BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
විදේශ

සැක කටයුතු ඉරාන නව ක්‍රියාකාරකම් ගැන චන්ද්‍රිකා ඡායාරූප එළියට

T

The Leader Desk

February 19, 2026 • 3:55 AM

සැක කටයුතු ඉරාන නව ක්‍රියාකාරකම් ගැන චන්ද්‍රිකා ඡායාරූප එළියට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඉරානය සංවේදී සන්නද්ධ කලාපයක් තුළ අලුතින් සිදු කළ ඉදිකිරීමකට ඉහළින් තැණූ කොන්ක්‍රීට් ආවරණයක ඡායාරූප චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ අනාවරණය කර තිබේ. එම ආවරණය නොපෙනෙන සේ පසින් වසා දැමීමට ද ඔවුන් විසින් කටයුතු කර ඇත. එය 2024 වසරේ ඊශ්‍රායල බෝම්බ ප්‍රහාරයන්ට ලක් වූ ස්ථානයක් බව ද වාර්තා වේ.
  • ඊට ගොදුරු වූ භූගත න්‍යෂ්ටික කලාපයකට ඇතුළුවන උමං මාර්ග වසා  දමා ඇති අකාරය ද නව චන්ද්‍රිකා ඡායාරූප ඔස්සේ අනාවරණය කර ඇත.
  • තවත් ස්ථානයක ශක්තිමත් නව උමං පිවිසුමක් තනා ඇති ආකාරය සහ එක්සත් ජනපද - ඊශ්‍රායල ප්‍රහාරයන්ගෙන් විනාශයට පත් මිසයිල මධ්‍යස්ථාන අලුත්වැඩියා කර ඇති අන්දම ද එහි දක්නට ලැබේ.
  •   එක්සත් ජනපදයේ සහ ඊශ්‍රායලයේ සැකයට බඳුන්ව පවතින එම සංවේදී කලාපයන්හි ඉරානය විසින් නව ක්‍රියාකාරකම් සිදු කර ඇති බවට එමගින් විස්වසනීය සාධක මතු වන බව විශේෂඥයෝ පවසති.
අකුරු ප්‍රමාණය (Font Size):


එම වසරේ දින 12ක් පුරා පැවති ඉරාන - ඊශ්‍රායල ගැටුමේදී, එක්සත් ජනපදය විසින් ද ඉරානයේ න්‍යෂ්ටික මර්මස්ථාන සොයා ගුවනින් බෝම්බ හෙලීය. ඊට ගොදුරු වූ භූගත න්‍යෂ්ටික කලාපයකට ඇතුළුවන උමං මාර්ග වසා  දමා ඇති අකාරය ද නව චන්ද්‍රිකා ඡායාරූප ඔස්සේ අනාවරණය කර ඇත. තවත් ස්ථානයක ශක්තිමත් නව උමං පිවිසුමක් තනා ඇති ආකාරය සහ එක්සත් ජනපද - ඊශ්‍රායල ප්‍රහාරයන්ගෙන් විනාශයට පත් මිසයිල මධ්‍යස්ථාන අලුත්වැඩියා කර ඇති අන්දම ද එහි දක්නට ලැබේ.

 

ZQIUQAL26JAYPI4NLYPS3FPMII

එක්සත් ජනපදයේ සහ ඊශ්‍රායලයේ සැකයට බඳුන්ව පවතින එම සංවේදී කලාපයන්හි ඉරානය විසින් නව ක්‍රියාකාරකම් සිදු කර ඇති බවට එමගින් විස්වසනීය සාධක මතු වන බව විශේෂඥයෝ පවසති. ඕමානයේ මැදිහත්වීමෙන් දැනට ක්‍රියාත්මක එක්සත් ජනපද - ඉරාන රාජ්‍යතාන්ත්‍රික සාකච්ඡා අසාර්ථක වුවහොත් ඉරානයට ප්‍රහාර එල්ල කරන බවට ජනපති, ඩොනල්ඩ් ට්‍රම්ප් තර්ජනය කර සිටී.

ටෙහෙරානයට කි.මී. 30ක් පමණ අගිනිදිගින් පිහිටි පාර්චින්  සංකීර්ණය ඉරානයේ අති සංවේදී හමුදා මධ්‍යස්ථාන අතුරින් එකක් බව හඳුනා තිබේ. දශක දෙකකට පමණ ඉහත, ඉරානය එහි න්‍යෂ්ටික අවි අත්හද බැලීම් සිදු කර ඇති බවට බටහිර බුද්ධි වාර්තා සනාථ කරයි.

 




(සටහන |Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
2/19/2026
(harshaprs@yahoo.com)


මුලාශ්‍රය :

Satellite images show Iran repairing and fortifying sites amid US tensions

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...