BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
විදේශ

ගාසා වැසියෝ සුන්බුන් අතරේ රාමදාන් උපවාසය අරඹති

T

The Leader Desk

February 19, 2026 • 10:59 AM

ගාසා වැසියෝ සුන්බුන් අතරේ රාමදාන් උපවාසය අරඹති

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ලොව පුරා ඉස්ලාමීය බැතිමතුන් හා එක්ව ගාසා තීරයේ ද ඊයේ (18) රාමදාන් උපවාසය ආරම්භ විය.
  • යුද්ධයෙන් විනාශයට පත් ගාසා නගරයේ අල් හසෙයිනා මුස්ලිම් දේවස්ථානය වටා අද ඇත්තේ සුන්බුන් පමණි.
  • දේවස්ථානය පුරා රෙදිවැල් ඇද ඇති අයුරු දක්නට ලැබේ.
  • 2023 ඔක්තෝබර 7 දා, ඊශ්‍රායලයේ කිබුට්ස් වෙත එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පුද්ගලයින් 1,200ක් ඝාතනය වූහ.
අකුරු ප්‍රමාණය (Font Size):

ඒ වෙනුවෙන් එහි වෙසෙන පලස්තීනුවෝ යුද්ධයෙන් විනාශයට පත් මුස්ලිම් දේවස්ථාන සහ තාවකාලික යාඥා මධ්‍යස්ථාන කරා රොක් වූහ. එහිදී ඔවුහු යුද්ධයෙන් ජීවිතක්ෂයට පත් සිය නෑ හිතවතුන් සහ විනාශයට පත් ආගමික සිද්ධස්ථාන ද සිහිපත් කළහ.

යුද්ධයෙන් විනාශයට පත් ගාසා නගරයේ අල් හසෙයිනා මුස්ලිම් දේවස්ථානය වටා අද ඇත්තේ සුන්බුන් පමණි. විනාශ නොවී ඉතිරි වූ එහි ගෝලාකාර කොටස ඒ අතරින් දිස්වේ. කලක් ඉස්ලාම් භක්තිකයින්ගෙන් පිරී ඉතිරී ගිය එය  අද තාවකාලික නවාතැනකි.  අවතැන් පලස්තීනුවෝ අද එහි නටඹුන් අතර  ඉවුම් පිහුම් කර රැය  පහන් කරති. දේවස්ථානය පුරා රෙදිවැල් ඇද ඇති අයුරු දක්නට ලැබේ. කුඩා ළමෝ විනාශයට පත් දේවස්ථානයේ නටඹුන් අතර දුව පැන යති. ස්ත්‍රීහු, හිරු රැසින් වේලා ගත් ඇඳුම් එකතු කරමින් සිටිති.

wTrWng2F

 

කලක් ඔවුහු එහි සුව පහසුව යාඥා කළහ. මිතුරන් සහ ආදරණීයයන් හමු වූහ.  ගාසා හි අන් පෙදෙස්  වෙතින් ද ඒ වෙත දහස් සංඛ්‍යාත බැතිමතුන් පැමිණියහ.  ඒ කිසිවෙක් අද එහි නැත. දේවස්ථානය ද නැත.

2023 ඔක්තෝබර 7 දා, ඊශ්‍රායලයේ කිබුට්ස් වෙත එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පුද්ගලයින් 1,200ක් ඝාතනය වූහ. තවත් පිරිසක් ප්‍රාණ ඇපයට පත් වූහ. අනතුරුව ඊශ්‍රායල හමුදා ගාසා තීරය වැනසීම ඇරඹුහ.  එම  ගුවන් සහ පාබල හමුදා ප්‍රහාරවලින් පලස්තීනුවෝ 72,000කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත් වූහ.

ඊශ්‍රායල හමුදා, මුස්ලිම් දේවස්ථාන 835ක් මුළුමනින් විනාශ කර ඇතැයි හමාස් පාලනය යටතේ පවතින  ගාසා රජයේ මාධ්‍ය කා ර් යා ල ය කියයි. තවත් මුස්ලිම් දේවස්ථාන 180ක් අර්ධ වශයෙන් විනාශයට පත් ව  තිබේ. කිතුනු දේවස්ථාන ද ඊශ්‍රායල ප්‍රහාරයන්ට නතු වූ බව එම කාර්යාලය පවසයි. ඊශ්‍රායල හමුදා, ගාසා සුසාන භූමි 60න් 40ක් ද  වනසා දැමූහ. සතුරු ඉලක්ක වෙත පමණක් ප්‍රහාර එල්ල කළ බව පවසන ඊශ්‍රායල හමුදා, හමාස් ත්‍රස්තවාදීන් පොදු ස්ථාන පලිහක් කර ප්‍රහාරයේ නිරත වූ බවට චෝදනා කරති.

 

ගාසා හි මුස්ලිම් දේවස්ථාන විනාශ කිරීම පලස්තීනුවන්ට අධ්‍යාත්මිකව මෙන්ම සාමාජිකව ද බලපා තිබේ.

සුන්බුන් අතර හමුවන ප්‍රතිචක්‍රීකරණය කළ හැකි ප්ලාස්ටික් තහඩු  සහ දැව යොදා ගනිමින් ඉදි කළ තාවකාලික දේවස්ථාන සහ අවතැන් කූඩාරම් තුල පලස්තීනුවෝ යාඥාවේ යෙදෙති. මේ වන විට තාවකාලික යාඥා මධ්‍යස්ත්නා 430ක් යළි තනා තිබේ.

(සටහන |Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
2/19/2026
(harshaprs@yahoo.com)

මුලාශ්‍රය :

Ramadan begins in Gaza amid ruins of shattered mosques

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...