BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
විදේශ

'සාකච්ඡා කැඩුණොත් පහර දෙනවා' - ට්‍රම්ප්ගෙන් ඉරානයට තර්ජන

T

The Leader Desk

February 17, 2026 • 6:31 AM

'සාකච්ඡා කැඩුණොත් පහර දෙනවා' - ට්‍රම්ප්ගෙන් ඉරානයට තර්ජන

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එක්සත් ජනපදය සහ ඉරානය අතර තවත් සාකච්ඡා වටයක් අද (17) ජිනීවා හි දී පැවැත්වේ.
  • ටෙහෙරානය යම් යහපත් ගනුදෙනුවකට එකඟ වනු ඇතැයි අනුමාන කරන බව ද ඔහු පැවසීය.
  • සාකච්ඡා අසාර්ථක වුවහොත් ඉරානයට ප්‍රහාර එල්ල කරන බව ජනපති ට්‍රම්ප් විසින්  තර්ජනය කර තිබේ.
  • න්‍යෂ්ටික අවියක් තැනීමේ ඉරාන යුරේනියම් පෝෂණ ව්‍යාපෘතිය අත්හරින්න ලෙස වොෂින්ටනය බල කර සිටියේය.
අකුරු ප්‍රමාණය (Font Size):

වක්‍රාකාරයෙන් ඊට සම්බන්ධ වන බව ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ (16) පැවසීය. ටෙහෙරානය යම් යහපත් ගනුදෙනුවකට එකඟ වනු ඇතැයි අනුමාන කරන බව ද ඔහු පැවසීය.

සාකච්ඡා මධ්‍යයේ, මැද පෙරදිග එක්සත් ජනපද හමුදා ශක්තිය තව දුරටත් තර කෙරෙමින් පවතී. කුමන හෝ මොහොතෙක ඉරානයට පහර දීමට අණ ලැබෙන තෙක් එම හමුදා සීරුවෙන් පසුවෙති. සාකච්ඡා අසාර්ථක වුවහොත් ඉරානයට ප්‍රහාර එල්ල කරන බව ජනපති ට්‍රම්ප් විසින්  තර්ජනය කර තිබේ.

 

පසුගිය ජුනි මස එක්සත් ජනපදය විසින් ඉරානයට ප්‍රහාර එල්ල කිරීමට ප්‍රථම ඉරානයේ න්‍යෂ්ටික වැඩපිළිවෙළ පිලිබඳ දෙරට අතර සාකච්ඡා අසාර්ථක විය. න්‍යෂ්ටික අවියක් තැනීමේ ඉරාන යුරේනියම් පෝෂණ ව්‍යාපෘතිය අත්හරින්න ලෙස වොෂින්ටනය බල කර සිටියේය.

ඉරාන විදේශ අමාත්‍ය, අබ්බාස් අරඛ්චි ඊයේ එක්සත් ජාතීන්ගේ න්‍යෂ්ටික නිරීක්ෂණ ප්‍රධානියා හමු විය.

ඉරානය සතු යැයි පැවසෙන කි.ග්‍රෑ.440ක න්‍යෂ්ටික සංචිතයට සිදු වූයේ කුමක්දැයි ජාත්‍යන්තර පරමාණු බලශක්ති අධිකාරිය මාස ගණනක සිට එරටින් විමසමින් සිටී. එම නිරීක්ෂණ කටයුතු යළි ඇරඹීමට ඉඩ ප්‍රස්ථා සලසන ලෙස එය දිගින් දිගටම බල කර සිටී.

me6aej4jtrow3lxboih7zdduoy 4980037 20250217213640

 

තම රටට එරෙහි කිනම් ප්‍රහාරයකදී හෝ හෝර්මුස් සමුද්‍ර සන්ධිය වසා දමන බවට ඉරානය තර්ජනය කරයි. එමගින් ලොව තෙල් ප්‍රවාහනයෙන් පහෙන් එකක් මුළුමනින්ම අඩාල වන අතර තෙල් මිල අතිශය තීව්‍ර ලෙස ඉහළ යනු ඇත.  හෝර්මුස් සමුද්‍ර සන්ධිය යනු ගල්ෆ් අරාබි රාජ්‍යයන්හි සිට බොර තෙල් අපනයනය කෙරෙන ප්‍රධාන සමුද්‍ර මාවතකි. ඉරානය ඊයේ එහි යුධ අභ්‍යාසයක් ද පැවැත්වීය.

(සටහන |Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
2/17/2026
(harshaprs@yahoo.com)

මුලාශ්‍රය :

Trump says he will be involved indirectly in Iran talks

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...