BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
විදේශ

ඉරාන යුද්ධයට එක්සත් ජනපදය දින දෙයි

T

The Leader Desk

February 20, 2026 • 7:27 AM

ඉරාන යුද්ධයට එක්සත් ජනපදය දින දෙයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඉරානය සිය න්‍යෂ්ටික වැඩපිළිවෙළ පිලිබඳ අවසන් එකඟතාවකට නොපැමිණේ නම්, එහි විපාක අතිශය දරුණු විය හැකි බව එක්සත් ජනපද ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ (19) අනතුරු ඇඟවීය.
  • ඉරානයට ප්‍රහාර එල්ල කළ හොත්, මැද පෙරදිග එක්සත් ජනපද හමුදා කඳවුරු වෙත ප්‍රති ප්‍රහාර එල්ල කරන බවට ටෙහෙරානය විසින් අනතුරු අඟවා ඇත.
  • ඉරානය සමග තව දුරටත් සාකච්ඡා කරන මුත්,  අර්තවන්විත විසඳුමකට ඔවුන් කඩිනමින්  එකඟ විය යුතු බව, ට්‍රම්ප් පරිපාලනය පවසයි.
  • එසේ නොවන්නේ නම්, ඉරානයට සැබවින්ම අනිටු ප්‍රති විපාකයන්ට මුහුණ දීමට සිදුවන බව වොෂින්ටනයේ පැවති සිය ප්‍රථම සාම මණ්ඩල හමුව අමතමින් ජනපති ට්‍රම්ප් ප්‍රකාශ කළේය.
අකුරු ප්‍රමාණය (Font Size):


ඒ සඳහා ලබා දිය හැක්කේ තවත් දින 10 -15 අතර කාලයක් පමණක් බව ද ඔහු අවධාරණය කළේය.

මේ වන විටත් මැද පෙරදිග එක්සත් ජනපද හමුදා තර කර තිබේ. ඉරානයට ප්‍රහාර එල්ල කළ හොත්, මැද පෙරදිග එක්සත් ජනපද හමුදා කඳවුරු වෙත ප්‍රති ප්‍රහාර එල්ල කරන බවට ටෙහෙරානය විසින් අනතුරු අඟවා ඇත.

ඉරානය සමග තව දුරටත් සාකච්ඡා කරන මුත්,  අර්තවන්විත විසඳුමකට ඔවුන් කඩිනමින්  එකඟ විය යුතු බව, ට්‍රම්ප් පරිපාලනය පවසයි.

එසේ නොවන්නේ නම්, ඉරානයට සැබවින්ම අනිටු ප්‍රති විපාකයන්ට මුහුණ දීමට සිදුවන බව වොෂින්ටනයේ පැවති සිය ප්‍රථම සාම මණ්ඩල හමුව අමතමින් ජනපති ට්‍රම්ප් ප්‍රකාශ කළේය.

"ගිය අවුරුද්දෙ ජුනි මාසේ අපි ඉරානයට පහර දුන්නා. ඔවුන්ගේ න්‍යෂ්ටික ශක්තිය දශමෙට බැස්සුවා. දැන්, අපිට තියෙන්නේ, තව ටිකක් ඉස්සරහට යනවද, නැද්ද කියන ප්‍රශ්නේ විතරයි. උපරිම දෙන්න පුළුවන් තව දවස් 10 - 15ක් විතරයි. ඊට වඩා නම් කොහෙත්ම බෑ," සිය නිල ගුවන් යානයේ සිට මාධ්‍යවේදීන් ඇමතූ ජනපතිවරයා පැවසීය.

iranb5ub5

 

මේ අතර,  ඉරාන රජය විසින් එක්සත් ජාතීන්ගේ මහ ලේකම්, අන්තෝනියෝ ගුටෙරෙස් වෙත ලිපියක් නිකුත් කර තිබේ. ටෙහෙරානය යුද්ධයක් පිණිස ඉක්මන් නොවන බවත්, කෙසේ වෙතත්, යම් සන්නද්ධ "උසි" ගැන්වීමකදී, ආත්මාරක්ෂාව  පිලිබඳ අයිතීන් යටතේ තීරණාත්මක සහ සමානුපාතික ලෙස ප්‍රතිචාර දක්වන බවත් එහි සඳහන් ය.  ඒ අනුව, කලාපයේ ස්ථාපිත සියලු සතුරු කඳවුරු, පහසුකම් මෙන්ම ඊට අයත් සම්පත් ඉරානයේ නිසැක ඉලක්ක බව ද එහි දැක්වේ.

"එම සියලු විපත් හි වගකීම එක්සත් ජනපදය සතුය," යනුවෙන් එහි වැඩි දුරටත් සඳහන් කර තිබේ.

ඉරානය වෙත එල්ල කෙරෙන ජනපති ට්‍රම්ප්ගේ බෝම්බ තර්ජන හේතුවෙන් ගෝලීය තෙල් මිල ස්ථාවරත්වයෙන් ගිලිහීමේ අවදානමේ පවතී.

ඊයේ, ඕමාන ගල්ෆ් තුඩුවේ පැවති ඉරාන හමුදා අභ්‍යාස සඳහා රුසියානු යුද නෞකාවක් ද එක් විය.

(සටහන |Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
2/20/2026
(harshaprs@yahoo.com)

මුලාශ්‍රය :

Trump warns Iran of 'bad things' if no deal made, sets deadline of 10-15 days

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ඉරාන යුද්ධයට එක්සත් ජනපදය දින දෙයි | The Leader