BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
විදේශ

බංග්ලාදේශයට ඇමරිකාවෙන් තීරුබදු සහනයක් !

T

The Leader Desk

February 10, 2026 • 3:46 PM

බංග්ලාදේශයට ඇමරිකාවෙන් තීරුබදු සහනයක් !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • බංග්ලාදේශය සහ ඇමරිකා එක්සත් ජනපදය අතර නව ද්විපාර්ශ්වික වෙළඳ ගිවිසුමක් අත්සන් කිරීමෙන් පසුව බංග්ලාදේශ
  • මීට පෙර 37% මට්ටමේ තිබූ තීරුබදු පසුව 20% දක්වා අඩු කෙරුණු අතර, නව ගිවිසුම යටතේ එය 19% දක්වා තවදුරටත් අඩු කර ඇති බව සඳහන්වේ.
  • ඇමරිකාවේ නිෂ්පාදිත කපු සහ කෘතිම නූල් (man-made fiber) භාවිතයෙන් නිපදවන බංග්ලාදේශ ඇඟලුම් සඳහා ශුන්‍ය (0%) තීරුබදු සහනයක් ලබා දීමට යාන්ත්‍රණයක් සකස් කිරීමට ඇමරිකාව එකඟ වී තිබේ.
  • මෙම සහනයත් සමඟ බංග්ලාදේශයට තම අසල්වැසි ඉන්දියාව (තීරුබදු 18%) සමග ඇමරිකානු වෙළඳපොළ තුළ වඩාත් හොඳින් තරග කිරීමට අවස්ථාව හිමි වේ.
අකුරු ප්‍රමාණය (Font Size):

අපනයන සඳහා පනවා තිබූ තීරුබදු 19% දක්වා අඩු කිරීමට ඇමරිකාව පියවර ගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මීට පෙර 37% මට්ටමේ තිබූ තීරුබදු පසුව 20% දක්වා අඩු කෙරුණු අතර, නව ගිවිසුම යටතේ එය 19% දක්වා තවදුරටත් අඩු කර ඇති බව සඳහන්වේ.

ඇමරිකාවේ නිෂ්පාදිත කපු සහ කෘතිම නූල් (man-made fiber) භාවිතයෙන් නිපදවන බංග්ලාදේශ ඇඟලුම් සඳහා ශුන්‍ය (0%) තීරුබදු සහනයක් ලබා දීමට යාන්ත්‍රණයක් සකස් කිරීමට ඇමරිකාව එකඟ වී තිබේ.

මෙම සහනයත් සමඟ බංග්ලාදේශයට තම අසල්වැසි ඉන්දියාව (තීරුබදු 18%) සමග ඇමරිකානු වෙළඳපොළ තුළ වඩාත් හොඳින් තරග කිරීමට අවස්ථාව හිමි වේ.

නව ගිවිසුමට අනුව බංග්ලාදේශය ද ඇමරිකානු නිෂ්පාදන සඳහා සිය වෙළඳපොළ විවෘත කිරීමට එකඟ වී තිබෙන බව සඳහන් වේ.

රසායනික ද්‍රව්‍ය, වෛද්‍ය උපකරණ, යන්ත්‍ර සූත්‍ර, වාහන අමතර කොටස්, සෝයා, කිරි නිෂ්පාදන සහ මස් වර්ග සඳහා බංග්ලාදේශ වෙළඳපොළ තුළ විශේෂ ප්‍රවේශයක් හිමි වේ.

බංග්ලාදේශය ඇමරිකාවෙන් බෝයිං (Boeing) ගුවන් යානා 14ක් මිලදී ගැනීමටත්, ඉදිරි වසර 15 තුළ ඩොලර් බිලියන 15ක බලශක්ති නිෂ්පාදන සහ ඩොලර් බිලියන 3.5ක කෘෂිකාර්මික නිෂ්පාදන මිලදී ගැනීමටත් එකඟතාව පළ කර ඇති බව සඳහන් වේ.

මෙම ගිවිසුම යටතේ බංග්ලාදේශය ජාත්‍යන්තරව පිළිගත් කම්කරු අයිතිවාසිකම් සුරැකීමට සහ පරිසර ආරක්ෂණ නීති ශක්තිමත් කිරීමට ද පොරොන්දු වී ඇත.

මාස නවයක සාකච්ඡා වටයකින් පසු එළඹුණු මෙම තීරණය බංග්ලාදේශ ආර්ථිකයේ කොඳු නාරටිය බඳු ඇඟලුම් ක්ෂේත්‍රයට විශාල සහනයක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

| hirunews

මුලාශ්‍රය :

US, Bangladesh agree energy trade deal

Bangladesh secures reduced 19% US tariff, exemption for some apparel made with US material

US and Bangladesh set trade deal with tariffs at 19 percent

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...