BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
විදේශ

'මිසයිල ගැන කතා බෑ' - ඉරානය

T

The Leader Desk

February 11, 2026 • 12:10 PM

'මිසයිල ගැන කතා බෑ' - ඉරානය

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මිසයිල වැඩසටහන රතු ඉරක් බවත්, ඒ පිලිබඳ එක්සත් ජනපදය හා කිසිදු කතා බහක් නොමැති බවත් ඉරානය අද (11) පැවසීය.
  • ඉරානය මිසයිල තාක්ෂණ ශක්‍යතා අනාවරණය කිරීම දෙරට අතර සාකච්ඡා හි අරමුණ නොවන බව ඉරානය අවධාරණය කර සිටී.
  •   ඉරාන න්‍යෂ්ටික වැඩපිළිවෙළ කෙරෙහි පමණක් එම සාකච්ඡා අතරතුර  අවධානය යොමු කළ යුතු බව, එරට රජය පවසයි.
  • එරටට පනවා ඇති සම්බාධක ද ඉවත් කළ යුතු බව අවධාරණය කෙරේ.
අකුරු ප්‍රමාණය (Font Size):


ගැටුම් වැලැක්වීම පෙරදැරිව ටෙහෙරානය සහ සහ වොෂින්ටනය අතර මීළඟ වටයේ සාකච්ඡා පිණිස කටයුතු සම්පාදනය කෙරෙමින් පවතී. ඉකුත් සතියේ ඕමානයේදී ඉරානය සහ එක්සත් ජනපදය අතර වක්‍ර සාකච්ඡා සිදු කෙරිණි. ඉරානය මිසයිල තාක්ෂණ ශක්‍යතා අනාවරණය කිරීම දෙරට අතර සාකච්ඡා හි අරමුණ නොවන බව ඉරානය අවධාරණය කර සිටී.

 

Doc P 904916 639064053666796200

ඉරාන න්‍යෂ්ටික වැඩපිළිවෙළ කෙරෙහි පමණක් එම සාකච්ඡා අතරතුර  අවධානය යොමු කළ යුතු බව, එරට රජය පවසයි. එරටට පනවා ඇති සම්බාධක ද ඉවත් කළ යුතු බව අවධාරණය කෙරේ.

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු සහ එක්සත් ජනපද ජනපති, ඩොනල්ඩ් ට්‍රම්ප් අතර වොෂින්ටනයේ පැවැත්වෙන හමුවේදී, ඉරාන මිසයිල සීමා කිරීම පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිත ය.

එහෙත්, එය ඉරාන - එක්සත් ජනපද සාකච්ඡා න්‍යාය පත්‍රයේ කොටසක් නොවන බව, ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරඛ්චි පසුගිය දා පැවසීය.  

(සටහන |Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)

මුලාශ්‍රය :

Iran says it won't negotiate over its missile capabilities

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...