෂ්ටික වැඩපිළිවෙළ පිලිබඳ සාකච්ඡා වට පහක් අසාර්ථක විය. අනතුරුව, එම වසරේ ජුනි මස දින 12ක ඊශ්‍රායල බෝම්බ හෙළීම් අවසන, එක්සත් ජනපදය, ඉරානයේ න්‍යෂ්ටික මර්මස්ඨාන සොයා ගුවනින් ප්‍රහාර එල්ල කළේය.

iranncy4t
ඉරාන පසෙහි අඩංගු යුරේනියම් පෝෂණය තහවුරු කෙරෙන තාක් සාකච්ඡා පිණිස බාධාවක් නැතැයි ටෙහෙරානය විසින් දැනුම් දී තිබේ. එක්සත් ජනපද හමුදා තර්ජන   සහ ඉරානයට එරෙහි සම්බාධක ඉවත් කර ගත යුතු බවත් රජය අවධාරණය කර සිටී.

යුරේනියම් පෝෂණයට ඉරානය සතු අයිතිය හුදෙක් ආර්ථික ක්‍රමය හෝ තාක්ෂණික කරුණු මත පදනම් වූවක් නොව, එය ස්වෛරී භාවය සහ රාජ්‍යයේ ගෞරවය මත පදනම් වූවක් බව ටෙහෙරානය කියයි.

ඉරානය සහ එක්සත් ජනපදය අතර මීළඟ වටයේ සාකච්ඡා බොහෝ විට ඕමානයේ මස්කට් නුවර නොපැවැත්වෙනු ඇතැයි පැවසේ.  

(සටහන |Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)


මුලාශ්‍ර :

Adviser to Iran's Supreme Leader to visit Oman on Tuesday after US-Iranian talks

Iran insists on right to enrichment, ready for confidence-building

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

'කතා බහට එක් වන්නේ යුරේනියම් පෝෂණයට අයිතිය තහවුරු කෙරේ නම් පමණයි' - ඉරාන විදෙස් ඇමති | The Leader