BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
විදේශ

යුදෙව්වන්ට බටහිර ඉවුරේ ඉඩම් මිලදී ගැනීමට අනුමැතිය හිමිවේ

T

The Leader Desk

February 17, 2026 • 8:31 AM

යුදෙව්වන්ට බටහිර ඉවුරේ ඉඩම් මිලදී ගැනීමට අනුමැතිය හිමිවේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • බටහිර ඉවුරේ ඉඩම් ලියාපදිංචියට ඊශ්‍රායල පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමිවේ. ඒ සමග එහි ඊශ්‍රායල පාලන බලය තවදුරටත් තහවුරු කර තිබේ.
  • බටහිර ඉවුරේ පලස්තීන රාජ්‍යයක් බිහිවීම ඊශ්‍රායලයට ප්‍රබල තර්ජනයක් බව ඔහු කියා සිටී.
  • බටහිර ඉවුරේ ජනාවාසයන්හි පදිංචි බහුතර යුදෙව් ජනයා ඔහුගේ සන්ධාන රජයේ පාක්ෂිකයෝ වෙති.
  • 1967 පැවති මැද පෙරදිග යුද්ධයෙන් පසු ඊශ්‍රායලය බටහිර ඉවුර බලහත්කාරයෙන් අත්පත් කර ගත්තේය.
අකුරු ප්‍රමාණය (Font Size):


නව අනුමැතිය යටතේ  යුදෙව්වන්ට එහි ඉඩම් මිලදී ගැනීමේ අයිතිය හිමිවේ. එය සිය නිජබිම බලහත්කාරයෙන් ඊශ්‍රායලට ඈඳා ගැනීමකැයි, පලස්තීන ජනයා කියා සිටිති.

පලස්තීනුවෝ බටහිර ඉවුරේ අනාගත ස්වෛරී රාජ්‍යයක් ඉදි කිරීමේ සිහිනයක පසුවෙති. වත්මන එහි බහුතර පාලනය ඊශ්‍රායල හමුදා යටතේ පවතී. පලස්තීන ස්වයං පාලනය යටතේ පවත්නේ සීමිත සුළුතර කොටසකි. එය බටහිර සාහාය හිමි පලස්තීන අධිකාරිය විසින් පාලනය කෙරේ.

 

මෙම වසර අග ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා ජාතික මැතිවරණයකට මුහුණ දෙන්නේය. බටහිර ඉවුරේ පලස්තීන රාජ්‍යයක් බිහිවීම ඊශ්‍රායලයට ප්‍රබල තර්ජනයක් බව ඔහු කියා සිටී. බටහිර ඉවුරේ ජනාවාසයන්හි පදිංචි බහුතර යුදෙව් ජනයා ඔහුගේ සන්ධාන රජයේ පාක්ෂිකයෝ වෙති.

1967 පැවති මැද පෙරදිග යුද්ධයෙන් පසු ඊශ්‍රායලය බටහිර ඉවුර බලහත්කාරයෙන් අත්පත් කර ගත්තේය. බයිබලයට සහ ඓතිහාසික සාධක අනුව එය යුදෙව් රාජ්‍යය සතු බව ඊශ්‍රායලය කියයි.

medias 425923 735280

"බටහිර ඉවුරේ අපගේ විප්ලවය අඛන්ඩයි. එහි සියලු භූමි ප්‍රදේශයන්හි අපගේ පාලනය තවදුරටත් ශක්තිමත් කෙරෙමින් පවතී," ඊශ්‍රායල මුදල් අමාත්‍ය, බෙසලෙල් ස්මොට්‍රිච් කියා සිටී.

බටහිර ඉවුරේ ඉඩම් ලියාපදිංචිය එරට ජාතික ආරක්ෂාවේ අත්‍යවශ්‍ය කරුණක් බව ආරක්ෂක අමාත්‍ය, ඉශ්‍රයෙල් කැට්ස් පවසයි. පලස්තීන අධිකාරිය විසින් ප්‍රවර්ධිත අනීතික ඉඩම් ලියාපදිංචි ක්‍රියාවලියට ප්‍රතිචාර ලෙස එය ක්‍රියාත්මක කරන බව ඔහු අවධාරණය කරයි.  

(සටහන |Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
2/17/2026
(harshaprs@yahoo.com)

මුලාශ්‍රය :

Israeli cabinet approves West Bank land registration, Palestinians condemn 'de-facto annexation'

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...