BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
විදේශ

'ඉරාන වැසියන්ගේ ජීවිත බේරා ගැනීමට වහා මැදිහත්වන්න' - අවසන් රජුගේ පුත් ජනපති ට්‍රම්ප්ගෙන් ඉල්ලයි

T

The Leader Desk

February 15, 2026 • 5:45 AM

'ඉරාන වැසියන්ගේ ජීවිත බේරා ගැනීමට වහා මැදිහත්වන්න' - අවසන් රජුගේ පුත් ජනපති ට්‍රම්ප්ගෙන් ඉල්ලයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඉරානයේ න්‍යෂ්ටික වැඩපිළිවෙළ පිලිබඳ සාකච්ඡාකරමින් කල් නොමරා වහා සතුරාට පහර දෙන ලෙස එරට අවසන් රජුගේ පුත් රේසා පහ්ලවී ඊයේ (14) ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පරිපාලනයෙන් ඉල්ලා සිටියි.
  •   ඉරාන දැඩි මතධාරී මූලධර්මවාදී රජය බිඳ වැටීමට ඉතා ආසන්න බව, ඔහු රොයිටර්ස් පුවත් සේවය සමග පැවති සාකච්ඡාවකදී පැවසීය.
  • එක්සත් ජනපද ප්‍රහාරයකින් එය තව දුරටත් දුර්වල කළ හැකි හෝ බිඳ වැටීම වේගවත් කළ හැකි බවත් ඔහු කියා සිටී.
  • ඔහු එබව කියා සිටියේ, මියුනිච් ආරක්ෂක සමුළුව පැවැත්වෙන අතරවාරයේ ය.
අකුරු ප්‍රමාණය (Font Size):


ඉරාන සිවිල් වැසියන් ඝාතනය වීම වලක්වාලිය හැක්කේ එක්සත් ජනපද සන්නද්ධ මැදිහත්වීමකින් පමණක් බව, ඔහු අවධාරණය කරයි.

 

reza

ඉරාන දැඩි මතධාරී මූලධර්මවාදී රජය බිඳ වැටීමට ඉතා ආසන්න බව, ඔහු රොයිටර්ස් පුවත් සේවය සමග පැවති සාකච්ඡාවකදී පැවසීය. එක්සත් ජනපද ප්‍රහාරයකින් එය තව දුරටත් දුර්වල කළ හැකි හෝ බිඳ වැටීම වේගවත් කළ හැකි බවත් ඔහු කියා සිටී.

ඔහු එබව කියා සිටියේ, මියුනිච් ආරක්ෂක සමුළුව පැවැත්වෙන අතරවාරයේ ය. ඉරාන බලධාරීන්ට එම සමුළුව තහනම් කෙරිණි.

"දැන් ඇත්තේ කාලය පිලිබඳ ප්‍රශ්නයක් පමණයි. මේ ප්‍රහාරය දැන් ම සිදුකරන්න. එවිට ජනතාවට වීදි බසීවී. මේ අන්තවාදී රාජ්‍යයේ ඉතිරිය ඔවුන් විසින් බිඳ විනාශ කර දමාවි," පහ්ලවී පැවසීය.

 



1979 වසරේ ඉස්ලාමීය විප්ලවයෙන් එවක, සිය පියාගේ නායකත්වයෙන් යුත් රජය පෙරළා දැමූ තැන් සිට ඉරානයෙන් බැහැරව වාසය කළ ඔහු මේ වන විට, එක්සත් ජන්දය කේන්ද්‍ර කොට වෙසෙයි.

මෙවර ඉරාන අරගලයෙන් විශාල පිරිසක් මරුමුවට පත් ව ඇතැයි, විදෙස් මාධ්‍ය වාර්තා කරයි. තවත් සිවිල් වැසියන් දහස් ගණනක් රාජ්‍ය අත්අඩංගුවේ පසුවෙති. රාජ්‍ය වෑයම මර්දනකාරී ක්‍රියා පිළිවෙතක් මගින්, තව දුරටත් රජයට එරෙහි ජන අරගල හටගැනීම වැලැක්වීමයි.

ඉකුත් දෙසැම්බර 28 දා ටෙහෙරානයේ ග්‍රෑන්ඩ් බසාර් හිදී, ජන අරගලය මුලින්ම හට ගත්තේය. ආර්ථික දුෂ්කරතා මුල් කර හට ගත්  එම අරගලය සැණින් රජයට එරෙහි කැරැල්ලක් ලෙස රට පුරා ව්‍යාප්ත විය.  

(සටහන |Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
2/15/2026
(harshaprs@yahoo.com)

මුලාශ්‍රය :

Son of Iran's last shah urges US military intervention in Iran

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...