BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
විදේශ

'ඉරානයට න්‍යෂ්ටික අවි සහ මිසයිල බෑ' - ජනපති ට්‍රම්ප්

T

The Leader Desk

February 12, 2026 • 11:01 AM

'ඉරානයට න්‍යෂ්ටික අවි සහ මිසයිල බෑ' - ජනපති ට්‍රම්ප් 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එක්සත් ජනපද ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ඊයේ (11) වොෂින්ටනයේදී ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු හමු විය.
  • දෙරට අතර එකඟතාවකට පැමිණීමට අපොහොසත් වුවහොත් ඉරානයට පහර දෙන බව ජනපති ට්‍රම්ප් විසින් තර්ජනය කර තිබේ.
  • යම් හෙයකින් ප්‍රහාරයක් එල්ල වුවහොත් ප්‍රති ප්‍රහාර එල්ල කරන බව ඉරානය ද පවසයි.
  • ඉරානය සමග "හොඳ" ගනුදෙනුවක් යනු න්‍යෂ්ටික අවි සහ මිසයිල හරණය පමණක් බව ජනපති ට්‍රම්ප් අවධාරණය  කරයි.
අකුරු ප්‍රමාණය (Font Size):

අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ ජනාධිපතිවරයා, ඉරාන ගැටලුව සම්බන්ධයෙන් ඊශ්‍රායලය සමග නිශ්චිත එකඟතාවක් නැතැයි ද, අර්බුදයට විසඳුමක් තිබේ දැයි සෙවීමට එක්සත් ජනපද - ඉරාන සාකච්ඡා තවදුරටත් ක්‍රියාත්මක බව ද පැවසීය.

 

trump nethanyahu

පැය දෙකකුත් විනාඩි තිහකට අධික කාලයක් පැවති නායක දෙපළ අතර සාකච්ඡා මාධ්‍යයට විවෘත නොවීය. එක්සත් ජනපදය සහ  ඉරානය අතර මීළඟ වටයේ සාකච්ඡා සඳහා බලපෑම් කිරීම ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයාගේ එක්සත් ජනපද චාරිකාවේ මුඛ්‍ය අරමුණක් විය. එහෙත්, ඔහුගේ යෝජනා සහ මතය සම්බන්ධයෙන් ජනපති ට්‍රම්ප් ගේ පූර්ණ අනුගත වීමක් දක්නට නොලැබිණි.

දෙරට අතර එකඟතාවකට පැමිණීමට අපොහොසත් වුවහොත් ඉරානයට පහර දෙන බව ජනපති ට්‍රම්ප් විසින් තර්ජනය කර තිබේ. යම් හෙයකින් ප්‍රහාරයක් එල්ල වුවහොත් ප්‍රති ප්‍රහාර එල්ල කරන බව ඉරානය ද පවසයි. මේ වන විටත් මැද පෙරදිග කලාපයේ එක්සත් ජනපද හමුදා තර කර තිබේ.

ඉරානය සමග "හොඳ" ගනුදෙනුවක් යනු න්‍යෂ්ටික අවි සහ මිසයිල හරණය පමණක් බව ජනපති ට්‍රම්ප් අවධාරණය  කරයි.

(සටහන |Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)

මුලාශ්‍රය :

Trump says no 'definitive' agreement with Netanyahu, US talks with Iran to continue

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

'ඉරානයට න්‍යෂ්ටික අවි සහ මිසයිල බෑ' - ජනපති ට්‍රම්ප් | The Leader