BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
විදේශ

ඉරානය හොර්මුස් සමුද්‍ර සන්ධිය වසා දමයි !

T

The Leader Desk

February 17, 2026 • 3:28 PM

ඉරානය හොර්මුස් සමුද්‍ර සන්ධිය වසා දමයි !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඉරාන රජය පෙරළීමේ එක්සත් ජනපද කුමන්ත්‍රණය නිසැක පරාජය දකින බව ඉරානයේ අධ්‍යාත්මික නායක,
  • සාකච්ඡා ඇරඹී පැය කිහිපයකට පසු ඉරානය, හෝර්මුස් සමුද්‍ර  සන්ධිය තාවකාලිකව වසා දමන බව එරට ෆාර්ස් ප්‍රවෘත්ති  ඒජන්සිය දැනුම් දුන්නේය.
  • ආරක්ෂක හේතූන් මත එම පියවර ගත් බව ඉරානය පවසයි.
  • ඉරානයට එරෙහි සන්නද්ධ ප්‍රහාරයක දී එය මුලුමනින් වසා දමන බවට ටෙහෙරානය මීට පෙර තර්ජනය කළේය.
අකුරු ප්‍රමාණය (Font Size):

අයතොල්ලා අලි ඛමෙනි අද (17) අනතුරු ඇඟවීය. ඒ, දෙරට අතර වක්‍ර තලයේ රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා ද පැවැත්වෙන අතරය.

සාකච්ඡා ඇරඹී පැය කිහිපයකට පසු ඉරානය, හෝර්මුස් සමුද්‍ර  සන්ධිය තාවකාලිකව වසා දමන බව එරට ෆාර්ස් ප්‍රවෘත්ති  ඒජන්සිය දැනුම් දුන්නේය. ආරක්ෂක හේතූන් මත එම පියවර ගත් බව ඉරානය පවසයි.

ලොව ප්‍රධානතම, ජාත්‍යන්තර තෙල් ප්‍රවාහන සමුද්‍ර මාවතක් වන එහි, මේවන විට ඉරාන හමුදා අභ්‍යාස ක්‍රියාත්මකය. ඉරානයට එරෙහි සන්නද්ධ ප්‍රහාරයක දී එය මුලුමනින් වසා දමන බවට ටෙහෙරානය මීට පෙර තර්ජනය කළේය.

එක්සත් ජනපදයට සිය රජය බලහත්කාරයෙන් පෙරළිය නොහැකි බව, අද සාකච්ඡා ආම්භ වීමත් සමග ඉරාන නායක ඛමෙනි කියා සිටියේය.

"ලොව ශක්තිමත්ම හමුදාව තමන් සතු යැයි, එක්සත් ජනපද නායකයා උදම් අනනවා. එහෙත්, එක කණේ පහරකින් එම හමුදාව නොනැගිටින සේ සමතලා කර දැමිය හැකියි," ඔහු තර්ජනය කළේය.

(සටහන | Reuters ඇසුරින්: හර්ෂ උදයකාන්ත පීරිස් )
17 Feb.2026


මුලාශ්‍රය :

Iran partially shuts Strait of Hormuz as US, Iran hold nuclear talks


 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...