BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
විදේශ

බටහිර ඉවුරේ ඊශ්‍රායල ජනාවාසකරණය ජයටම

T

The Leader Desk

February 9, 2026 • 3:47 PM

බටහිර ඉවුරේ ඊශ්‍රායල ජනාවාසකරණය ජයටම

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • බටහිර ඉවුර සම්බන්ධයෙන් ඊයේ (8) ඊශ්‍රායල ආරක්ෂක කැබිනෙට්ටුව පියවර රැසක් අනුමත කළේය.
  • එම නව පියවර අතිශය අන්තරයකර සහ අනීතික බව, පලස්තීන ජනපති මහ්මුද් අබ්බාස් පවසයි.
  • ඊශ්‍රායලයේ නව නොපනත්කමට එරෙහිව මැදිහත් වන ලෙස අබ්බාස්, එක්සත් ජනපදයෙන් සහ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයෙන් ඉල්ලා සිටී.
  • බටහිර ඉවුර ඊශ්‍රායලයට ඈඳා ගැනීම පිළිබඳව  ජනපති ට්‍රම්ප් මීට පෙර සිය විරෝධය ප්‍රකාශ කළේය.
අකුරු ප්‍රමාණය (Font Size):


ඒ අනුව, ඊශ්‍රායලය විසින් බලෙන් අත්පත් කර සිටින බටහිර ඉවුරේ පදිංචිකරුවන්ට  එහි ඉඩම් මිලදී ගැනීම තව දුරටත් පහසු කෙරෙමින් පලස්තීනුවන්ගේ අයිතීන් පරයා ඊශ්‍රායල අධිකාරී බලය තහවුරු කර තිබේ.

බටහිර ඉවුර යනු, පලස්තීනුවන් අනාගත ස්වෛරී රාජ්‍යයක් ඉදිකිරීමට අපේක්ෂාවෙන් සිටින කලාපයේම කොටසක් වේ. එහි බහුතර බලය ඊශ්‍රායල සතුය. බටහිර සහාය ලබන පලස්තීන අධිකාරියට නතුව  පවත්නේ අල්ප ස්වයං පාලන බලයකි.

නව ඊශ්‍රායල  නීති ප්‍රකාරව, දශක ගණනක් පැරණි එහි නීති සංශෝධනය කෙරේ. නොඑසේව, පැරණි නීති මුළුමනින්ම ඉවත ලා නව  නීති සම්පාදනය කෙරේ. ඒ අනුව, පලස්තීන අධිකාරියේ පාලනය යටතේ පවතින ප්‍රදේශයන්හි ද, පාරිසරික උවදුරු, ජල ගැටළු මෙන්ම, පුරාවිද්‍යා ස්ථාන ඉලක්ක කර සිදු කෙරෙන හානි  අධීක්ෂණය සහ තෝරා ගත්  ආගමික මධ්‍යස්ථාන පරිපාලනය ඊශ්‍රායල පාලනය  යටතට පත් කෙරේ.

එම නව පියවර අතිශය අන්තරයකර සහ අනීතික බව, පලස්තීන ජනපති මහ්මුද් අබ්බාස් පවසයි. එය පලස්තීන නිජ බිම ඊශ්‍රායලයට ඈඳා ගැනීමකැයි ඔහු කියා සිටී.

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය, බෙන්ජමින් නෙතෙන්යාහු, වොෂින්ටනයේදී එක්සත් ජනපද ජනපති, ඩොනල්ඩ් ට්‍රම්ප්  හමුවීමට තෙදිනකට පෙර නව නීති පැනවීමට කටයුතු කිරීම ද විශේෂත්වයකි.

ඊශ්‍රායලයේ නව නොපනත්කමට එරෙහිව මැදිහත් වන ලෙස අබ්බාස්, එක්සත් ජනපදයෙන් සහ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයෙන් ඉල්ලා සිටී.

බටහිර ඉවුර ඊශ්‍රායලයට ඈඳා ගැනීම පිළිබඳව  ජනපති ට්‍රම්ප් මීට පෙර සිය විරෝධය ප්‍රකාශ කළේය. එහෙත්, එහි නව යුදෙව් ජනාවාස පිහිටුවීම සම්බන්ධයෙන් ට්‍රම්ප් රජය විරෝධය පළ කර නැත. ඊශ්‍රායලයේ ආක්‍රමණශීලී පියවර සිය නිජ බිම කා දැමීමක් බව පලස්තීන ජනයා කියා සිටිති.

ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා මෙම වසර අග මැතිවරණයකට මුහුණ දීමට නියමිත ය. පලස්තීන රාජ්‍යයක බිහිවීම ඊශ්‍රායලයේ ආරක්ෂාවට තර්ජනයක් බව ඔහු පුන පුනා  පවසයි. ඔහුගේ පාලක සන්ධානයේ බටහිර ඉවුරේ  යුදෙව් පදිංචි කිරීම් සාධාරනීකරණයට  පක්ෂපාතී මන්ත්‍රීවරු රැසක් වෙති. 1967, මැද පෙරදිග යුද්ධයෙන් දිනා ගත්  බටහිර ඉවුර ඊශ්‍රායලයට ඈඳා ගත යුතු බව, ඔවුහු තරයේ කියා සිටිති. ඓතිහාසික සාධක සහ බයිබලය අනුව, එය ඊශ්‍රායලයේ ම කොටසක් බව ඔවුහු අවධාරණය කරති.

පලස්තීන  කලාපයේ ඊශ්‍රායල අත්පත්කරගනීම් සහ ජනාවාසකරණය නීති විරෝධී බවත්, එය වහා අවසන් කළ යුතු බවත්, එක්සත් ජාතීන්ගේ උපරිමාධිකරණය 2024 වසරේ තීන්දු කළේය. ඒ පිලිබඳ  ඊශ්‍රායලය සිය විරෝධය පළ කර සිටී.

(සටහන |Reuters ඇසුරින්; හර්ෂ  උදයකාන්ත පීරිස්)

මුලාශ්‍රය :

Israel to expand its control in West Bank, make settlers' land seizures easier, media say


 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

බටහිර ඉවුරේ ඊශ්‍රායල ජනාවාසකරණය ජයටම | The Leader