BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
විදේශ

ජර්මනියේ ලුෆ්තැන්සා ගුවන් සේවයේ වර්ජනයක් - ජාත්‍යන්තර ගමන් වාර රැසක් අවලංගුයි

T

The Leader Desk

February 12, 2026 • 11:54 AM

ජර්මනියේ ලුෆ්තැන්සා ගුවන් සේවයේ වර්ජනයක් - ජාත්‍යන්තර ගමන් වාර රැසක් අවලංගුයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජර්මනියේ විශාලතම ගුවන් සේවය වන ලුෆ්තැන්සා ගුවන් සේවයට අයත් යානා සිය ගණනක ගමන් වාර අද (12) අවලංගු කරිණි.
  • එම වැඩ වැරුම හේතුවෙන්, ගුවන් යානා 460 කට වැඩි සංඛ්‍යාවක් අවලංගු කර ඇතැයි ජර්මානු ගුවන් තොටුපොළ සංගමය කියයි.
  • ගුවන් මගීන් 70,000කට අධික පිරිසක් අපහසුතාවට පත්ව සිටිති.
  •   ජර්මානු අගනුවර අද බර්ලින් සිනමා උලෙළ ආරම්භ වේ.
අකුරු ප්‍රමාණය (Font Size):


ගුවන් නියමුවන් සහ යානා කාර්ය මණ්ඩල වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වීම ඊට හේතුවයි.

එම වැඩ වැරුම හේතුවෙන්, ගුවන් යානා 460 කට වැඩි සංඛ්‍යාවක් අවලංගු කර ඇතැයි ජර්මානු ගුවන් තොටුපොළ සංගමය කියයි. ගුවන් මගීන් 70,000කට අධික පිරිසක් අපහසුතාවට පත්ව සිටිති. ඒ අනුව, ලුෆ්තැන්සා කෙන්ද්‍රස්ථාන  සේ සැලකෙන එරට ෆ්‍රෑන්ක්ෆර්ට්  සහ ම්යුනිච් ගුවන්තොටුපොළ සිට ක්‍රියාත්මක එම සේවයට අයත් ජාත්‍යන්තර ගමනාන්ත වෙත ගුවන් ගමන් රැසක් ද අවලංගු කෙරිණි.

luf

 

ජර්මානු අගනුවර අද බර්ලින් සිනමා උලෙළ ආරම්භ වේ. එරට දේශපාලන බලධාරීහු සහ හමුදා ප්‍රධානීහු (හෙට 13) පැවැත්වීමට නියමිත මියුනිච් ආරක්ෂක සමුළුවට සහභාගී වීම පිණිස අද එහි රැස් වෙති.

ගුවන් නියමුවන්ගේ වැඩ වැරුම විශ්‍රාම වැටුප් සම්බන්ධ ගැටළුවක් හේතුවෙනි. ගුවන්  සමාගම සාමූහික සමාජ සැලසුමක් උදෙසා සාකච්ඡා පිණිස අවතීර්ණ නොවීම සහ ඊට අයත් ඇතැම් ගුවන් සේවා ඈවර කිරීමේ අර්බුදයක් ගුවන් කාර්ය මණ්ඩල වෘත්තීය ක්‍රියාමාර්ගයට හේතු වී තිබේ.

(සටහන |Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)

මුලාශ්‍රය :

Hundreds of Lufthansa flights cancelled as pilots, cabin crew walk out

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ජර්මනියේ ලුෆ්තැන්සා ගුවන් සේවයේ වර්ජනයක් - ජාත්‍යන්තර ගමන් වාර රැසක් අවලංගුයි | The Leader