BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
විදේශ

'ඉරාන-එක්සත් ජනපද එකඟතාවට ඊශ්‍රායල කොන්දේසි ද ඇතුළු විය යුතුයි' - අග්‍රාමාත්‍ය නෙතන්යාහු

T

The Leader Desk

February 13, 2026 • 6:00 AM

'ඉරාන-එක්සත් ජනපද එකඟතාවට ඊශ්‍රායල කොන්දේසි ද ඇතුළු විය යුතුයි' - අග්‍රාමාත්‍ය නෙතන්යාහු

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එක්සත් ජනපද ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ඉරානයට කොන්දේසි පනවන බවට සැකයක් නැතැයි, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය, බෙන්ජමින් නෙතන්යාහු ඊයේ (12) පැවසීය.
  • කෙසේ වුවත්, එළැඹෙන කිනම් එකඟතාවක වුව ඊශ්‍රායලයේ අභිප්‍රායයන් ඊට ඇතුලත් විය යුතු බව අග්‍රාමාත්‍ය නෙතන්යාහු අවධාරණය කළේය.
  • එම හමුවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ ජනපති ට්‍රම්ප්, ඉරාන ගැටලුව සම්බන්ධයෙන් ඊශ්‍රායලය සමග නිශ්චිත එකඟතාවක් නැතැයි ද, අර්බුදයට විසඳුමක් තිබේ දැයි සෙවීමට එක්සත් ජනපද - ඉරාන සාකච්ඡා තව දුරටත් ක්‍රියාත්මක බව ද පැවසීය.
  • ඉරානය සතුව න්‍යෂ්ටික අවි සහ මිසයිල නොපැවතියයුතු බව ද ඔහු කියා සිටියේය.
අකුරු ප්‍රමාණය (Font Size):


සන්නද්ධ ජයග්‍රහණය මග හැරීම එහි අරමුණ බව විශ්වාස කරන්නේයැයි ද හෙතෙම කියා සිටියේය. කෙසේ වුවත්, එළැඹෙන කිනම් එකඟතාවක වුව ඊශ්‍රායලයේ අභිප්‍රායයන් ඊට ඇතුලත් විය යුතු බව අග්‍රාමාත්‍ය නෙතන්යාහු අවධාරණය කළේය.

ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා බදාදා (11) වොෂින්ටනයේදී  ජනපති ට්‍රම්ප් හමු විය. රාජ්‍ය නායක දෙපළ අතර සාකච්ඡා මාධ්‍යයට විවෘත නොවීය. එම හමුවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ ජනපති ට්‍රම්ප්, ඉරාන ගැටලුව සම්බන්ධයෙන් ඊශ්‍රායලය සමග නිශ්චිත එකඟතාවක් නැතැයි ද, අර්බුදයට විසඳුමක් තිබේ දැයි සෙවීමට එක්සත් ජනපද - ඉරාන සාකච්ඡා තව දුරටත් ක්‍රියාත්මක බව ද පැවසීය. ඉරානය සතුව න්‍යෂ්ටික අවි සහ මිසයිල නොපැවතියයුතු බව ද ඔහු කියා සිටියේය.

nethan trump

 

පසුගිය වසරේ ජනපති ධුරයේ වැඩ භාර ගැනීමෙන් අනතුරුව ජනපති ට්‍රම්ප්, සත් වන වරටත් ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා හමු වූ අවස්ථාව මෙය වේ.

"ජනපති ට්‍රම්ප්, ඉරානයට කොන්දේසි පනවන බවට විශ්වාසයි. කුමක් නිසාද යත්, පසු ගිය වර එවන් එකඟතාවකට නොපිවිසීමෙන් සිදුවූ දේ හොඳාකාරව ඔවුන් දන්නා නිසා. එය අත්වැරැද්දක්. ඒ සියලු උගත් පාඩම් තුළින් හොඳ ගනුදෙනුවකට යා හැකියි. ඉරානය දන්නාවා කා එක්කද මේ ගනුදෙනු කරන්නෙ කියලා," අග්‍රාමාත්‍ය නෙතන්යාහු එසේ පැවසීය.

එකඟතාවක් නොවේ නම්, ඉරානයට පහර දෙන බවට එක්සත් ජනපද ජනපතිවරයා තර්ජනය කරයි. ඉරානය ද ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට සූදානමින් සිටී.

(සටහන |Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
2/13/2026
(harshaprs@yahoo.com)

මුලාශ්‍රය :

Israel's Netanyahu says Trump may be creating conditions for Iran deal

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...