BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
විදේශ

මැද පෙරදිග එක්සත් ජනපද හමුදා සීරුවෙන්

T

The Leader Desk

February 14, 2026 • 3:04 PM

මැද පෙරදිග එක්සත් ජනපද හමුදා සීරුවෙන්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඉරානය සමග පැහැදිලි එකඟතාවකට පැමිණීම අපහසු බව එක්සත් ජනපද ජනපති, ඩොනල්ඩ් ට්‍රම්ප් කියා සිටී.
  • පෙන්ටගනය, එම කලාපයට තවත් අමතර යුද ගුවන් යානා ප්‍රවාහන  නෞකාවක් පිටත් කළ බව ඊයේ (13) දැන්විණි.
  • ඊට දහස් සංඛ්‍යාත  එක්සත් ජනපද හමුදා භට පිරිසක්, ප්‍රහාරක යානා, මිසයිල නාශක පද්ධති මෙන්ම අධි බල අවි සහ ආරක්ෂක පද්ධති ද ඇතුළත් ය.
  • ජනපති ට්‍රම්ප්, ඊයේ උතුරු කැරොලීනා යුද කඳවුරේදී, එක්සත් ජනපද හමුදා ඇමතීය.
අකුරු ප්‍රමාණය (Font Size):

රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා පිලිබඳ අපේක්ෂා පෙරදැරිව සති කිහිපයක් අවනතව සිටි එක්සත් ජනපද හමුදා, ඉරානයට පහර දීමට සිය ජනපතිවරයා විසින් කුමන මොහොතක හෝ සන් කරනු ඇතැයි සීරුවෙන් පසු වෙති.

දෙරට අතර මීට පෙර පැවති ගැටුමට ඉඳුරා වෙනස් අතිශය දරුණු යුද්ධයක් පිලිබඳ කලාපය සේම, ලොවම සලිතව සිටින්නේය.

පසු ගිය සතියේ දෙරට රාජ්‍ය තාන්ත්‍රිකයෝ ඕමානයේදී මුණගැසුණහ. ටෙහෙරානයේ න්‍යෂ්ටික වැඩපිළිවෙළ පිලිබඳ සාකච්ඡා කිරීම එහි අරමුණ විය. එම කතා බහ අතරේම, ජනපති ට්‍රම්ප්, මැද පෙරදිග කලාපයේ සිය හමුදා තර කිරීමට පියවර ගත්තේය.

පෙන්ටගනය, එම කලාපයට තවත් අමතර යුද ගුවන් යානා ප්‍රවාහන  නෞකාවක් පිටත් කළ බව ඊයේ (13) දැන්විණි. ඊට දහස් සංඛ්‍යාත  එක්සත් ජනපද හමුදා භට පිරිසක්, ප්‍රහාරක යානා, මිසයිල නාශක පද්ධති මෙන්ම අධි බල අවි සහ ආරක්ෂක පද්ධති ද ඇතුළත් ය.

ජනපති ට්‍රම්ප්, ඊයේ උතුරු කැරොලීනා යුද කඳවුරේදී, එක්සත් ජනපද හමුදා ඇමතීය. ඉරානය සමග එකඟතාවකට පැමිණීම අපහසු බව ඔහු සිය හමුදාවන්ට දන්වා සිටියේය.

"සමහර වෙලාවල්වලදී අප ඇත්තටම බිය විය යුතුයි. අන්න ඒ වෙලාවට තමා අපට නිසැකවම, තත්ත්වය හරියටම පාලනය කරගන්න පුළුවන්," ඔහු පැවසීය.  

ඉරානය සම්බන්ධයෙන් සියළු තුරුම්පු දැන් ඇත්තේ ජනපති ට්‍රම්ප් සතුව බව ධවල  මන්දිරය කියයි. "ඔහු ගැටළුවක් පිලිබඳ අවසන් තීරණයට කලින් විවිධ පැතිකඩින්, විවිධ කෝණයන්ගෙන් හොඳින් සවන් දෙනවා. එහෙත්, ඔහු අවසන් තීරණයට එළඹෙන්නේ, අප රටේ ආරක්ෂාව සහ ජාතික ආරක්ෂාව මත පිහිටා පමණයි," ධවල මන්දිර ප්‍රකාශිකා, ඇන්නා කෙලී පවසයි.

(සටහන |Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
2/14/2026
(harshaprs@yahoo.com)

මුලාශ්‍රය :

Exclusive: US military preparing for potentially weeks-long Iran operations

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...